• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය මහකොමසාරිස්තුමාත් එක්ක ගිහින් අනුර මලෛයගම් ජනතාවට නිවාස අයිතිය දෙයි! මේ අවුරුද්දේ කොහොමහරි වතුජනතාවගේ දෛනික වැටුප 1750 කරන බවත් කියයි! PHOTOS I Sri Lanka Latest News

October 12, 2025
in Exclusive
Reading Time: 28 mins read
A A
ඉන්දීය මහකොමසාරිස්තුමාත් එක්ක ගිහින් අනුර මලෛයගම් ජනතාවට නිවාස අයිතිය දෙයි! මේ අවුරුද්දේ කොහොමහරි වතුජනතාවගේ දෛනික වැටුප 1750 කරන බවත් කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනා දීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොරබදමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන මලෛයගම් ජන ප්‍රජාවගේ ආර්ථික මෙන්ම සමාජයීය අයිතිවාසිකම්ද තහවුරු කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදි එක් වෙමිනි.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී තම ඥාතීන් සහ අසල්වැසියන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමින්, මලෛයගම් ජන ප්‍රජාව තැබූ අපේක්ෂා කිසිවිටෙකත් බිඳ වැටීමට ඉඩ නොතබන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ට හිමි ආර්ථික මෙන්ම සමාජ ජිවිතයද දිනා දීමට රජය කැප වී කටයුතු කරන බව සඳහන් කළේය.

එහිදී එම ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් දිනා දීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අයිතිවාසිකම තහවුරු කිරීම මෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සහ වතුකරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම කෙරෙහිද රජය සුවිශේෂී අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කිරීම උදෙසා හැටන් ප්‍රකාශනයට අනුව යමින් මලෛයගම් ප්‍රජාවගේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ඉන්දු – ලංකා IV වන අදියරේ නිවාස 10,000ක වැඩසටහනේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම මෙහිදී සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කඳුකර ප්‍රදේශවල වතු ආශ්‍රිතව පදිංචිව සිටින මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවාස ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර මෙම එක් නිවසක් සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ 28ක මුදලක් සහ ශ්‍රී ලංකා රජය විසින් නිවසේ යටිතල පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 04ක මුදලක් වැය කර ඇත.

මෙම නිවාස ව්‍යාපෘතියට අදාළව සම්පාදනය කෙරුණු ග්‍රන්ථ කට්ටලයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙරට ජනතාවට වඩා යහපත් ආර්ථික සහ සමාජයීය ජීවිතයක් ලබා දීම වෙනුවෙන් ඉන්දියානු රජය දක්වන සහාය වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට, එරට ජනතාවට සහ එම කාර්යය ශ්‍රී ලංකාව තුළ මෙහෙයවන ඉන්දියානු මහ කොමසාරිස්වරයාට ස්තුතිය පළ කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කටයුතු කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන දිගුකාලීන ඓතිහාසික සබඳතාවේත්, ඉන්දියාවත්, ඉන්දියානු ජනතාවත්, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන ළෙන්ගතුබවේත් සංකේතයක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැකියි.

අපි දන්නවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතාවක් තිබෙනවා. විශේෂයෙන් පසුගිය ආර්ථික බිඳ වැටීම හමුවේ ඉන්දියාව අපිට වශාල ලෙස සහාය ලබා දුන්නා. ඒ වගේම ආර්ථික අර්බුදයෙන් නිදහස් වීමේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටනේදීද ඉන්දියාව අපිට ශක්තිමත් සහායක් ලබා දුන්නා.

ඒ වගේම අපේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සහ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් විශාල මූල්‍ය සහායක් අපිට ලබා දෙනවා. ආගමික ස්ථාන සඳහා සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සාමාන්‍ය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් කිරි ආශ්‍රිත කර්මාන්ත සඳහා සහාය ලබා දීම ආදිය වගේම මලෛයගම් ජනතාව සඳහා නිවාස ඉදිකර ගැනීම සඳහාත් අපිට සහාය ලබා දෙනවා.

