ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සිදුවන බවට අනාවරණ වී තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ පිළිබඳ දැනුවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත (Online) ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවයි.
තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙවැනි වංචනිකයන්ට හසු නොවන ලෙස මහජනතාවට දැනුම් දෙන අතර, මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් විමසීමක් හෝ පැහැදිළි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙස දැනුම් දී සිටී.
madyawediya










