යතුරුපැදිකරුවෙකු විසින් ඔහු අත තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිතයෙන් බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ දී ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පහරදීමක් ඊයේ (12) සවස සිදුවී ඇති අතර, වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එලෙස පහරදුන් සැකකාර යතුරුපැදිකරුව හඹාගොස් සුළු කාලයක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
සැකකරු විසින් වාහන 4කට පමණ අලාභ හානි සිදුකර ඇතැයි තොරතුරු අනාවරණය වුණි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 29 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (13) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිස් ස්ථානය විසින් සිදුකරයි.










