දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් සිදු වූ ප්‍රදේශවල රෝහල් පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ මහියංගනය මූලික රෝහලට රු. ලක්ෂ 46ක් වටිනා ජිවිත බේරා ගැනීමේ උපකරණ පරිත්‍යාග කිරීම සඳහා මහියංගනය ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී එම රෝහල් උපකරණ ප්‍රදානය කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මහියංගනය රජමහා විහාරස්ථානය වැදපුදා ගැනීමට ද කටයුතු කරන ලදී.Sri Lanka Latest News
එහි දී වත්මන් මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබා ගැනීමටත් කටයුතු කළේය.
















