1993 වසරේ සිට 2023 දක්වා වූ දශක තුනක කාලය තුළ, යූආන් බිලියන 2.21 කට වඩා වටිනා මුදල් සහ දේපළ අල්ලස් වශයෙන් ලබා ගත් යැං නමැති විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව මරණ දඩුවම නියම කිරීමට චීනය කටයුතු කර තිබේ.Sri Lanka Latest News
යැං විසින් අල්ලස් ලෙස ලබාගෙන ඇති මුදල් සහ දේපළවල වටිනාකම ඩොලර්වලින් ගත් විට ඩොලර් මිලියන 325 කි.
ව්‍යාපෘති භාර ගැනීම, ව්‍යාපාර මෙහෙයුම් සහ ඉඩම් ප්‍රදාන ආදී කටයුතුවල දී අදාල නිළධාරියා විසින් මෙසේ අල්ලස් ගැනීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
මාර්තු සහ අප්‍රේල් මාසවල දින දෙකක දී නඩු විභාගය පවත්වා ඇති අතර, තමන් කළ වරද යැං විසින් පිළිගෙන තිබේ.
ඒ අනුව, ඔහුට එරෙහිව මරණ දඩුවම නියම කර තිබෙන අතර, ඔහුගේ සියලු දේපළ රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.











