• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බණ්ඩාරවෙල දෙව්මිණි – කන්තලේ සුගන්දිනී! ගියේ බෙහෙත් ගන්න! ආවේ පෙට්ටියෙන්! නොදනිමි කාගේ දොසා! Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
බණ්ඩාරවෙල දෙව්මිණි – කන්තලේ සුගන්දිනී! ගියේ බෙහෙත් ගන්න! ආවේ පෙට්ටියෙන්! නොදනිමි කාගේ දොසා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ අනුවේදනීය පුවත් දෙකක් අපට අසන්නට ලැබුණා. ඒ, දරු ප්‍රසූතියට රෝහල්ගත වූ මවකගේ මරණය සහ රෝගී තත්ත්වයකට බෙහෙත් ගැනීමට රෝහල්ගත වූ තවත් තරුණියකගේ හදිසි මරණ ගැන පුවත් දෙකයි. රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා මෙම මරණ දෙකම සිදුවූ බවටයි මියගිය කාන්තාවන්ගේ ඥාතීන් චෝදනා කළේ. Sri Lanka Latest News

22 හැවිරිදි දෙව්මිණි චමත්කා මෙවර දෙවැනි වර උසස් පෙළට මුහුණ දී සිටි තරුණියක්. පසුගිය 17 වැනිදා උදෑසන ඇතිවූ අපස්මාරය රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇගේ මවුපියන් ඇයව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබුණා. මූලික ප්‍රතිකාර ලබාදුන්නත් සුවය නොලැබීම හේතුවෙන් ඇයව දියතලාව මූලික රෝහලට මාරුකර යවා තිබුණා. එහෙත් එහිදී තම දියණියට නිසි ප්‍රතිකාර නොලැබුණු බවටයි මවුපියන් චෝදනා නගන්නේ. අනතුරුව ඇයව බදුල්ල මහ රෝහලට මාරුකර තිබුණත් එහිදී තම දරුවා මියගිය බවද මවුපියන් පවසා තිබුණා.

මෙම තරුණියගේ මව වේදනාව දරාගැනීමට නොහැකිව හැඬූ කඳුළින් මෙලෙස පවසා සිටියා.
‘එදා කිහිප විටක්ම එයාට ෆිට් එක වගේ ආවා. එදා දවසේ 33 වතාවක් විතර ෆිට් එක එනවා නවතිනවා. එදා රෑ 11 වෙනකල් දුව මේ දුක වින්දා. සමහර වෙලාවට බෙහෙත් දෙනවා. ඒවාට ආන්සර් කරන්නේ නැතුව යනවා. එයා අයි.සී.යූ. එකට දාන්න පරක්කු වුණා. අයි.සී.යූ. එකේ ඉඳලා තමයි බදුල්ල රෝහලට යැව්වේ. මම අයි.සී.යූ. දාන්න කියලා කෑගැහුවා. එතැන හිටපු මිස්ලත් කිව්වා, පුළුවන් නම් අම්මේ ඔයා කෑගහලා කියන්න ඩොක්ටර්ස්ලත් ආවාම එයාව බදුල්ලට යවන්න කියලා. එයා බදුල්ලේ ඉන්න ඕනෙ ලෙඩෙක් කියලත් මම කිව්වා. ඒත් ගණනකට ගත්තේ නැහැ.’

‘රෑ 11ට කලින් වෙනකම්ම මට මතක විදියට එයාව අයි.සී.යූ. එකට දැම්මේ නැහැ. එක බෙහෙත් එකකුත් එතන නෑ කියලා කිව්වා. අපි ඇහුවා ඒක මේ කොහෙන් හරි ගන්න තියෙනවා නම් අපිට කියන්න ගෙනල්ලා දෙන්නම් කියලා. ඒත් එගොල්ලෝ කිව්වා ඒ බෙහෙත මෙහේ ගන්න නැහැ කියලා. එයා හරියට දුක් වින්දා….’ යැයි මව පැවැසුවේ මවකගේ හදවතේ නැගෙන වේදනාව දරාගැනීමට නොහැකිවයි.

