සතොස සේවකයන්ට හා ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන්ට මේ මාසයේ ලක්ෂ 1320ක ප්‍රසාද දීමනා ගෙවූ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
සතොස සේවකයන් සඳහා රුපියල් 30,000ක දීමනාවක් ද ,වාණිජ විවිධ නීතිගත සංස්ථා සේවකයන්ට රුපියල් 38,500 ක ප්‍රසාද දීමනාවක්ද ලබාදුන් බව ඔහු සඳහන් කළේය .
ඒ වෙනුවෙන් සතොසට රුපියල් ලක්ෂ 1200 ක් ද වාණිජ නීතිගත සංස්ථාවට ලක්ෂ120ක් ද ලබා දුන් බව හෙතෙම කීවේය.