• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්සත් ජාතීන්, ලෝක බැංකුව, ඉන්ටර්පෝල් එකට එක්වෙයි! හසීනා හොරකම් කරලා හංගපු ඩොලර් බිලියන 150ක් ආපහු රටට ගේන්න බංග්ලාදේශය ක්‍රමයක් හොයාගෙන! Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
එක්සත් ජාතීන්, ලෝක බැංකුව, ඉන්ටර්පෝල් එකට එක්වෙයි! හසීනා හොරකම් කරලා හංගපු ඩොලර් බිලියන 150ක් ආපහු රටට ගේන්න බංග්ලාදේශය ක්‍රමයක් හොයාගෙන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පසුගිය වසර 15ක දීර්ඝ කාලයක් පුරා බංග්ලාදේශයේ පැවැති හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ඒකාධිපති පාලන සමය ‘ක්ලෙප්ටොක්‍රසි’ (Kleptocracy) සමාජයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. මෙයින් අර්ථවත් වන්නේ ඉතා බැරෑරුම් සංකල්පයක්. එනම් එයින් කියා සිටින්නේ ‘සෙසු මිනිසුන්ගෙන් සොරකම් කිරීමෙන් ධනවත් හා බලවත් වන නායකයන් සිටින සමාජයක් යන්නය. මෙය ඉතා බැරෑරුම් එමෙන්ම සංකීර්ණ සමාජ ප්‍රශ්නයක්. පසුගිය දශක එකහමාරක (වසර 15ක) කාලයක් පුරාම බංග්ලාදේශය මේ තත්ත්වයට ඉතා දරුණු ලෙස මුහුණ දුන්නා. පසුගිය කාලය තුළදී වාර්ෂිකව බංග්ලාදේශයෙන් ඩොලර් බිලියන 3කට අධික ප්‍රමාණයක් විදේශීය ‘අක්වෙරළ ගිණුම්’ (Offshore Accounts)වලට ගලාගිය බව පැහැදිලිවම දක්නට හැකියි. මෑතකාලීන ජාත්‍යන්තර වාර්තාවලට අනුව ‘ක්ලෙප්ටොක්‍රටික් හසීනා රෙජීමයේ’ වැරැදි පාලනය නිසා මෙම කාලය තුළදී බංග්ලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 150කට ආසන්න මහා ධනස්කන්ධයක් මෙම අනවසර විදේශ ගිණුම් වෙත ඇදීගොස් තිබෙනවා. කෙටියෙන් කියනවා නම් මෙම මුදල බංග්ලාදේශයෙන් පැහැරගන්නා ලද සුවිශාල මුදලක් ලෙස සැලකිය හැකියි…’ (Sri Lanka Latest News)

යම් මහා ධනස්කන්ධයකට අදාළව මෙසේ අසන්නට ලැබෙන සුවිශේෂ කතාන්දරය කුමක්ද? මෙයට දින කිහිපයකට පෙරදී අපට මෙම කතාව අසන්නට ලැබුණේ අප රටට යාබද දේශයක් වන බංග්ලාදේශයෙනි. මෙම විශ්ලේෂණාත්මක වතගොත කියා සිටින්නේ එක්තරා විද්වත් පුද්ගලයකු විසිනි. මොහුගේ නාමය මහාචාර්ය අනිස් චෞද්‍රි (Professor Anis Chowdhury) වන අතර, ඔහු උපතින් බංග්ලාදේශ ජාතිකයෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ සංවර්ධන අංශය සහ සංඛ්‍යාලේධන අංශයේ හිටපු අධ්‍යක්ෂවරයාය. දැනට ඔහු ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ පීඨාධිපති ලෙස කටයුතු කරන සම්මානිත මහාචාර්යවරයෙකි. තවද අනිස් චෞද්‍රි යනු ජාත්‍යන්තර සාර්ව සහ සංවර්ධන ආර්ථික විශේෂඥයෙකි. ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍ර වී සිටින ඔහු බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල දෙකකින් සහ කැනඩාවේ විශ්වවිද්‍යාල දෙකකින් උසස් උපාධි හිමිකරගෙන ඇත. දැන් එසේ නම් මෙම කීර්තිමත් විද්වතා අපට කියා සිටින්නේ කුමක්ද? ඔහුගේ මෙම සුවිශේෂ විශ්ලේෂණය මගින් කියා සිටින්නේ පසුගිය දීර්ඝ සමයක් තුළදී එවක තිබුණු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලනය තුළදී ජනතාවගෙන් සොරාගත් මහා ධනස්කන්ධය ගැන වතගොතකි. පසුගියදා එරට තුළ ඇතිවුණු මහා ජන අරගලයෙන් පසුව දැන් පත්ව සිටින්නේ නව රජයකි. මෙම කතාව දිගහැරෙන්නේ එවැනි පසුබිමකදීය.

