21 වන සංශෝධනය සම්මත වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් වුවද ගැටලුවක් නොමැති බවත්, එවිට ද්විත්ව පුරවැසිභාවය කරුණ මත බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් වී සිටින බවත් වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිටත් පොහොට්ටුව දෙකඩ වී සිටින බැවින් 21 සම්මත කිරීම සදහා පොහොට්ටු මන්ත්‍රීවරුන් 30ක් පමණ අවශ්‍ය බවත්ය.
එමෙන්ම බැසිල් රාජපක්ෂ යනු භයානක දක්ෂිණාංශික අයකු බව කී ඒ මහතා 21 සම්මත වීමට පෙර ගෝඨාභය ඉවත් වුවහොත් බැසිල් ජනාධිපතිවරයා වීමට ඉඩ ඇති බවත් කියා සිටියේය.