• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිවයිනේ ‘වමේ කතාවෙන්’ වමේ අවස්ථාවාදීන්ගේ උණ්ඩයට බිලිවූ ‘බැංකු දයා’ ! Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දිවයිනේ ‘වමේ කතාවෙන්’ වමේ අවස්ථාවාදීන්ගේ උණ්ඩයට බිලිවූ ‘බැංකු දයා’ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ දෙවැනි කැරැලි සමයේදී ‘දිවයින’ දිනපතා පුවත්පතේ බදාදා අතිරේකයට ‘වමේ කතාව’ නමින් ලිපි පෙළක් ලියූ සහ ‘උතුරේ අර්බුදයට විසඳුම’ මැයෙන් එවක දේශන ගණනාවක් පැවැත්වූ නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම ලංකා බැංකුවේ සේවකයකු වූ, එච්.ඊ. දයානන්ද 1988 දෙසැම්බර් 02 සිකුරාදා වෙඩිතබා ඝාතනය කරන ලදී. ඒ, කොම්පඤ්ඤවීදියේ මාර්ක්ෆෙඩ් ඉන්ධන පිරවුම්හල අසලදීය. මෙම ඝාතනය සිදුකළේ ආරක්ෂක අංශවල සහාය ඇතිව ක්‍රියාත්මක වූ ප්‍රා (ඡඍඍ්) සංවිධානයට අයත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කණ්ඩායමක් විසිනි. ‘ප්‍රා’ යනුවෙන් කෙටියෙන් හඳුන්වන සංවිධානයේ සම්පූර්ණ නම මහජන විප්ලවකාරී රතු හමුදාවය. මාගේ මිත්‍රයකු වූ ‘දයා’ මියයෑමට කලින් දිනද පස්වරුව ගතකළේ මා සමග ‘දිනරැස’ පත්තර කන්තෝරුවේය. Sri Lanka Latest News

මින් වසර කිහිපයකට පෙර ඔවුන්ගේ ගම්පොළ නාරංවිට අටුවේවත්තේ නිවසට ගිය මා දයානන්දගේ බිරිඳ චාන්දනී සහ පුත් සචිත්‍ර හමුවී සියලු කරුණු රැස්කර ගත්තෙමි. ‘වමේ කතාව’ නැමති එම ලිපි පෙළ මගින් සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ නායකයන් ආරම්භයේ සිට 1988 දක්වා කරන ලද පාවාදීම් අවධාරණීකරණය කර තිබුණු අතර, එය මහත් ආන්දෝලනයකට ලක්වූ ලිපි පෙළක් බවට පත්විය. එකල දිවයිනේ බදාදා අතිරේකයේ අතිශයින් ජනප්‍රිය වූයේ ආචාර්ය සූරිය ගුණසේකරගේ ලන්ඩන් ගිය බණ්ඩා, නීතිඥ උභය වීරසිංහගේ නීතිය දෙස පියවි ඇසින් සහ එච්. ඊ. දයානන්දගේ මෙම වමේ කතාව ලිපි පෙළය.

මාතර වෑවහමන්දූවේදී 1956 සැප්තැම්බර් 26 උපන් එච්.ඊ. දයානන්ද හෙවත් හේවා එදිරිපුල්ලිගේ දයානන්ද අධ්‍යාපනය ලැබුවේ මාතර රාහුල විදුහලෙනි. සුළු ව්‍යාපාරිකයකු වූ ඔහුගේ පියා වූයේ පීරිස්ය. මව රොසලින්ය. පිරිමි දරුවන් 5 දෙනකු සහ ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ දයානන්ද, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආර්ථික විද්‍යා උපාධිධාරියකු ලෙස පත්වූයේ 1982 දීය. වෘත්තියෙන් ඔහු ලංකා බැංකුවේ ලිපිකරුවෙකි. 1978දී බැංකුවට එක්වූ හෙතෙම ඝාතනය වනවිට යුනියන් පෙදෙස ලංකා බැංකුවේ ලිපිකරුවෙකි. එම ලංකා බැංකුවේ ශාඛාවේ සේවක සුබසාධක ලේකම්ය.

එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරිකයෙකි. පේරාදෙණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරයෙකි. ‘යුගය’ සඟරාවේ සංස්කාරකවරයෙකි. එච්.ඊ. දයානන්ද වමේ දේශපාලනයට විශේෂ සලකුණක් තැබුවේ පැරැණි වමේ දේශපාලන අවගමනය පිළිබඳ සමාලෝචනය කරමින් ‘දිවයින’ පුවත්පතේ බදාදා අතිරේකයට ‘වමේ කතාව’ නම්වූ විශේෂාංගය ලිවීමෙනි. ඒ නිසාම පැරැණි වමේ අවස්ථාවාදීන් ඔහු තම සතුරකු කොට සැලකීය. එමෙන්ම සැබෑ වමේ දේශපාලනයට බුද්ධිමය දායකත්වයක් දක්වමින් කටයුතු කිරීම නිසා තවදුරටත් ඔහු ධනේශ්වර දේශපාලනයේද පරම සතුරකු විය.

දයානන්ද 1987 මාර්තු මස විවාහ වූයේ ගම්පොළ ඩී.එච්. චාන්දනී සමගය. ඇය එවක හුන්නස්ගිරිය කළුතැන්න විදුහලේ උපාධිධාරී ගුරුවරියකි. පසුව බිරිඳ චාන්දනී ගැබිනි මවක් වූයෙන් දරු ප්‍රසූතිය සඳහා 1988 දෙසැම්බර් 02 වැනිදා අලුයම මහනුවර පෞද්ගලික සාත්තු නිවාසයකට ඇතුළු කරන ලදී. සිය බිරිඳ බැලීමට යාම සඳහා කාර්යාලයෙන් 1988 දෙසැම්බර් 02 සිකුරාදා වාහනයෙන් යන අතරතුරදී දයානන්ද කොම්පඤ්ඤවීදියේදී ඝාතනයට ලක්වී තිබිණි. දයානන්දගේ අවසන් කටයුතු ගම්පොළ නාරංවිට අටුවේවත්තේදී 1988 දෙසැම්බර් 07 වැනිදා සිදුකළ අතර, එම අවස්ථාවට බොරැල්ලේ ගෝතමී විහාරාධිපති පූජ්‍ය තෙල්වත්තේ නාගිත හිමි සමග මෙම ලේඛකයාද සහභාගි විය. දයානන්දගේ බිරිඳ චාන්දනී 1988 දෙසැම්බර් 08 සිය දරුවා වූ පුත්‍රයා බිහි කළාය. ඔහු සචිත්‍ර දයානන්දය.

(වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳ ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ 03 පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071 2733986 යන උය්එි්චච අංකයෙන් විමසිය හැකිය)

ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

ජනාධිපතිකමයි තුනෙන් දෙකක ආණ්ඩුවයි තියාගෙන රටට කිසිම වැඩක් නොකරපු ආණ්ඩුව දැන් ප්‍රාදේශීය සභාවල බලයත් ඉල්ලනවා! රට හදන එක කෙසේවෙතත් පච කියලම ආණ්ඩුව කප් ගහලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

‘ක්ලීන් ශ්‍රී ලංකා’ මහනුවර ක්ලීන් කරන්න අදත් බහී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.