මහාචාර්ය අනිස් චෞද්‍රි විසින් සිදුකළ මෙම ප්‍රකාශය පසුගියදා විදෙස් මාධ්‍ය විසින් හෙළිදරව් කළේය. මෙම විශ්ලේෂණය අද ලෝකයේ බොහෝ රටවලට අතිශය වැදගත් එකකි. එසේම එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවටද බොහෝ හරවත් එකක් වනු ඇත. එසේ වන්නේ අප රටේද මහජන ධනය කොල්ලකෑම පසුගිය කාලයක් පුරාම මහත් ඉහළින් සිදුවූ හෙයිනි. අප මෙම ප්‍රකාශය තවදුරටත් සොයා බලමු.

‘ෂෙයික් හසීනා රෙජීමයේ වසර 15ක් තුළදී එසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 150ක් පමණ රටෙන් පැහැරගන්නා ලද අතර, ඇයගේ පාලනයේ පළමු වසර 5-6 කාලය තුළ පමණක් ඩොලර් බිලියන 50ක් පමණ රටින් පිටමං කළ බවට සාක්ෂි තිබෙනවා. බංග්ලාදේශය දූෂණයට සහ මහජන මුදල් කොල්ලකෑමට සරු බිමක් වී ඇති බව මෙයින් පෙනෙනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව අඩුම සංවර්ධිත රටවල් අතර බංග්ලාදෙශය යනු නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් වැඩියෙන්ම ඇති රටක් ලෙසට ශ්‍රේණිගත කර තිබෙනවා. ෂෙයික් හසීනාගේ ඒකාධිපති පාලන සමය තුළ දූෂණය සහ නීති විරෝධී මුදල් මාරුකිරීම පෙර නොවූ විරූ මට්ටමකට පත්විය. එසේම රජයේ ගජ මිතුරන්ට සහ ක්ලෙප්ටොක්‍රැට්වරුන්ට බැංකු කොල්ලකෑමට ඉඩ දීම වඩ වඩාත් උත්සන්න විය. අක්‍රමිකතා, බලතල අනිසි ලෙස භාවිත කිරීම සහ මුදල් විශුද්ධිකරණය හරහා බැංකුවලින් පමණක් ඩොලර් බිලියන 8.4ක් සාවද්‍ය පරිහරණයට ලක්කර ඇත. විදේශ ආධාර සහ විදේශ ණය අරමුදල් සහිත මෙගා ව්‍යාපෘති හරහා මෙම දූෂණය තවත් උග්‍ර විය. මේ අතර දේශපාලනිකව සම්බන්ධ ප්‍රභූන් විසින් බදු පැහැර හැරීම ප්‍රධානතම ආදායම් අලාභයක් වී ඇති අතර, එයින් වසරකට ඩොලර් මිලියන 703ක පමණ පාඩුවක් සිදුවූ බවද ගණන් බලා ඇත.’

