ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) පුරප්පාඩු වූ සභාපති ධූරය සඳහා ප්‍රජාව විසින් පුළුල් ලෙස පිළිගත් පුද්ගලයෙකු පත් කිරීම පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
අද (15) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව දන්වා ඇත.
මෙම ලිපිය පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩග්ලස් දේවානන්ද සහ කබීර් හෂීම් යන මහත්වරුන් වෙත ද යොමු කර තිබේ.