පුද්ගලික අංශයේ ඒකාධිකාරය අවසන් කිරීමේ අරමුණින් ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේ ව්‍යාපාරයට පිවිසීම සඳහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බැංකු ඇපකරයක් ලබා ගැනීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ.
අමාත්‍යාංශයේ පරමාර්ථය වන්නේ භාණ්ඩ ආනයනය කිරීමේදී රජයේ යාන්ත්‍රණයක් පිහිටුවීම සහ එමඟින් පුද්ගලික අංශයේ මිල ගණන් සමඟ තරඟ කරමින් වෙළඳපොළට මුදා හැරීමයි.
දැනට අක්‍රියව පවතින රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යළි සක්‍ර්‍රිය කිරීම සඳහා මෙහිදී අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරයි.
සීනි, පරිප්පු, කුකුල් මස්, පොල්තෙල්, ළූණු, මිරිස් සහ අර්තාපල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අමතරව ටයිල්, යකඩ, ගොඩනැගිලි ද්‍රව්‍ය, සිමෙන්ති, නළ සවිකෘත සහ කේබල් යනාදිය මෙම ආයතනය හරහා ආනයනය කිරීමට අමාත්‍යවරයා සැලසුම් කර ඇත.
පෞද්ගලික අංශයේ මිල ඉහළ යන සෑම අවස්ථාවකම භාණ්ඩ ආනයනය කිරීම ප්‍රතිපත්තියක් වනු ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දැනට පෞද්ගලික අංශය විසින් හසුරුවනු ලබන ව්‍යාපාරවලට සම්බන්ධ නොවී රජය පරිපාලනමය කටයුතු කළ යුතු බවයි.
ආනයන හැසිරවීමේදී රජයට ප්‍රායෝගික ගැටළුවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
“පසුගිය රජයන් ආනයන හැසිරවීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. නමුත් අපිත් කැමතියි මේ ව්‍යාපාරයට ඇතුළු වී ආණ්ඩුව එහි අභියෝග දැකගන්නවාට’ යනුවෙන් හෙතෙම සදහන් කළේය.