හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යන අය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දා අත්අඩංගුවට ගත් අතර, මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.Sri Lanka Latest News
නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර තිබුණේ පොල්ගහවෙළ මහේස්ත්‍රාත් අධිකරණයයි.
පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න හා සම්බන්ධ සිදු වීම පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි එක් පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් හා සම්බන්ධ වුවද, එම සිද්ධිය සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගැනීම සහ පසුව අතුරුදන් කිරීමද ගැට ගැසී පවතී.
මෙම සියළු අත-ුරුදන් කිරීම් පිටුපස නාවික හමුදාව තුළ ක්‍රියාත්මක වූ කිසියම් කණ්ඩායමක මැදිහත් වීමක් ඇති බව අනාවරණය වී තිබේ.
එසේ තිබියදී, මෙම අත්අඩංගුවට ගැනීම් විවේචනය කරමින් සහ ඊට අදාල නඩුකටයුතුවලට බාධා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කටයුතු කරන බවට, අතුරුදන් වූ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අචලා සෙනෙවිරත්න චෝදනා කරයි.
එමෙන්ම, මෙම අත්අඩංගුවට ගැනීම් කොටි ත්‍රස්තවාදීන්ගේ සාක්ෂි මත පදනම්ව සිදු කරන බව පවසමින් හිටපු මන්ත්‍රීවරයා ජාතිවාදය අවුස්සමින් සිටින බව ද ඈ පවසයි.
ඒ අනුව, නීතීඥවරිය අද දිනයේ දී, හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.










