• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාල් මිල අඩුකරන්න බැරි ආණ්ඩුවේ ලොක්කන් ඡන්ද කාලේ මෝල් හිමියන්ගෙන් කෝටි ගණන් සල්ලි ගත්ත නිසා! මෙන්න ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

November 7, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතාය. එහිදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

‘‘ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වි මාස දෙකකට ආසන්න කාලයක් මේ වනවිට ගතවී තිබෙනවා. ඔවුන් මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් පොරොන්දු මේ වනවිට ඉටු නොකර රජයක් බවට පත්වෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ කණ්ඩායම බලය ලබාගන්න පෙර ප්‍රකාශ කළා ජනතාව මත පටවා තිබෙන අධික බදු බර අඩුකරනවා කියලා , අධික වැට් බදු අඩු කරනවා කියලා , භාණ්ඩ මිල අඩුකරනවා කියලා. නමුත් අද වනවිට රටේ ජනතාව පරිභෝජනයට ගන්න හාල් මිල රුපියල් 30 කින් 40 කින් වැඩි වෙලා තිබෙනවා. ආණ්ඩුව මැතිවරණ සමයේදී මේ රටේ මහා පරිමාන හාල් මෝල් හිමියන්ගෙන් මුදල් ලබාගෙන දැන් ආණ්ඩුවට ඒ මහා පරිමාන හාල් මෝල් හිමියන් පාලනය කරගැනිමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. හාල් මෝල් හිමියන් මැතිවරණයේදී ජාතික ජන බලවේගයට වියදම් කළ මුදල් අද ජනතාවගෙන් බද්දක් ලෙස අය කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම හාල් මෝල් හිමියන් ප්‍රකාශ කළා වර්තමාන රජය බලයට පැමිණි විගසම හාල් මිල අඩු කරන්න කටයුතු කරනවා කියලා. නමුත් මේ වනවිට හාල් තොග වී ගබඩා වල සගවාගෙන සිටිනවා. ඒ හාල් වහාම වෙළඳපොලට නිකුත් කළ යුතුව තිබෙනවා. එසේ නැති වුවහොත් ඊළඟ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු රටේ ජනතාවට බඩගින්නේ සිටින්න තමයි සිදුවෙන්නේ.

ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සිටි ඉන්ජිනේරුවෝ විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස පත් කරලා තිබෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික සමාගම්වල නිලධාරිනුත් ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතු කරනවා. එවැනි තත්ත්වයක් තුළ කොහොමද විදුලි බිල අඩු කරන්නේ.

ඒ වගේම තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා වරායට තෙල් ලිටරයක් බාන්නේ රුපියල් 154 කට කියලා. එහෙනම් ඇයි තෙල් ලිටරයක් 311 ට විකුණන්නේ. තෙල් වලින් අයිතු ලාභයක් වර්තමාන රජය ලබන බව එයින් පැහැදිලි වෙනවා.

ඒ වගේම පසුගියදා සිනි කිලෝවක් රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා. ජනතාවට සහන දෙන්න පැමිණි රජය , බඩු මිල අඩුකරන්න පැමිණි රජය සිනි කිලෝවකට රුපියල් 50 ක බද්දක් එකතු කරලා තිබෙනවා. පරිප්පු වලට , ලොකු ලුණු වලට බද්දක් එකතු කරන්න රජය කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම රජය පළමු මාසය ඇතුළට කෝටි 8000 ක ණයක් ලබාගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා කියලා ණය ගන්නේ රජය නෙවෙයි භාණ්ඩාගාරය කියලා. ඒ වගේම ඔහු කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව ඉල්ලන්නේ නැතිව ලංකාවට ණය දිලා යනවා කියලා. මෙවැනි විහිලුකාරයින් පිරිසට රට භාර දුන්නොත් රට තිබෙන තත්ත්වයෙන් තවත් අගාධයට වැටෙන එක තමයි සිදුවන්නේ.