ණය ආධාරයක් ලෙස ලැබි තිබු අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආධාරයක් බවට පත් කිරීමට ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා මගේ ඉන්දියානු සංචාරයේදී එකඟතාව පළ කළා. ඒ නිසා අපේ රටේ ජනතාවගේ ආර්ථිකයත්, සමාජ ජීවිතයත් උසස් කර ගැනීම සඳහා ඉන්දියානු රජය දක්වන සහාය වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාටත්, ඉන්දියානු ජනතාවටත්, එම කාර්යය ශ්‍රී ලංකාව තුළ මෙහෙය වන ඉන්දියානු මහකොමසාරිස්තුමාටත් අපි ස්තූතිවන්ත වෙනවා.

අපේ රට තුළ මලෛයගම් ජන ප්‍රජාව සුවිශේෂ ජන කොටසක්. අපේ ආර්ථිකයේ ප්‍රබල වැඩකොටසක් මෙම ජනතාව විසින් ඉටු කරනවා. වසර 202කට ආසන්න කාලයක් මේ මහපොළොව සමඟ පොරබදමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සුවිශේෂ මෙහෙයක් ඉටු කරනවා. මීට වසර 202කට පෙර මෙම ජනතාව ශ්‍රී ලංකාවට එන ගමනේදීත් විශාල පිරිසක් තැනින් තැන විවිධ උපද්‍රව හේතු කර ගෙන මිය ගියා. සත්‍ය තත්ත්වය නම්, මේ වසර 202 පුරා ඔවුන් මිය යමින් ජිවත් වෙනවා. ඒ නිසා එම ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කර දෙමින් සැපවත් ජිවිතයක් ලබා දීමට ආණ්ඩුවක් ලෙස අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා. එහිදි අපි ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මේ රටේ කිසිදු බිම් අඟලක් හිමි නැති ජන ප්‍රජාවක් අපි අතර ජිවත් වෙනවා. එම ජනතාවට ඉඩමක සහ නිවසක හිමිකම ලබා දීම රජයක වගකීමක්. අපි එම කාර්යය ඉටු කිරීම සඳහා වූ වැඩපිළිවෙළක නිරතව සිටිනවා.

ඒ වගේම, තමන්ගේ ජිවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබා දිය යුතුයි. දිගුකාලයක් පුරා රුපියල් 1750ක වැටුපක් මෙම ජනතාව ඉල්ලමින් සිටිනවා. අප කුමන ආකාරයකින් හෝ මෙම වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ රටේ මන්දපෝෂණය, සෞඛ්‍ය අනාරක්ෂිතභාවය වැඩිම මලෛයගම් ජන ප්‍රජාව තුළයි. ඒ නිසා සෞඛ්‍ය ගැටලු කෙරෙහි අපි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වතු ආශ්‍රිත රෝහල් රජයට පවරා ගැනීම, අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල යොමු කිරීම මෙන්ම ඖෂධ ලබා දීම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම ඉටු කරන බවට අපි ඔබට සහතික වෙනවා.

ඒ වගේම පුරවැසියන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි. වර්තමාන රජය ඉදිරි වසර කිහිපයෙහි ප්‍රමුඛතාව ලබා දෙන්නේ පුරවැසියන් වෙත පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති සඳහායි. ඒ වෙනුවෙන් එළැඹෙන අයවැයෙන් වැඩි මුදලක් වෙන් කිරීමට අපි අපේක්ෂා කරනවා.

මේ ජන ප්‍රජාව මුහුණ දී තිබෙන චක්‍රීය දුගීභාවය පිළිබඳ ප්‍රශ්නයෙන් ගොඩ ඒමේදී අධ්‍යාපනය එක් ප්‍රධාන මෙවලමක් වෙනවා. අධ්‍යාපනය සහ දුප්පත්භාවය අතර විශාල සබඳතාවක් තිබෙනවා. ඒ නිසා ජනතාව දුගීභාවයෙන් මුදා ගැනිමේදී අධ්‍යාපනය වැදගත් සාධකයක් වෙනවා. ඒ නිසා වතු ආශ්‍රිත පාසල්වල ඇති වී තිබෙන බිඳ වැටීම් අපි අධ්‍යයනය කර තිබෙනවා. සෑම දරුවෙකුටම තමන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි.

ඒ වගේම මානසික නිදහස ඉතා වැදගත් වෙනවා. ජීවත්වීමට නිවසක්, ආදායම් මාර්ගයක්, හොද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, දරුවන්ට අධ්‍යාපනය, මානසික සුවය ඕනෑම පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් වෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරමින් සිටිනවා.