‘එයා කෑ ගගහා දැඟලුවා පැය ගණනක්. ඊට පස්සේ ගොඩාක් රෑ වෙලා තමයි එයාව අයි.සී.යූ. දැම්මේ. දුවව ස්කෑන් එකකට ගෙනිහින් ගෙනාවා කිව්වා. අපේ ඇන්ටි කෙනෙක් ඉන්නවා ප්‍රොෆෙසර් කෙනෙක්. එයා නිසා තමයි බදුලූ හොස්පිට්ල් එකේ අයි.සී.යූ. එකේ නතර කරගන්න පුළුවන්කම ලැබුණේ. අපිට ඉල්ලීම් කරන්නලු. අපිද ඉල්ලීම් කරන්න ඕනේ බදුලු හොස්පිට්ල් ගෙනියන්න කියලා. එයාලානේ ඒවා කරන්න ඕනේ…?’ යනුවෙන් දියණියගේ අවසන් කටයුතු සිදුකිරීමට ගිය අවස්ථාවේ සුසාන භූමියේදී මාධ්‍යයට පවසා තිබුණා.

ඇගේ ඥාතියෙක් පවසා සිටියේ මෙවැන්නකි.
‘මළගෙදර ආපු නර්සස්ලා පවා කිව්වේ එයාට මුලින් දෙන්න තිබ්බ ප්‍රතිකාර ටික වුණා නම් මේ දරුවාට මෙහෙම එකක් වෙන්නේ නැහැ කියලා. අනිත් එක තමා එයා දෙකේ වෝඩ් එකේනේ හිටියේ. ඒකේ ඩොක්ටර්ස්ලා අනෙක් ඩොක්ටර්ස්ලා එනකල් බලා ඉඳලා. එයාලා කියන්න එපැයි මෙයාලාට ඇවිත් හරි දේ කරන්න කියලා. අයි.සී.යූ. ඩොක්ටර්වත් දන්නේ නැහැ. අයි.සී.යූ. එකට ගිහිල්ලවත් නැහැ. ඒකේ ඇතුළේ ඉන්න කට්ටියමයි අපිට කියන්නේ. අපිටත් ඒකේ සම්බන්ධකම් තියෙනවා. ඒ කට්ටිය ඇවිත් අපිට කියනවා මූලික ප්‍රතිකාර ටිකවත් හරියට කෙරිලා නැහැ, ලොකු ඩොක්ටර් එනකල් ඉඳලා. මූලික දේවල් ටික කරන්නේ නැතුව බදුල්ලේ අයත් කියනවා මුලින් වෙච්ච ප්‍රමාදවීම තමයි මේකට හේතුව කියලා. මේ දරුවා බේරගන්න තිබ්බා. හැම දේම කරුමෙටයි පෙර ආත්මෙ කළ පව් කියලා බාර දෙන්නේ නැතුව මළගෙදර ආව ගොඩාක් අය කිව්වේ දියතලාවේ හොස්පිට්ල් එකේ මේ වගේ දේවල් වෙනවා කියලා. ඒක හින්දා ලංකාවේ අහිංසක දරුවන්ගේ ජීවිතවලට මෙහෙම නොවෙන්න වගබලාගන්න. රජයක් හැටියට මේ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි ඉල්ලා හිටින්නේ…’

කෙසේ වෙතත් දෙව්මිණි දැන් ජීවිතය හැරගොස් අවසානයි. ඔවුන් ඉල්ලා සිටින්නේ යළිත් කිසි දින මෙවන් පසුතැවීමක් කිසිදු මවුපියෙකුට සිදු නොවන්නට වගබලා යුතු බවයි.

ඇය අසල්වැසියන් ඥාතීන් සමග ගුණයහපත් දරුවකු ලෙස ජීවත්ව තිබුණා. මේ වෙන්ව යාම ඔවුන්ට දරාගැනීමට නොහැකිව තිබුණා.
අවසන් කටයුතු සිදුකළ දිනයේ එහි වූ බැනරයක සටහන් වූයේ මෙවැන්නකි.

‘ජීවන ගමන නිමකරමින් අතරමග
වෙන් වී ගියා හිමිකර දී කඳුළු ගඟ
සෝ සුසුම් ඉතිරිකර හදේ කොන
ඔබේ රුව මැවෙයි නිරතුරු ‌දෙනෙත් අග…’

තමන් අවුරුදු විසි ගානක් උස් මහත් කරලා හැදුව තමන්ගේ දුව ඇස්පනාපිටම මියැදුණාම කොයි අම්මාටද කොයි තාත්තාටද ඒ දුක දරාගන්න පුළුවන්? ඒ මිනිස්සු දවසින් දවස මැරි මැරී උපදිනවා. ඒක අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ දියණියගේ හිතේ බලාපොරොත්තු දහසක් තියෙන්න ඇති. අපි රෝහලකට යන්නේ පිහිටක් පතාගෙන අසරණ වෙලා. නමුත් ඇතැම් වෛද්‍යවරු ලෙඩ්ඩුන්ට සලකන්නේ මහා කුරිරු විදියට. පසුගිය දිනක කොළඹ ජාතික රෝහලේ එක්තරා වෛද්‍යවරියක් ලෙඩ්ඩුන්ට අකාරුණික විදියට සලකන ආකාරය දැක්වෙන වීඩියෝවක් එම රෝහලට බෙහෙත් ගන්න ගිය රෝගියෙක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණා. එම සිදුවීමද බොහෝ දෙනකුගේ කතාබහට එය ලක්ව තිබුණා. හැමෝටම පෞද්ගලික රෝහල්වලට යන්න මුදල් නැහැ. නමුත් නොමිලේ ප්‍රතිකාර කරන රජයේ රෝහල් තිබියදී අද බොහෝ දෙනෙක් පෞද්ගලික රෝහල් කරා යොමුවන්න හේතුවෙලා තියෙන්නෙත් මෙවැනි සිදුවීම් තමයි.

මේ අතර, තවත් එවැනිම කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණේ කන්තලේ ගැමුණු මාවතේ නිවෙසකින්. එම නිවෙසේ පදිංචිව සිටි පී.කේ. සුගන්දිනී 32 හැවිරිදි එක්දරු මවක්. ඇය පසුගිය 22 වැනිදා තම දෙවැනි දරු ප්‍රසූතිය සඳහා කන්තලේ රෝහලට ගියේ දහසක් බලාපොරොත්තු තබාගෙනයි. සුගන්දිනී මාස 08ක කාලයක් තිස්සේ මහනුවර රෝහලේ මූලික පරීක්ෂණවලට යොමුව තිබුණා. එම රෝහලේ වෛද්‍යවරුන් පවා නිර්දේශ කර තිබුණේ ඇයට සිසේරියන් සැත්කමක් සිදුකිරීමටයි. කන්තලේ රෝහලට ඇතුළත් වූ වහාම සුගන්දිනී සිය වෛද්‍ය වාර්තා වෛද්‍යවරුන්ට ඉදිරිපත් කර තිබුණා. නමුත් ඔවුන් පවසා තිබුණේ පළමු දරුවා සැත්කමකින් තොරව ලැබුණු නිසා දෙවැනි දරුවා බිහිකිරීම සඳහාද සැත්කමක් අනවශ්‍ය බවටයි. ඒ අනුව සැත්කමකින් තොරව දරුවා ලැබීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා. දරුවා ලැබී දිනක් ගතවුණද දරුවාගේ පියාට හෝ ඥාතීන්ට, දරුවා සහ මවව දැකගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර නොමැති බවටයි ඥාතීන් චෝදනා නැඟුවේ. මෙම මව මියගිය බව ඥාතීන්ට පවසා ඇත්තේ දරු ප්‍රසූතියෙන් දිනක් ගතවූ පසුවයි. දරුවා ලැබීමට රෝහල් ගතවී ඇය සිය වෛද්‍ය වාර්තා වෛද්‍යවරුන්ට ඉදිරිපත් කළද ඔවුන් එම වාර්තා නොසලකා හැර ඇති බවටද ඇගේ ඥාතීන් චෝදනා කරනවා.
සුගන්දිනීගේ ඥාතියෙක් මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.

‘මගේ පුංචි මාස 08ක්ම මහනුවර හොස්පිට්ල් එකේ තමයි ස්කෑන් ඔක්කොම කළේ. එයාලත් කියලා තියෙන්නේ ඔයාට නෝමල් ඩිලවරි නම් අමාරුයි කියලා. මෙහෙන් කියලා තියෙන්නේ මුල්ම බබා නෝමල් කරපු නිසා දෙවැනි බබාත් නොමල් කරමු කියලා. මොකද වුණේ කියලා අපට කිව්වේ නැහැ. අපි 6.30 වෙනකල් හොස්පිට්ල් එකේ හිටියා. ඒත් පෙන්නුවේ නැහැ. නර්ස්ලාගෙන් අහලා අම්මා පුංචිව බලන්න පුළුවන්ද කියලා. ඒත් පෙන්නලා නැහැ. ඒත් අම්මා වීදුරුවකින් දැකලා බබා බොනික්කෙක් වගේ ඔතලා ඉන්නවා, පුංචිගේ කකුල් දෙක විතරක් පේන්න තිබිලා. සිකියුරිටි ඇවිල්ලා අම්මාව එළවලා. ඒත් අම්මාට හිත දීලාම නැහැ හොස්පිටල් එකෙන් පුංචිව බලන්නේ නැතුව එළියට යන්න. පස්සේ අම්මාට කෝල් එකක් දීලා පිරිමියෙක් එක්කගෙන හොස්පිට්ල් එකට එන්න කියලා. අම්මා මට කතා කරලා ඉක්මනට එන්න කිව්වා. අපි පුංචි ඇඩ්මිට් කළ කාමරයටම ගියා. ඒත් හිටියේ නැහැ. ඊට පස්සේ කිව්වා ඔපරේෂන් කළ ඩොක්ටර්ව ගිහිල්ලා හම්බවෙන්න කියලා. ඩොක්ටර් අපේ ළඟට ඇවිත් වාඩිවෙලා කිව්වා එයාට ලේ ගිහින් නවත්තන්න බැලුන් එකක් තිබ්බා ඒකත් හරි ගියේ නෑ කියලා. ගොඩාක් ලේ ගිය හින්දා පැය ගානක් පුංචි එහෙම හිටියා නම් ඇයි එයාලට ඉක්මනට ලොකු හොස්පිට්ල් එකට මාරු කරන්න බැරි? උදේ බාප්පට ඇවිත් කියලා ලේ එකේ බුබුළු දාලා හුස්ම ගන්න බැරුව උඩට ගිහිල්ලා පුංචිට හාට් අ ටැක් ඇවිල්ලා තමයි පුංචි මැරුණේ කියලා. එයාලා ලියලා ඇත්තේ පුංචිට හාට් ඇටෑක් හැදිලි නැතිවෙලා තියෙන්නේ කියලා. ඩොක්ටර්ස්ලා මේවා පුරුදු වෙන්න කරනවාද මන්දා. ජීවිතයක් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද? මේ මරණය සම්බන්ධයෙන් ඉක්මනින් පරීක්ෂණයක් කරන්න ඕනේ. නැත්නම් තව ජීවිත කියක් බිලි ගනීද දන්නේ නැහැ මේ කන්තලේ හොස්පිට්ල් එක…’

සුගන්දිනීගේ අවසන් කටයුතු සිදුකිරීමට ප්‍රථම ඥාතීන් සහ අසල්වාසීන් කන්තලේ රෝහල ඉදිරිපිටට රැස්ව සිය විරෝධය පළකර සිටියා. එහිදී ඔවුන් අත විරෝධතා පුවරු තිබුණු අතර ඉන් එක් පුවරුවක මෙවැන්නක් සටහන් කර තිබුණා.

‘මෙම මවට සිදුවූ දේ වෙන කිසිදු මවකට සිදු නොවේවා’
‘මෙම සිදුවීමට සාධාරණයක් ලබාදෙන්න…’

සුගන්දිනීගේ ඥාතීන් කියා සිටින්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මේ මවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවයි. කෙසේ වෙතත් සුගන්දිනී මියගියද ඇය ප්‍රසූත කළ දෙවැනි දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි දැනගන්නට ලැබුණේ.

වෛද්‍යවරයෙක් රටට බිහිකරන්න රටක ජාතික ධනය කොයි තරම් වියදම් කරනවද? ඒ වගේම වෛද්‍යවරයෙක් තේරුම්ගත යුතුයි ලෙඩෙක් තමන්ගේ ළඟට එන්නේ අසරණ වෙලා පිළිසරණක් පතාගෙන කියන එක. සමහර වෛද්‍යවරු ඉන්නවා රෝගීන්ට පිහිට වෙන්නේ දෙවිවරු වගේ. එවැනි වෛද්‍යවරු රටට සම්පතක්. ඒත් ඒ දෙවිවරු අතර අකාරුණික හදවත් ඇති වෛද්‍ය වෘත්තියට නොගැළපෙන අතළොස්සක්ද සිටීම කනගාටුවට කාරණාවකි. දෙවිවරු බඳු හෙද හෙදියන්ද අපේ සෞඛ්‍ය සේවයේ ඕනෑ තරම් සිටිනවා. නමුත් අකාරුණික හදවත් ඇති හෙද හෙදියන්ද නැතුවා නොවේ.

මේ සිදුවීම පිළිබඳ බොහෝ අය සමාජ මාධ්‍යයේ පවසා තිබුණේ දියතලාව රෝහලේත් කන්තලේ රෝහලේත් මෙවැනි කනගාටුදායක සිදුවීම් නිතර සිදුවෙන බවයි.

තමන්ගේ සමීපතමයන්ගේ වෙන්වීම තදින්ම දැනෙන්නේ ඒ අයගේ ආදරණීයයන්ට පමණයි. වෛද්‍යවරයකුට පුළුල් ආචාරධර්ම පද්ධතියක් තියෙනවා. වෛද්‍යවරු බහුතරයක් උණුවන හදවතක් තියෙන මිනිස්සුයි. අසාධ්‍ය රෝගියකුගේ ජීවිතයකට ජීවය දුන්නාම වෛද්‍යවරයකුට දැනෙන්නේ පුදුම සතුටක්. එහෙම සතුටක් දැනෙන්න වෛද්‍යවරයකුම වෙන්න ඕනේ. රෝගියෙක් සුව වෙනකොට වෛද්‍යවරයාට දැනෙන්නේ වෙනමම හැඟීමක්. එහෙම දෙවිවරු වගේ වෘත්තියේ වගකීම නිසි පරිදි තේරුම් අරගෙන වැඩකරන වෛද්‍යවරුත් මේ මිහිපිට නැතුවා නොවෙයි. එවැනි වෛද්‍යවරු බහුතරයක් ඉන්න රටක මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට ලැබීම කනගාටුවට කරුණක්. කිසිම වෛද්‍යවරයෙක් හිතාමතා රෝගියකුට අකටයුතුකම් සිදුකරන්නේ නැහැ. ඒ නිසා මෙවැනි නොසැලකිලිමත්කම් යළිත් සිදු නොවන්නට වගකිව යුතු හැමෝම සිහිතබාගත යුතුයි. ඒ වගේම මේ මරණ දෙකටම වගකිව යුත්තේ කවුරුන්ද යන්න සාධාරණ විමර්ශනයක් හරහා තහවුරු කරගෙන, වැරැදිකරුවන්ට දඬුවම් කිරීමටද අදාළ බලධාරීන් කඩිනමින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක්ද එන්න යන්නේ? මිරිස්සේ ධීවර වරායට ගිය නියෝජ්‍ය ඇමැතිට එදා කියපු විදිහට ඩීසල් 100ට දෙන්න කිව්වා! දැන් කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට ගිය නියෝජ්‍ය ඇමැතිගෙන් ගොවියෙක් ‘කංචන ගහනවා කියපු 60 අඩු කරන්න බැරිද’ කියා මූණටම අහයි! බලන්නකො සංවාදෙ සැරටම යනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සුන්ගේ සාමකාමී උද්ඝෝෂණයකට බාධා කරන්න ආපු මැරයන්ටද මොක්කුන්ටද මන්දා මිනිස්සු එලවලාම දායි! වීඩියෝ එක බලනකොට තේරෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.