සෞඛ්‍ය ගැටළුවට බලධාරීන් විසදුම් නොදීමට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල ‘කළු විරෝධතා සතියක්’ සහ මහජන පෙත්සමකට අත්සන් කිරීමේ විරෝධතාවක් අද (5) සිට ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව පවසනවා.Sri Lanka Latest News
පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සාකච්ඡා ඉල්ලා තිබුණා. ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොමැති වීම නිසා මෙම තීරණය ගත් බව සභාපතිවරයා සඳහන් කළා.










