ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ වීඩියෝව සමාජගත කළ යූ ටියුබ් නාලිකාව වන SL Vlogs හි හිමිකරු බෲනෝ දිවාකර අද (28) ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකයට කැඳවා ඇත. Sri Lanka Latest News
නතාෂා එදිරිසූරිය විසින් ප්‍රසංගයකදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
නතාෂාගේ අදාළ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර,පසුගිය ජූනි 21 වැනිදා ඇප මත මුදාහරින ලදී.










