• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුක්කානම අතට ගන්න කලින්…! Sri Lanka Latest News

October 12, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
සුක්කානම අතට ගන්න කලින්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද කාලේ බොහෝ දෙනකුට තියෙන හීනයක් තමයි ලස්සන වාහනයක් පදවාගෙන යන එක. ‘අනේ මටත් කවදා හරි වාහනයක් ගන්න ආසයි… කොහොම හරි වාහනයක් අරගෙන ඩ්‍රයිව් කරගෙන යනවා… මමත් ඩ්‍රයිවින් පුරුදු වෙනවා…’. මේ වගේ බලාපොරොත්තු බොහෝ අය තුළ තියෙනවා. හැබැයි හොඳ රියැදුරු පාසලකට ගිහින්, හොඳින් වාහන පැදවීම පුරුදු වෙලා, රියැදුරු බලපත්‍රයක් අරගෙන මිසක් වාහනයක් අතට ගන්න නරකයි. එහෙම නොවුණොත් වාහනය පදවන කෙනත් අනතුරේ, මහමග යන අයත් අනතුරේ වැටෙන බව මේ කතාව කියවන ඔබට වැටහේවි.Sri Lanka Latest News

පසුගිය පොහෝ දිනයේ ගම්පොළ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ ඉතාම කනගාටුදායක පුවතක්. ඒ, පොහොය දින පෙහෙවස් සමාදන් වීම සඳහා ගම්පොළ දොළුව බිම්බාරාම විහාරස්ථානයට පැමිණි උපාසිකාවන් තිදෙනකු මෝටර් රියක ගැටීමෙන් ජීවිතයෙන් සමුගන්න සිදුවුණු සිදුවීමයි.

අනතුරට මුහුණ දුන්නේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ දානය පිරිනැමීමට පැමිණ සිටි තවත් කාන්තාවන් දෙදෙනකුයි. ඔවුන් දහවල් දානය ගැනීමෙන් අනතුරුව දහවල් 1.30ට පමණ ශරීර කෘත්‍යය සඳහා විහාරස්ථානයෙන් එපිට ඇති වැසිකිළිය වෙත යමින් සිටියා. වැසිකිළිය පිහිටා තිබුණේ පන්සලට තරමක් ඈතින්. එලෙස ගමන් කරමින් සිටි කාන්තාවන් සිවුදෙනා අතරමගදී මෝටර් රථයේ ගැටී තිබුණා.

අනතුරෙන් මියගොස් තිබුණේ රාමනායක මුදියන්සේලාගේ පොඩිමැණිකේ, ලබුගුරුකැලේ විජයසූරිය මුදියන්සේලාගේ මාලනී විජයසූරිය සහ දොළුව ලබුගුරුකැලේ පල්ලේගෙදර අනුලාවතී යන අයයි. අනතුර සිදුවූ අවස්ථාවේදීම කාන්තාවන් දෙදෙනකු මියගිය අතර, අනෙක් කාන්තාව මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතයෙන් සමුගෙන තිබුණා. ගම්පොළ සිට ගුරුකැලේ විල්ලබ දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙනුයි මේ අනපේක්ෂිත අනතුර සිදුව තිබුණේ. අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකළ අනෙක් කාන්තාව වූයේ දොළුව මල්වත්තේගෙදර ශ්‍රීමතී යන අයයි. අනතුර සිදුකළ මෝටර් රථය පදවා තිබුණේ මල්වත්තේ ගෙදර මාලනී වර්ණකුලසූරියගේ පද්මා නදීකා ප්‍රනාන්දු නම් 36 හැවිරිදි කාන්තාවකි. ඇගේ සැමියා විසින් ගම්පොළ සිට එම මෝටර් රථය පදවාගෙන පැමිණ තිබූ අතර, පසුව ඔහු විසින් රථය පැදවීම සිය බිරියට පවරා ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිව තිබුණේ.

අනතුර සිදුවූ ස්ථානයේ සිටි ප්‍රදේශවාසියෙක් පැවැසුවේ ‘අපි දැක්කේ වාහනය දෙපැත්තට ඇලවුණා විතරයි…’ යනුවෙනි.
කාන්තාවන් සිවුදෙනා විහාරස්ථානයෙන් පිටතට පැමිණ වැසිකිළියට යන අවස්ථාවේ පිටුපසින් පැමිණි අදාළ මෝටර් රථය කාන්තාවන්ගේ ගැටී තිබෙනවා. එම අවස්ථාවේ මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයකට සහ මෝටර් රථයටද කාන්තාවන් පිරිස සිරවී ඇති බවයි අනාවරණ වී තිබුණේ. පිටුපසින් පැමිණි මෝටර් රථය ලොරි රථයේ බඳේ වැදී කාන්තාවන් තිදෙනකු යටකරගෙන ඉදිරියට ඇදීගොස් තාප්පයකද ගැටී නැවතී තිබුණා. මෝටර් රථය පැදවූ කාන්තාව එහි තිරිංග යැයි සිතා ඇක්සලරේටරය පෑගීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, සුළු තුවාල ලබා සිටි එම කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය පියවර ගත්තේ.

