ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගතවී ඇත.
එමිරේට්ස් සේවයේ යානාවකින් ගුවන් යානයකින් ඒ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
ඔවුන් එතැන් සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යාමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම හදිසි අමෙරිකානු සංචාරයට හේතුව පැහැදිලි නැතත් පසුගියදා පැවැති පොහොට්ටුවේ මැයි රැලියෙන් පසු පක්ෂයේ නියෝජිතයන් විසින් ඒ මහතා පක්ෂයේ නායකයා සහ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග පක්ෂය ඇතුළේ බරපතළ ගැටුම් හටගෙන තිබිණ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර යම් යම් මතගැටුම් සිදුව ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව සති දෙකක කාලයක් සදහා බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගිය බව පැවසුණද පවතින ගැටලු නිමවන තාක් ඒ මහතා නැවත ලංකාවට නොපැමිණෙනු ඇති බවද වාර්තා වේ.










