• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියත් එක්ක කැබිනට් එකේ හිටපු විජයදාසයි-නිමල් සිරිපාලයි දීපු ප්‍රකාශවලින් කෙහෙළිය බෙල්ල මුලටම හිරවෙයි! ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාලා! අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් කරලා නෑ! සතියෙන් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙනවා කියලා! ටෙන්ඩර් කරලත් නෑ! කැබිනට් මණ්ඩලයේ සාමූහික ගිවිසුම කඩලා! බාල බෙහෙත් සිද්ධිය ගැන නීතිපති උසාවියට සාක්ෂි ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

November 30, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව නීතිපතිවරයා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.Sri Lanka Latest News

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කියා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ ඔස්සේ මේ බව තහවුරු වන බවය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නීති කෘත්‍යය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවිය.

එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම නඩුවේ පළමු සැකකරු වන සුදත් ජනක ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ සෙසු සැකකරුවන් 10 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තාවක් රජයේ නියෝජ්‍ය ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කළාය.

“ස්වාමිනි, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ප්‍රකාශයෙන් කියා තිබෙනවා, කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුළත් කරුණු තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම කියලා. ඒ වගේම අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අමාත්‍යවරයා සෑහිමකට පත්වෙනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවටත්. එවැනි පසුබිමකයි ස්වාමිනි ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර මෙය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ඒ වගේම ස්වාමිනි අප, හිටපු අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කළා කුමන පදනමකින්ද මෙම කැබිනට් පත්‍රිකාවට අවසර දුන්නේ කියලා. ඔවුන් සියලුදෙනා පොදුවේ කියූ කරුණක් තමයි එම හදිසි ඖෂධ මිලදීගැනීමට අවසර නොදුනහොත් සතියකින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූ බැවින්, ඊට අවසර දුන් බව. එසේම අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොවු පසුබිමක හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණු බව අමාත්‍ය මණ්ඩලය විශ්වාස කළ බවද ඔවුන් සිය ප්‍රකාශවලින් කියා තිබෙනවා. 

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශයේ සඳහන් වනවා, අදාළ ඖෂධ මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරන බව හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගන්නා බව දැන සිටියානම් කිසිසේත්ම ඊට අවසර නොදෙන බව. එබැවින් මෙම කරුණු මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම තුළ කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව පැහැදිලි වෙනවා “

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, නීතිකෘත්‍ය පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල වූ රුපියල් 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකරන බවට චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජිත් නිශ්ශංක ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනුණු අතර නඩු විභාගය යළි පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

SendShareShare
Previous Post

ලංකාවම වතුරේ ගිල්වපු ‘ෆෙන්ගල්’ අද තමිල්නාඩුව පැත්තට යනවා! ඒත් දිගටම වහිනවා! I Sri Lanka Latest News

Next Post

ලංකාවෙ හම්බ නොවුණට මෙන්න චීනෙ නිධානයක් හම්බවෙලා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.