පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල පැවැත්වීමට හැකි බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහතිකයක් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ බව මැතිවරණ විශේෂ කාරක සභාවට දැනුම් දුන් බව හෙතෙම කියා සිටියේය.
ඒ අනුව 2022 පළමු කාර්තුවේදී පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන බවද ඒ මහතා කීය.










