අපරාධ මර්දන කටයුතු ඇතුළු මහජන සේවය නිසි ලෙස පොලිස් ස්ථාන මඟින් සිදුවන්නේ දැයි සොයා බැලීමට, පෙර දැනුම්දීමකින් තොරව පොලිස් ස්ථානවලට කඩා පනින පොලිස් හමුදාවක් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් යොදවා තිබෙනවා.Sri Lanka Latest News
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණයෙන් පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනකුගෙන්ද සමන්විත මෙම කඩා පනින පොලිස් හමුදාවට බියෙන් පොලීසිවල වැඩ දැන් ක්‍රමවත්ව සිදුවෙමින් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කරනවා.
මෙම පොලිස් කණ්ඩායම පොලිස්පතිවරයාට ඝෘජුව වගකියන කණ්ඩායමක් වන අතර රටපුරා ඇති පොලිස් ස්ථාන 607ම ඔවුන්ගේ පරීක්ෂාවට ලක්වනු ඇති.
ඇතැම් පොලිස් ස්ථාන එකවරකට වැඩි ප්‍රමාණයක් පවා පරීක්ෂා කෙරෙනු ඇති බව සඳහන්. දැනටමත් පොලිස් ස්ථාන රැසක් මෙම පොලිස් කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා.
පොලිස් ස්ථානවලට මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි නිසි ලෙස විමර්ශනයට ලක්කර තිබේද? අපරාධ පැමිණිලි විසඳා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේද? සුළු පැමිණිලි විභාග කිරීම් නිසි ලෙස සිදුව තිබේද? ආදිය මෙන්ම වරෙන්තු ක්‍රියාත්මක කිරීම, අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම්වල ප්‍රගතිය මෙහි දී විශේෂයෙන් සලකා බලා විමර්ශනයන්ට ලක්කෙරෙන අතර පොලිසිවල ඇති පොත්පත් ද පරීක්ෂාවට ලක්කර විසඳා අවසන් බව සඳහන් පැමිණිලි සැබෑ ලෙසම විසඳා තිබේදැයි සැකහැර දැන ගැනීමට අහඹු ලෙස තෝරාගන්නා පැමිණිලිවලට සම්බන්ධ පැමිණිලිකරුවන්ට දුරකථන ඇමතුම් දෙමින් තොරතුරු ද විමසීමට මෙම කඩා පනින පොලිස් කණ්ඩායම පියවර ගන්නා බව ද පොලිස් තොරතුරු අනාවරණය කරනවා.
පොලිස් අවි ගබඩාවන්ද, පොලිසියේ නඩු බඩු ගබඩාවන්ද මෙහි දී පරීක්ෂාවට ලක් කරයි. එසේම පොලිස් ස්ථානවල ඇති භාණ්ඩ ලේඛනද වෙන වෙනම පරීක්ෂාවට ලක්කරන බව ද සඳහන්.
මේ වන විට පරීක්ෂාවට ලක්කර ඇති ඇතැම් පොලිස් ස්ථානවල භාණ්ඩ අඩු වැඩිවීම් දක්නට ලැබී ඇති අතර ඇතුම් සුළු පැමිණිලි මෙන්ම අපරාධ විමර්ශන නිසි ලෙස සිදුකර නොමැති අවස්ථා ද අනාවරණය කරගෙන තිබෙනවා.
පසුගිය කාලයේ අපරාධ අඩුබව පෙන්වීමට ව්‍යජ පැමිණිලි පොත් පොලිස් ස්ථාන මගින් පවත්වාගෙන ගොස් තිබුණු අතර ඇතැම් පොලිස් ස්ථාන මගින් පැමිණිලිකරුවන් රස්තියාදුකරමින් පැමිණිලිකරුවන්ගේ පැමිණිලි නොලියන තත්ත්වයක් ඇතිකර තිබුණා. ඒ සම්බන්ධයෙන්ද ලැබෙන තොරතුරු ඔස්සේ ඉදිරියේ දී පොලිස් ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන සිදුවනු ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරනවා.
මෙම විමර්ශනයේදී පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කාර්ය සාධනයද ඇගයීමකට ලක්කරනු ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරු තවදුරටත් එම තනතුරුවල රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනෙන්නේද මෙම කාර්ය සාධන ඇගයීම මතයි.
පොලිස් ස්ථානවලට කඩා පැන මේ ආකාරයේ පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා පොලිසියට මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ 33 වැනි පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි එන්.කේ. ඉලංගකෝන් මහතා විසිනුයි. ඔහු 2011 වසරේ සිට 2016 දක්වා කාලය තුළ පොලිස්පතිධූරයේ සේවයේ නිරත වුණා. එම කාලය තුළ ඔහු යටතේ ක්‍රියාත්මක වූ කඩා පනින පොලිස් හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු පොලිස්පතිවරු කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා පොලිසියේ නියමුවන් ලෙස සේවයේ නිරතව ඇතත් ඒ කිසිදු නිලධාරියෙක් පොලිස් ස්ථානවලට කඩා පනින පොලිස් හමුදාව ක්‍රියාත්මක කළ බවට තොරතුරු අනාවරණය වන්නේ නෑ.