අපේ රටේ මලෛයගම් ප්‍රජාවට සංස්කෘතිකමය සහ සමාජයීය වශයෙන් ඔවුන්ට හිමි ගරුත්වය සහ පිළිගැනීම අඩු මට්ටමක පවතිනවා. ඒ නිසා සෑම ජනතාවකගේම සංස්කෘතික අයිතිවාසිකම්වලට හිමි විය යුතු ගෞරවය, අනන්‍යතාව සහ වටිනාකම ලබා දෙන සමාජයක් නිර්මාණය කිරීමට අපේ රජය දැඩි අවධානයකින් කටයුතු කරනවා.

සෑම සංස්කෘතියකටම හිමි අනන්‍යතාවට ගරු කරන සහ එම අනන්‍යතාව සතුරුභාවයේ සංකේතයක් නොවන නව සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිසා මෙම ප්‍රජාවට ලබා දිය යුතු ආර්ථික ජිවිතය ලබා දීමත්, ඔවුන්ට හිමි සමාජ ජීවිතය ලබා දීමත් යන අරමුණු දෙක වෙනුවෙන්ම අපි කටයුතු කරමින් සිටිනවා.

මලෛයගම් ප්‍රජාව දශක ගණනාවක් පුරා තෝරා ගත් දේශපාලන ව්‍යාපාර තිබුණා. පරම්පරා ගණනාවක් පුරා දේශපාලන කඳවුරු කිහිපයක් සමග කටයුතු කළා. එහෙත් පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී එම පැරණි දේශපාලන කඳවුරු ප්‍රතික්ෂේප කර නව ගමනක් කෙරෙහි විශ්වාසය තබමින් නව අපේක්ෂා සහිතව අපේ රජය බලයට පත් කර ගැනීමට විශාල වෙහෙසක් දරමින් කටයුතු කළා.

පළමු වතාවට මලෛයගම් ප්‍රජාව නියෝජනය කරමින් සහෝදර, සහෝදරියන් ගණනාවක් ජාතික දේශපාලන ව්‍යාපාරයට පත් කර එවුවා. පළමු වතාවට ඔබගේ ඥාතියා, අසල්වැසියා පාර්ලිමේන්තුවට එවුවා. එය ලංකා දේශපාලනයේ විශාල පරිවර්තනයක්. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොදී එම විශ්වාසය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අපි ඉටු කරනවා.

ඒ වගේම මේ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය උවදුර අවසන් කරමින් අපේ දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමට අපි එක්ව කටයුතු කරමු. අපි එම ව්‍යසනය අවසන් කළ යුතුයි. අපි ඒ සඳහා තැබූ පියවර කිසිසේත් පසුපසට තබන්නේ නැහැ.

අල්ලස සහ දූෂණය අවසන් කිරීමට අපි ඉතා ශක්තිමත් පියවර රැසක් ගෙන තිබෙනවා. මෙම ක්‍රියාමාර්ගවලට එරෙහිව යන දේශපාලනය අනතුරුදායකයි. මේ කෙරෙහි අවබෝධයෙන් අපි කටයුතු කරමු. ඒ වගේම ආර්ථිකයේ ඉදිරි පිම්මක් ගැනීම වෙනුවෙන් අපි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ආර්ථික ජයග්‍රහණ සාමාන්‍ය ජනතාව අතරටද ගලා යා යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළද අපි ක්‍රියාත්මක කරනවා.

අපි ඔබට එකඟ වූ බොහෝ කරුණු තිබෙනවා. එම එකඟතා ඉටු කිරීමේ බර අපේ දෙවුර මත පවරාගෙන අපි වැඩ කරනවා. අපිට විශාල විශ්වාසයක් තිබෙනවා අපේ රට තිබුණු තත්ත්වයෙන් ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගෙන ආ හැකියි කියලා. ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ හැකියි කියලා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව වැඩ කරමු කියා මම ඔබට ආරාධනා කරනවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා

මලෛයගම් ජනතාව මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දුන්නා. ඔවුන් අපේ රටට ඩොලර් උපයා දුන්නා. අපේ රටේ තේ කර්මාන්තය ගතහොත්, මෙයට රබර්ද එක් විය යුතුයි.සාමාන්‍යයෙන් වසරකට, මේ වන විටත් තේ සහ රබර්වලින් ඩොලර් බිලියන දෙකක් පමණ ජාතික ආර්ථිකයට එක් කෙරෙනවා. ඒ අන්දමින් උපයාගත් ඩොලර්වලින් මේ රටේ යම් යම් ප්‍රශ්න විසඳුවත් මේ ක්ෂේත්‍රයේ නිරත පිරිසගේ ප්‍රශ්න විසඳී නැහැ.