ගම්පොළ පොලිසිය පැවැසුවේ මෙම අනතුර සිදුකළ කාන්තාව සතුව තාවකාලික රියැදුරු බලපත්‍රයක් තිබූ බවයි. අදාළ කාන්තාව ස්වාමිපුරුෂයා සහ පුතුන් දෙදෙනා සමග විනෝද ගමනක් ගොස් නැවත නිවස බලා යමින් සිට ඇත. අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් දෙදෙනා සහ ස්වාමිපුරුෂයා ද වාහනය තුළ සිට ඇති අතර, අනතුරෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ.

මේ සිද්ධිය දුටු බොහෝ දෙනෙකුගේ හදවත කම්පනයට පත්කරනු ලැබුවේ අනතුර සිදුකළ කාන්තාවගේ දරුවන්, තම අම්මා අත්අඩංගුවට ගන්නා බව දැන හඬාවැටෙන්නට වූ නිසයි. වරදක් කළත් ඇයත් අම්මා කෙනෙක්. ඒ අවස්ථාවේ ඇගේ මුවින් පිටව තිබුණේ ‘මට සමාවන්න තාත්ති. මාව ඇරෙස්ට් කරයිද….? වෙච්ච දේ බලන්නකෝ…. ඔයා ළමයිව අරන් ගෙදර යන්න… මාව අත්අඩංගුවට ගනීද….? අම්මව කොහොමත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා… අඬන්න එපා ඉතිං…..’ යන්නයි.
ඒ අතර මෙවැනි වචනද එම ස්ථානයෙන් ඇසී තිබුණා. මෙයාව ගෙනියන්නේ නැද්ද…? මෙයාට තුවාලයක් නැහැ…’

මොන දේවල් කිව්වත් ඇය අතින් සිදුව ඇත්තේ බරපතළ වරදක්. ඒ වරද යළි කිසිදා නිවැරැද කිරීමට නොහැකියි. වටිනා මිනිස් ජීවිත තුනක් අවසන් හුස්ම හෙළලා ඉවරයි.
මියගිය අය‌ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ මොවුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරදෙන ලෙසයි. එයින් අදහස් කරන්නට ඇත්තේ යම් හෙයකින් මුදල්වලින් වන්දියක් නැතහොත් මෙම කාන්තාව සිරගතකර දඬුවම් ලබාදෙන ලෙස වන්නට ඇති. නමුත් ඒ නැතිවුණු ජීවිත යළිත් ලබාදෙන්නට නම් කාටවත් බැහැ.

අනතුර සිදුකළ කාන්තාව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් ආර්.ජී.එම්.කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කර තිබුණා.
අපි හැමෝම බොහොම කල්පනාවෙන් වාහන පදවන්න ඕනේ. අපට පාලනය කරගත හැකි වේගයකින් නියමිත මංතීරුවේ වාහන ධාවනය කළ යුතුයි.

මේ අනතුර එම කාන්තාව සිතාමතා කළ වරදක් නොවුණත් ඇය කර තිබුණේ බලවත් වරදකි. කවුරුවත් කාවවත් හිතලා අනතුරට ලක් කරන්නේ නැහැ. නිසි රියැදුරු පුහුණුවක් නොමැති අයට මෙවැනි ආකාරයේ තාවකාලික හෝ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඇයට තිබුණේ තාවකාලික පුහුණුවීමේ බලපත්‍රයක් පමණයි. ඒ කියන්නේ ඇය මෑතකදී රියැදුරු පරීක්ෂණය සමත් වුණු කෙනෙක්. ඇය රියැදුරු පරීක්ෂණය සමත් වුණත් රිය ධාවනයේ අත්දැකීම් නැති කෙනෙක්. ඒ වගේම අනතුරට ලක්වූ කාන්තාවන් මාර්ගයේ දකුණු පසින් නොයාමද අනතුරට හේතුවක් ලෙස සඳහන් කළ හැකියි. එසේම මීට වඩා අවධානයෙන් ඔවුන්ටත් ගමන් කරන්නට තිබුණා. අපි පාසල් යන කාලේ කියන්නේ,
‘මහමග ගමන් කරන විට
දුවේ පුතේ ගමන්
දකුණු පැත්තෙන්…’ කියලයි.

