යෞවන සමාජ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ බල අවශ්‍යතාව මත දේශපාලනීකරණය කිරීමට විරුද්ධව යෞවන සමාජ තරුණ තරුණියන් කොළඹට ගෙන්වා පැවැත්වීමට යන දැවැන්ත විරෝධතාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.Sri Lanka Latest News
වාර්තා වන ආකාරයට අගෝස්තු 6 වනදා දිවයින පුරා යෞවන සමාජ 7000ක සාමාජික සාමාජිකාවන් මේ සඳහා එක්වීමට නියමිතව තිබේ.
ශ්‍රීලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදයේ හිටපු සභාපති රවීන්ද්‍ර ප්‍රදීප් කුලසිංහ මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ ආණ්ඩුව විසින් ඊට සහාය දක්වන යෞවන සමාජ පමණක් එක්කර ගනිමින් අගෝස්තු 12 වනදා පැවැත්වීමට යන යෞවන සමාජ සම්මේලනයට විරෝධය දැක්වීම මෙහි ප්‍රධානතම අරමුණ වී ඇති බවයි.
ඒ අනුව දිවයින පුරා සිටින යෞවන සමාජ නියෝජිතයන් කොළඹ පැමිණ කඳවුරු බැඳ යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට එරෙහිව විරෝධය දක්වන බවද ඔහු පවසා තිබේ.










