මේ දිනවල අමෙරිකාවේ ගත කරන බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට එන දිනය තවත් සති කිහිපයකින් කල් දැමීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
මීට පෙර වාර්තා පළ වී තිබුණේ ඉකුත් 05 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණෙන බවකි.
පසුව 12 වැනි දින ලංකාවට පැමීණීමට සූදානමින් සිටින බවටද වාර්තා පළ විය.
කෙසේවෙතත් මේ වනවිට ලැබෙන අලුත්ම ආරංචිවලින් කියැවෙන්නේ මෙම මස අවසානයේදී බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමට තීන්දු කර ඇති බවකි.