නමුත් වර්තමානයේ බොහෝ පදිකයන් සහ රියැදුරන් යන දෙපාර්ශ්වයම මාර්ග නීති නිසි පරිදි නොපිළිපැදීම කනගාටුවට කරුණක්.
එක අතකින් මේ අනතුර සිදුකළ කාන්තාව හරිම අසරණයි. ඇය එය හිතලා කළේ නැහැ. එය අත්වැරැද්දකින් සිදුවුණා විය හැකියි. නමුත් මේ අනතුරෙන් විපතට පත් අය වෙනුවෙන් අසල්වාසීන් නැගීසිටින්නේ තම අම්මාට, තම සහෝදරියන්ට, තම ඥාතීන්ට වුණු අසාධාරණයට සාධාරණයක් ඉල්ලමිනුයි. මෙවැනි අනතුරක් වෙනත් ස්ථානයකදී සිදුවුණා නම් ඔවුන් අනතුර සිදුකළ අයට දඬුමුගුරුවලින් පහර දීලා වාහනයත් ගිනිතියන්න තිබුණා. නමුත් මේ ගමේ මිනිස්සු එවැනි දෙයකට නොපෙලඹීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි.

මියගිය කාන්තාවකගේ ඥාතියෙක් මාධ්‍ය වෙත අදහස් පළකර තිබුණේ මෙලෙසයි.
‘මහත්තයාගේ අම්මයි එහා ගෙදර හිතවත් නැන්දා කෙනෙකුයි තමයි පන්සලට ගිහින් තියෙන්නේ දවල් දානය බෙදන්න. ඒ දානේ වැඩකටයුතු ඉවර වෙලා තමයි තව නැන්දලා දෙන්නෙක් එක්ක ඇවිත් තියෙන්නේ, එහා පැත්තේ පන්සලේ ටොයිලට්වලට යන්න. ඒ අතරතුර තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. මියගිය හැම දෙනාටම සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ…’

පයින් ගමන් කරනකොට වුණත් අවධානයෙන් යුතුව ගමන් කළ යුතුයි. අපි දන්නේ නැහැ ඉදිරි විනාඩි කීහිපයේ අපිට මොනවා සිදුවෙයිද කියලා. හැම කෙනෙක්ම රිය ධාවනය පුරුදු වෙන කාලේ වාහනයක් අතට ගන්නකොට පුහුණු කරන කෙනා ඒ වගකීම ගත යුතුයි. මොකද හොඳටම දන්නවා මේ වාහනය පදවන කෙනා පුහුණු වෙන කෙනෙක් කියලා. එහෙම හිතලා කටයුතු කළා නම් මෙවැනි අනතුරක් සිදු නොවන්නට තිබුණා.

ලංකාවේ රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට ලබාදෙන කාලය ප්‍රමාණවත් නැති බවයි බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ. කෙසේ හෝ රියැදුරු විභාගය පාස්වෙන ආකාරය කියා දීමයි බොහෝ රියැදුරු පාසල්වලින් කෙරෙන්නේ. නමුත් ඊට වඩා දැනුමක් සහ අත්දැකීමක් නවක රියැදුරන්ට ලබාදීමට එම ආයතන කටයුතු කළ යුතුයි.
ලෝකය කොයි තරම් දියුණු වුණත් අපේ රටේ තියෙන දේවල් වෙනස් වෙලා නැහැ. විදේශ රටක නම් වාහනයක් පුහුණු කරන්න තමන්ගේ ආදරණීයයන්ට දෙන්නේ නැහැ. ඒ සඳහා නිශ්චිත කෙනෙක්, නිශ්චිත ආයතනයක් තියෙනවා. නමුත් අපේ රටේ ඒ හැම දෙයක්ම හිතු මනාපෙට කරන්න උත්සාහ කරනවා. නිසි ප්‍රමිතියකට සිදුවෙන්නේ නැහැ. එහෙම වුණාම මේ වගේ අනතුරු වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා පාරේ යන හැම කෙනෙක්ගෙම ජීවිත ගැන වගකීම අතට අරගෙන රියැදුරන් රිය ධාවනයට යොමුවෙනවා නම් මේ වගේ අනතුරු සිදුවෙන්න තියෙන ඉඩ බොහෝ අඩු වේවි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අවුරුද්දක් ගියා! ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන!Sri Lanka Latest News

Next Post

ඉන්දීය මහකොමසාරිස්තුමාත් එක්ක ගිහින් අනුර මලෛයගම් ජනතාවට නිවාස අයිතිය දෙයි! මේ අවුරුද්දේ කොහොමහරි වතුජනතාවගේ දෛනික වැටුප 1750 කරන බවත් කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.