රටේ තිබෙන තත්ත්වය ජනතාවට දරා ගැනිමට නොහැකියි. ඒ නිසා රටේ ජනතාව ඊට එරෙහිව නැගිටින බව ආණ්ඩුව දන්නවා. ඊට එරෙහිව වෘත්තිය සමිති ව්‍යාපාර නැගි සිටින බව ආණ්ඩුව දන්නවා. ඒ වගේම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ නිසා ගුරුවරු ඊට එරෙහිව නැගි සිටින බව ආණ්ඩුව දන්නවා. ඒ නිසා වෘත්තිය සමිති ව්‍යාපාරය අවශ්‍ය නැති බව රජය ප්‍රකාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න ගොවින් සමඟ එකතුවෙලා හැමදාම විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුවා. ඒ වගේම වසන්ත සමරසිංහ පෞද්ගලික ආයතන සමඟ එකතුවෙලා හැමදාම විරෝධතා පැවැත්වුවා. ඒ වගේම මහින්ද ජයසිංහ ගුරුවරු එකතුකරගෙන විරෝධතා පැවැත්වුවා. ඔවුන්ට දැන් ඒ කරපු අරගල අමතක වෙලා තිබෙනවා. ජාතික ජනබලවේගය බලයට ගේන්න කැපවුණ රජයේ සේවකයන්ව අමතක වුණ පිරිස මහ මැතිවරණයේදී ඡන්දය දෙන පිරිසත් අමතක කරයි.

ඒ වගේම පසුගිය දා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ දී අනුර කුමාර දිසානායක කියන රටක් පාලනය කිරීමට නොහැකි , දර්ශනයක් නැති , කයිවාරුව පමණක් තිබෙන නායකයාට ප්‍රාෙද්ශීය සභාවක්වත් නොදිය යුතු බවට ඇල්පිටියේ ජනතාව තීරණය කර තිබෙනවා. ලබන 14 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදීත් රටේ සමස්ත ජනතාවම එම තීරණය ගැනීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින්. අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඡන්දය ලබාදීමට සිදුවී ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන් මර්ධනය කිරීමට දායක වුණ පුද්ගලයන්ටයි. අද ගෑස් ටැංකියෙන් ඡන්දයේ ඉල්ලන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැර කරපු පුද්ගලයින්. නියම එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ සමගි ජන බලවේගය සතුවයි. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මහතිවරණයේදී සමගි ජන බලවේගය සහ සමග ජන සන්ධානය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්දය ලබා දෙන්න කියලා.

ඒ වගේම ජාතික ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයින්ව මහජනතාව හඳුනන්නේ නැහැ. 1994 දී ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. නමුත් ඔහු ඉල්ලා අස්වුණා. ඊළඟට නම තිබුණ පුද්ගලයා පාර්ලිමේන්තුවට ආවා. ඔහුත් ඉල්ලා අස් වුණා. ඒ වගේම තුන්වෙනියා දිවුරුම් දුන්නා ඔහුත් ඉල්ලා අස්වුණා. නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනතුරු මේ සෙල්ලම සිද්ධ වුණා. අවසානයේදී මනාප දුන්න ජනතාවගේ තීන්දුව නෙවෙයි ක්‍රියාත්මක වුණේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ තීන්දුවයි. ඒ නිසා ජනතාව මනාප දෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන බවට ජාතික ජන බලවේගය ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.

ඒ වගේම ජාතික ජන බලවේගය ප්‍රකාශ කරනවා මෙවර පාර්ලිමේන්තුව සුද්ද කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් කීර්ති අභයවික්‍රම මහතා ඝාතනයට ලක්වුණා. ලලිත් ඇතුළත්මුදලි මහතා , පර්සි සමරවීර මහතාගේ ලේ පාර්ලිමේන්තුවේ ගෑවුණා. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ලේ පාර්ලිමේන්තුවේ හැලුනා. පාර්ලිමේන්තුව සුද්ද කරනවා කියලා ජාතික ජන බලවේගය අදහස් කරන්නේ ඒ ලේ සෝදන්නද කියලා අපි ජාතික ජන ජන බලවේගයේ නායකයින්ගෙන් අහන්න කැමතියි. ඒ ලේ සෝදන්නේ නැතුව ජනතාව ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලයක් ලබාදෙන්නේ නැහැ.

