චීන එන්නත ලංකාවට ගෙන්වීම හරහා බැදුම්කර වංචාවෙන් සිදුවුණා යැයි කියන මුදලට වඩා වැඩි මුදලක්, එනම් බිලියන 14ක් ලංකාවට පාඩු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ චීනය බංග්ලාදේශයට එන්නත ලබා දෙන්නේ ඩොලර් 10කට බව බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කොට ඇති බවකි.
නමුත් අප ඩොලර් 15කට එන්නත ලබා ගන්නා බවත්, ඒ බව කියද්දී ආණ්ඩුවේ මඩකරියන් සහ චීන තානාපති කාර්යාලය පිළිතුරු ලබා දීමට ඉදිරිපත් වී ඇති බවත් ඒ මහතා කීය.