මෙම මූල්‍ය අරබුදය ගැන තවත් සුවිශේෂ කරුණු මහාචාර්යවරයා හෙළිකර සිටියි.
‘2017 ගෝලීය මූල්‍ය අඛණ්ඩතා වාර්තාවකට අනුව වැඩිම නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් සොයාගෙන ඇත්තේ බංග්ලාදේශයෙනි. සාමාන්‍යයෙන් 2009 සහ 2018 අතර පමණක් ආනයන මිල සහ අඩු මිලට අපනයනය කිරීම මගින් වෙළෙඳාම වැරැදි ගණනය කිරීම හරහා පමණක් වසරකට ඩොලර් මිලියන 8.3ක තරම් මුදලක් විශුද්ධිකරණය කර ඇත. බංග්ලාදේශයේ දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 252ක් රටේ මුදල් විශුද්ධිකරණය කර විදෙස් රටවල් කිහිපයකම (ඇමෙරිකාව ඇතුළු) වටිනා නිවාස මිලදී ගත් බව වාර්තා වෙයි. ඩුබායිහි දේපළ වෙළෙඳාම් විදේශීය ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවේ බංග්ලාදේශ ජාතිකයෝ ඉහළින්ම සිටිති. පෙර පාලනයේ සිටි එක් අමාත්‍යවරයකු පමණක් එංගලන්තයේ (එක්සත් රාජධානියේ) ඩොලර් මිලියන 265කට වඩා වටිනා දේපළ 350ක් හිමිව ඇත. ෂෙයික් හසීනා රජය යටතේ රාජ්‍ය ආයතන විසින් පුරවැසියන් සූරාකෑම සඳහා පාලන ප්‍රභූන්ට සේවය කළේය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් පලුදු කර ආර්ථිකයේ පදනම දුර්වල කළේය. අයථා ලෙස උපයාගත් මුදල් ඉතිරි වී රට තුළ ආයෝජනය කළේ නම් ඉහළ යන විෂමතා සහ වැරැදි පාලනයේ වියදමින් ආර්ථිකයට අවම වශයෙන් ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් මෙතරම් විශාල නීති විරෝධී අරමුදල් ගලා යෑම සමගින් මහා ආර්ථික විනාශයක් සිදුවිය…’

දැන් මෙම සුවිශේෂ විද්වතාගේ පැහැදිලි විශ්ලේෂණය මගින් ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද? එයින් අපට ඉතා පැහැදිලිව විස්තර කර ඇත්තේ පසුගිය වසර 15ක පමණ දීර්ඝ කාලයක් පුරා බංග්ලාදේශයේ සිදුවූ මහා මුදල කොල්ලයයි. දැන් එසේ නම් ඔබ මෙම කතාවෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නෙහිය. මෙම මහාචාර්යවරයා මෙතැන් සිට තම කතාන්දරය වෙනත් මායිමකට හරවන්නේය. මෙලෙස විවිධ බලවත් පුද්ගලයන් (සොරුන්) විසින් කොල්ලකා ගත් ධනය නැවත රට වෙනුවෙන් ලබාගන්නේ කෙසේදැයි ඔහු ඉතා පැහැදිලිව විස්තර කර සිටියි.

තිරසාර සංවර්ධනය සඳහා සොරාගත් ධනය නැවත ලබාගැනීමට කටයුතු කිරීම.
‘සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ මූලික මූලධර්මයකි. සම්මුතියේ ‘වී’ පරිච්ඡේදය මගින් සොරකම් කරන ලද වත්කම් ආපසු ලබාදීම සඳහා රාමුවක් සපයයි. රාජ්‍ය පාර්ශ්වයන්ට දූෂණයෙන් ලැබෙන ආදායම වැළැක්වීමට, අත්පත් කරගැනීමට, රාජසන්තක කිරීමට සහ ආපසු ලබාදීමට පියවර ගත යුතුය. කෙසේ වෙතත් විශුද්ධිකරණය කළ මුදල් අයකර ගැනීම සඳහා වගකිව යුතු තනි ජාත්‍යන්තර ආයතනයක් නොමැත. මෙම ගැටලුව විසඳීම සඳහා යාන්ත්‍රණ සහ ආයතන කිහිපයක් එක්ව ක්‍රියා කරයි. විශුද්ධිකරණය කළ මුදල්වලට හිමිකම් පෑමට භාවිත කළ හැකි ජාත්‍යන්තර නීති සහ සම්මුතීන් ගණනාවක් තිබේ. මෙම ගිවිසුම් මගින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් මූල්‍ය අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී රටවල් අතර සහයෝගිතාව සඳහා රාමුවක් සපයයි.