අරගලයේ පැවති දිනවලදී පාර්ලිමේන්තුව වට කරමින් පාර්ලිමේන්තුව තුළට ඇතුළුවීමට උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව ගිනි තියෙන බවයි. පාර්ලිමේන්තුවට බෝම්බ එල්ල කල , පාර්ලිමේන්තුව ගිනි තියන්න පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් තමයි අද පාර්ලිමේන්තුව සුද්ද කරනවා කියලා කියන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව නිවැරදි තීන්දුවක් මෙවර මහ මැතිවරණයේදී ගනී කියලා. ජනතා විමුක්ති පෙරමුණ එදා රටට සිදුකළ විනාශයට ජනතාව උත්තර දේවි කියා අපි විශ්වාසාස කරනවා.

අඩු ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපති වුණ අනුර දිසානායක මහතාට මෙවර පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ආසන ලැබෙන්නේ සියයකටත් අඩුවෙන්. ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතාට ඡන්දය ලබා දුන් ජනතාව මේ වන විට අපේක්ෂා භංගත්වයට පත් වී තිබෙනවා. බොහෝ පිරිසක් අද ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ පිළිබඳව කලකිරීමට ලක්වී සිටිනවා.

ඒ වගේම ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකාශ කරනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපතට පත් ජනතාවට සාධාරණය ඉටු කරනවා කියලා. පාස්කු ප්‍රහාරයේ එල්ල කළ බෝම්බකරුවන්ගේ පියා 2020 පැවති මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක්. ඔහු තවම ජාතික ජන බලවේගයෙන් ඉවත්වී නැහැ. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවේ චෝදනා ලබපු පුද්ගලයින් දෙදෙනෙක් තමයි ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන්න භාර දීලා තිබෙන්නේ. ජාතික ජන බලවේගයේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසා කිසි දවසක පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිවන්නේ නැහැ.

ඒ වගේම රටේ මාධ්‍ය නිදහස , භාෂණයේ නිදහස , වෘත්තීය සමිති නිදහස රටේ ජනතාවට හිමිවී තිබුණා. ජාතික ජන බලවේගයේ මාස එකහමාරක පාලන කාලය තුළ වෘත්තීය සමිති අයිතිවාසිකම් අත්හිටුවන්න ඔවුන් කටයුතු කරනවා. මාධ්‍ය මර්ධනය කරන්න ඔවුන් උත්සාහ කරනවා. වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට තිත තැබීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ නිසා එළඹෙන මහ මැතිවරණයේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය ලබා දෙන්න කියලා සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.‘‘

SendShareShare
Previous Post

අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමනි! ආණ්ඩුව මාසයෙන් හරි අවුරුද්දෙන් හරි වට්ටන්නේ අපි නෙමෙයි ඔබතුමාගේ කණ්ඩායමමයි! මාධ්‍ය පාවිච්චි කරලා ලංකාවේ වැඩියෙන්ම බොරු කිව්වේ ජවිපෙ! දැන් කියනවා මාධ්‍යට වල්බූරු නිදහසක් දෙන්න බෑ කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න පළපුරුද්ද! මහබැංකුව කැඩුවා! බාර් ලයිසන් ගත්තා! 19ට 20ට 21ට අත් ඉස්සුවා! විදුරයි-රත්තරනුයි-පියලුයි කෙහෙළියව ආරක්ෂා කරන්න අත් ඉස්සුවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.