වැඩිහිටියන් ලෙස මෙරට පාසල් දූදරුවන්ට ලබා දිය හැකි හොඳම දායාදය අධ්‍යාපනය බවත් ඉඩම් දේපල යාන-වාහන සොරකම් කළ හැකි වුවත් කිසිම කෙනෙකුට අධ්‍යාපනය තුළින් ලැබෙන දැනුම හොරකම් කළ නොහැකි බවත් රටෙන් හරි භාගයක් දුප්පත් වී ඇති මොහොතක එම දුප්පත්කමින් මිදෙන්න අධ්‍යාපනය යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 138 වැනි අදියර යටතේ අද වන්නි දිස්ත්‍රික්කය, වව්නියාව, සෙට්ටිකුලම අරුවිත්තොට්ටම් සිවානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.
සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ආදී සෑම ජාතියකටම ආගමකටම අයත් දරුවන් සුහුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතු බවත් ඒ සඳහා ජාතිභේද ආගම් භේද පසෙකලා සමගි ජන බලවේගය කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම වසර 76ක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ රටට වැඩක් කළේ රාජ්‍ය බලය සහ ආණ්ඩුවේ තනතුරු දරමින් වුවත් මෙම ