• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිපති අර්බූදය! ශිවා පසුපතිගේ සිට පාරින්ද දක්වා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

January 24, 2026
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
නීතිපති අර්බූදය! ශිවා පසුපතිගේ සිට පාරින්ද දක්වා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඇයි සර් ශිවා පසුපතිව තියාගත්තේ? එයා සිරිමාවෝගෙ මිනිහෙක්…?’Sri Lanka Latest News

මේ, ජේ.ආර්., බණ්ඩාරනායක මැතිනිය 1975 පත්කළ නීතිපති ශිවා පසුපති නීතිපති ධුරයේ තියාගන්න ගත් තීරණය ජේ.ආර්.ගේම ඇමැති මණ්ඩලයේ ඇමැතිවරු ප්‍රශ්න කළ ආකාරයය. ජේ.ආර්. බණ්ඩාරනායක මැතිනිය පත්කළ අධිකරණ විනිසුරුවන් සියල්ලන්ගේම තනතුරු අහෝසි වන ලෙස 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කොට ඔහුට විශ්වාසවන්ත විනිසුරුවන් පත් කළත් බණ්ඩාරනායක මැතිනිය පත්කළ නීතිපතිට අත තිබ්බේ නැත. ඔහුව තියාගත්තේ ඇයිද යන ප්‍රශ්නයට ජේ.ආර්. උත්තර දෙන්න ගියේ නැත.

‘නීති ප්‍රශ්නයකදී ආණ්ඩුවත් ආරක්ෂා කරගන්න අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම මිනිහා ශිවා කියලා ජේ.ආර්. හිතුවා…’

මේ, ජේ.ආර්.ට සමීප නීතිඥයෙක් ශිවා පසුපතිව තියාගත්තේ ඇයි කියා අහන ඇමැතිවරුන්ට දුන්න උත්තරයය. ජේ.ආර්. ඔහුව කොයි තරම් තදින් විශ්වාස කළාද කියනවා නම් 1988 ජේ.ආර්. ගෙදර යන තෙක්ම ඔහු නීතිපති ධුරයේ සිටියේය. විශ්‍රාම යෑමෙන් පසු ශිවා පසුපති ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගියේය.

ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගිය ශිවා පසුපති පසුව එල්.ටී.ටී.ඊ. නීති උපදේශකවරයෙක් බවට පත්විය. ඔහු 2002 සහ 2006 කාලයේ එල්.ටී.ටී.ඊ.ය නියෝජනය කරමින් නෝර්වේ සාම සාකච්ඡාවලට සහභාගි වන විට ලංකාවම අන්දමන්ද විය. ඒත් ජේ.ආර්., එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මර්දනය කරන අණ පනත් සම්මත කරගත්තේ ශිවාගේ උපදෙස් මතය. එහෙව් ශිවා අන්තිමේදී එල්.ටී.ටී.ඊ.යට උපදෙස් දුන්නේ ලංකාවේ නීතිපති ධුරය ආන්දෝලනයකට ලක් කරමිනි.

ඉන් පසු නීතිපති ධුරය ආන්දෝලනයකට ලක්වූයේ නීතිපති තිලක් මාරපනගේ කාලයේය. තිලක් මාරපනව නීතිපති ධුරයට පත් කළේ ප්‍රේමදාස වුවත් විජේතුංග ජනාධිපති වූ පසුත් ඔහු නීතිපති විය. තිලක් මාරපන විජේතුංගගේ සමීපතම දේශපාලන උපදේශකයා ලෙස ප්‍රකට විය. 1994 ජනාධිපතිවරණයකට යෑම වාසිසහගත යැයි යූ.ඇන්.පී. ආණ්ඩුවේ ඇමැතිවරු කියද්දී විජේතුංගට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස උපදෙස් දුන්නේ තිලක් මාරපනය. පසුව ඔහු යූ.ඇන්.පී.යට එක්වී 2001 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වී ආරක්ෂක ඇමැති විය.

තිලක් මාරපන නීතිපති ධුරයෙන් ඉවත් වනවිට නීතිපති ධුරයට පත්වූයේ නීතිපති ධුරයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරී ශිබ්ලි අෂීස්ය. ඔහුව නීතිපති ධුරයට පත්කළේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකා 1994 බලයට ආවේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ හොරුන් සහ මිනීමරුවන් අල්ලන්න පොරොන්දු වෙමිනි. ඇය 1994 මැතිවරණයට සටන් කළේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ දූෂණයට සහ භීෂණයට එරෙහිවය. එවක අධිකරණ ඇමැති වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. ඔහු දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කීවේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය නිසා ආණ්ඩුවේ ජනවරම ක්‍රියාත්මක කළ නොහැකි බවය. එනම් යූ.ඇන්.පී, ආණ්ඩුවේ හොරු සහ මිනීමරුවන් අල්ලන්න පත්කළ ජනාධිපති කොමිසම යූ.ඇන්.පී. ආණ්ඩුවට පක්ෂපාතී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ විනිසුරුවන්ගේ කකුලෙන් ඇදීම් නිසා කඩාකප්පල් වන බවය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ හොරුන්, මිනීමරුවන් නොඇල්ලීම නිසා ආණ්ඩුවේ ජනප්‍රියතාව හීන වන බව දුටු චන්ද්‍රිකා නීතිපති ශිබ්ලි අෂීස්ට ඉවත්වන ලෙස කාරුණික ඉල්ලීමක් කළාය. ශිබ්ලි අෂීස් චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමග සටන් කරන්න ගියේ නැත. ඔහු ඉල්ලා අස්වෙන්න මාස තුනක් කල් ඉල්ලුවේය. මාස තුන ඉක්ම යෑමෙන් පසු ඔහු ඉවත් විය. චන්ද්‍රිකා ඔහුට නීතිපති ධුරයේ සිටියදී භාවිත කළ වාහනය ගෙනයන ලෙස දැන්වූයේ ඔහුගේ මහත්මා ගතියට ගරු කරමින්ය. ඉන් පසු ඇය සරත් සිල්වා නීතිපති ධුරයට පත්කොට යූ.ඇන්.පී. ආණ්ඩුවේ හිටපු ජනාධිපතිවරුන්ට මැති ඇමැතිවරුන්ට පොලිස් සහ හමුදා නිලධාරීන්ට එරෙහි කොමිෂන් වේගවත් කරනු ලැබීය. සරත් සිල්වා චන්ද්‍රිකාට සහ ආණ්ඩුවට ඕනෑ විදියට ඒ වැඩේ කරලා දුන්නේය.

2005 මහින්ද බලයට එන විට සරත් සිල්වා අගවිනිසුරු වී නීතිපති ධුරයේ සිටියේ කමලසබේසන්ය. මහින්ද 2015 ජනාධිපතිවරණය පවත්වන විට නීතිපති ධුරයේ සිටියේ යුවන්ජන විජේතිලකය.
2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රී සහ රනිල් දින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් සහ ඝාතන සොයා දඬුවම් කරන බවට පොරොන්දු වෙමිනි. මෛත්‍රී සහ රනිල්ගේ ප්‍රධාන කැම්පේන් එක වූයේ හොරු ඇල්ලීමය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් දීම ප්‍රමාද වනවිට මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවේ නිර්මාතෘ වූ සෝභිත හිමි ඇතුළු සිවිල් සංවිධාන ආණ්ඩුව විවේචනය කරන්න පටන් ගත්හ. රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන්නේ නීතිපති කාර්යාලයේ නිලධාරීන්ගේ පක්ෂපාතීකම් නිසා යැයි ජනප්‍රිය මතයක් නිර්මාණය විය. නීතිපති යුවන්ජන විජේතිලකව ඉවත් කරන්න යැයි මේ සිවිල් සංවිධානවලින් ආණ්ඩුවට බලපෑම් එල්ල විය. එහෙත් මෛත්‍රී සහ රනිල් යුවන්ජන විශ්‍රාම යනතෙක් ඉවසා සිටියේය. යුවන්ජන විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ 2016 ජනවාරිය. ඔහු ඉවත්ව ගිය පසු අලුත් නීතිපතිවරයෙක් පත්කරන තෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතමයා ලෙස වැඩ බැලුවේ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්ය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපතිද විය.

තමාට එවක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පවරන ලෙසට ඇමැතිවරු දෙදෙනෙක් බලපෑම් කරනවා කියා ඔහු පුවත්පතකට ප්‍රකාශ කළා යැයි කියා ඔහුට වහාම ඉවත් වෙන ලෙස එවක අගමැති රනිල් කීවේය. එවක අධිකරණ ඇමැති තලතා අතුකෝරාල කීවේ ඔහුව ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීට දන්වා ඇති බවත්, ඔහු ඉවත් නොවන්නේ නම් ඔහුට විරුද්ධව අවශ්‍ය පියවර ගන්නා බවය. ජනාධිපති මෛත්‍රීපාල ඔහුට ඉවත් වෙන ලෙස නියෝග කළේය. තමා ප්‍රකාශ කළේ සත්‍ය බවත්, සත්‍ය වෙනුවෙන් තමා පෙනීසිටිනා බවත් ප්‍රකාශ කරමින් ඔහු ඉවත් විය. රනිල් නීතිපති ධුරයට නම්කළේ සුහද ගම්ලත්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටි ජයන්ත ජයසූරියවය. පසුව ජයන්ත ජයසූරිය අගවිනිසුරු ධුරයට පත්විය. දප්පුල ද ලිවේරා නීතිපති විය.
ගෝඨාභය 2019 ජනාධිපති වනවිට දප්පුල ද ලිවේරා නීතිපතිය. දප්පුල ද ලිවේරාට නීතිපති ධුරයෙන් ඉවත් වෙන්න යැයිද, ඒ වෙනුවට ඔහුව කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත්කරන්නටද ගෝඨාගේ ආණ්ඩුව දප්පුලට යෝජනා කළේය. එහෙත් ඔහු ඉවත් වූයේ නැත. ඔහු 2021 විශ්‍රාම ගියේ ගෝඨාභයගේ ආණ්ඩුවට කාලබෝම්බයක් පත්තු කරමිනි. ඒ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරමිනි. දප්පුලට පසු නීතිපති ධුරයට පත්වූයේ සංජය රාජරත්නම්ය.

2022 රනිල් ජනාධිපති වනවිට නීතිපති වූයේ රාජරත්නම්ය. ඔහු රාජරත්නම්ව ඉවත් කළේ නැත. ඔහු විශ්‍රාම ගිය විට රනිල්, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි අයේෂා ජිනසේනව පත් නොකොට පාරින්ද රණසිංහව නීතිපති ධුරයට පත් කළේය.

2024 අනුර බලයට එන්නේද වසර 74ක හොරු අල්ලන්න පොරොන්දු වෙමිනි. වසරක් ගතවී ඇතත් පොරොන්දු වූ පරිදි හොරුන් අල්ලන්නේ නැතැයි අනුර බලයට ගෙන ආ සිවිල් සංවිධාන චෝදනා කරමින් සිටී. මේ නිසාම ආණ්ඩුවද අප්‍රසාදයට පත්වෙමින් සිටී.

‘චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්, ගෝඨා වගේ අනුරත් නීතිපතිට ගෙදර යන්න කියයිද?’

‘අනුර කිව්වාම ශිබ්ලි අෂීස්ලා, සුහද ගම්ලත්ලා ගියා වගේ නීතිපති ගෙදර යයිද…?’

‘නීතිපති ඉවත් කරන්න ගිහින් ආණ්ඩුව අනාගනීද…?’

අද රටම බලාගෙන ඉන්නේ මේ නීතිපති නාටකය දිහාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාරට බැහැලා නීතිපති එළවන්න පුළුවන්ද? Sri Lanka Latest News

Next Post

පත්වීමේ අවුලක්! පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්-කාර්ය මණ්ඩල ප්‍රධානී-ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.