මෙම ක්‍රියාවලිය සඳහා උදව් කරන්නේ කවරෙක්ද?
‘මෙම සංකීර්ණ ක්‍රියාවලිය සඳහා බංග්ලාදේශයට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර පොලිසියේද සහාය ලබාගත හැකිය. මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය සහ ලෝක බැංකුවේ ඒකාබද්ධ සොරකම් කළ වත්කම් අයකර ගැනීමේ මුලපිරීම යටතේ කටයුතු කළ හැකිය. කෙටි වදනින් STAR ලෙසින් හඳුන්වන මෙම කාර්යාලය මගින් නීතිමය රාමු කෙටුම්පත් කිරීම, ආයතනික ව්‍යුහය සැකසීම සහ සොරකම් කරන ලද වත්කම් සොයාගැනීමට සහ ආපසු ලබාගැනීමට අවශ්‍ය කුසලතා ගොඩනැගීම සඳහා පසුගිය කාලයේ රටවල් 35කට වඩා වැඩි ගණනකට සහාය වී ඇත. එම කටයුතු රැසක් බොහෝ සාර්ථකව ක්‍රියාත්මක කෙරී ඇත. දූෂිත ලෙස ලබාගත් වත්කම් ආපසු අයකර ගැනීමට සහ ආපසු ලබාදීමට ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) රටවලට සහාය වෙයි. ජාත්‍යන්තර දූෂණ විරෝධී සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වැනි ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ආයතන ගණනාවක් සමග ඉන්ටර්පෝල් සමීපව කටයුතු කරයි. මෙම ක්‍රමවේදය මහා දූෂණ චෝදනා විසඳීමට සහ දූෂිත ප්‍රභූන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට උපකාරී වෙයි. සාපරාධී වත්කම් ආපසු අයකර ගැනීම සහ ආපසු ලබාදීම සංකීර්ණ ක්‍රියාවලියකි…’

හොරකම් කරලා හංගපු සල්ලි ගේන්නේ මෙහෙමයි

සොරකම් කරන ලද ධනය නැවත ලබාගැනීම සඳහා මුලින්ම අදාළ රට තුළ නීතිමය යාන්ත්‍රණයක් තිබේද යන්න සොයාබැලිය යුතුය. කෙසේ වෙතත් වඩාත්ම තීරණාත්මක සාධකය වන්නේ දේශපාලන කැමැත්තයි. ඉහළ මට්ටමේ දූෂණ සහ අයථා ලෙස මුදල් හුවමාරු කරන අපරාධකරුවන්ට කිසිවක් සිදු නොවීමට වඩාත්ම වැදගත් හේතුව වන්නේ කූට ලෙස බලය අයුතු ලෙස භාවිත කිරීමයි. බංග්ලාදේශයට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතක්ද ඇත. එය විශුද්ධිකරණය සාපරාධී ලෙස සලකන අතර, විශුද්ධිකරණය කළ වත්කම් රාජසන්තක කිරීමට අවසර දෙයි. බංග්ලාදේශය වෙනත් රටවල් සමග අන්‍යොන්‍ය නීති ආධාර ගිවිසුම්ද අස්සන් කර ඇත. එහෙත් කනගාටුවට කරුණ නම් හසීනාගේ අත්තනෝමතික පාලන සමයේදී හෝ ඊට පෙර හෝ වේවා විශුද්ධිකරණය වූ මුදල් ආපසු අයකර ගැනීම සඳහා රට කිසිදු මෙවලමක් ඵලදායී ලෙස භාවිත නොකිරීමයි. එහෙත් දැන් ජන අරගලයෙන් පසුව පත්වූ නව රජය යටතේ මෙම සොරකම් කළ මහා ධනස්කන්ධය නැවත අයකර ගැනීමට කාලය පැමිණ ඇත. මේ සඳහා වෙනම කොමිසමක්ද පිහිටුවන ලද බවට බංග්ලාදේශ ආර්ථික සංගමය අවධාරණය කර ඇත. මේ අනුව ගම්‍යතාවයක් පවතින අතර, අන්තර්වාර රජය දැන් වහා ක්‍රියාත්මක විය යුතුය. රටින් සොරාගත් ඩොලර් බිලියන සිය ගණනක වත්කම් නැවත අයකර ගැනීමට දැන් හොඳම අවස්ථාවයි. බංග්ලාදේශයේ මෙන්ම දැන් ශ්‍රී ලංකාවේද සොරාගත් ධනය නැවත සොයාගැනීමට නිසි කාලය පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ නව රජය එය සිදුකරන තෙක් ජනතාව බලා සිටිති.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

නැතිවෙලත් නෑ! පිටු ගැලවිලත් නෑ! ගම්මන්පිල ආණ්ඩුවට දින 7ක් දෙයි! හංගලා තියෙන පාස්කු වාර්තා 2 වහාම එළියට දාන්න! නොදැම්මොත් මම දානවා! ඊට පස්සේ ‘අනුර’ පානයෙන් මත්වෙලා ඉන්න ජනතාවට සිහිය ඒවි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔළුවෙන් අල්ලා ගැනීම වෙනුවට‍, සජිත්ගේ වලිගයෙන් අල්ලා ගැනීම! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.