ඒ අනුව මේ වන විට ඉතිහාසයේ වැඩිම නිවාස ප්‍රමාණයක් එක් වසරක් තුළ ආරම්භ කරන්නේ මේ 2025 වසරේදීයි. නිවාස 2056ක් මේ ප්‍රතිලාභීන්ට ලබා දීමේ වැඩසටහන අපි අද ආරම්භ කරනවා.
ඒ වගේම මේ නිවාස හිමි අයට පර්චස් 10ක තමන්ටම කියලා ඉඩමක හිමිකම අපි ලබා දෙනවා.

මට මතකයි, 2014 වසරේදී හල්දුම්මුල්ල ප්‍රදේශයේ ලයිමක් නාය ගොස් ජීවිත 36ක් අහිමි වුණා. ඒ වගේම 2023 වසරේ පුනාගල, කබරගල පවුල් 50ක් අනාථ වෙලා තවමත් වහලා දාපු තේ කර්මාන්ත ශාලාවක අනාථ කඳවුරක ජීවත් වෙනවා. ඒ පවුල් 50 වෙනුවෙන් ජනතා බදු මුදලෙන් ඉදිකරන ගෙවල් 50ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා

මෙම විශේෂ අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මෙම අවස්ථාව ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල දීර්ඝකාලීන මිත්‍රත්වය සංකේතවත් කරන වැදගත් අවස්ථාවක්. ඒ වගේම මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර බිඳ දැමිය නොහැකි බැඳීම්වල සංකේතයක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සංස්කෘතිකමය වශයෙන් නිවුන් සහෝදරයන් වෙනවා. අපි අපේ අතීතයට වඩා දීප්තිමන් අනාගතයක් වෙනුවෙන් එක්ව පිය නගනවා.

සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තතත්වය උසස් කිරීම වෙනුවෙන් අපි සෑමවිටම සහාය ලබා දෙනවා. එහිදී නිවාස, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, සෞඛ්‍ය සේවා සහ ප්‍රජා සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල මනා සහයෝගයකින් කටයුතු කරනවා. එහිදී කදුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ මෙම නිවාස ව්‍යාපෘතිය ඉතා වැදගත් අවස්ථාවක්.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් නිවාස 65,000කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා අපි දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම වතුකරයේ රෝහලක් ඉදිකිරීමට, මාතලේ මහත්මා ගාන්ධි ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉදිකිරීමට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. මේවා වතුකරයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල සුළු කොටසක් පමණයි. පසුගිය වසරේ, අපි STEM ගුරු පුහුණු වැඩසටහනක් සාර්ථකව අවසන් කළා. අපි මෙම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. එමෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සීතාරාමන් මාළිගාවේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීම පවුලේ සාමාජිකයෙකුට දැනෙන වගකීමක් ලෙස අපිට දැනෙනවා. අපි ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරනවා.

මහා කවියෙකු වන තිරුවල්ලුවර් (Tiruvalluvar) විසින් රචිත Virupparaach chutram iyaiyin arupparaa aakkam palavum tharum යන කූරල් (Kural) හි අර්ථය අනුව “නෑදෑයෙකුගේ නොවෙනස් වන ආදරය” අසීමිත වර්ධනයක මූලාශ්‍රයක් වන බවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ධීවර, ජලජ සහ සාගර සම්පත් ආමත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයෝද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-10-12

SendShareShare
Previous Post

සුක්කානම අතට ගන්න කලින්…! Sri Lanka Latest News

Next Post

සජබ මන්ත්‍රීවරු 4 දෙනෙක් අස්වෙලා මහඇමැති තරගෙට එන්න දැන්ම සූදානම්! බස්නාහිරට සුපිරි බුලට් එකක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.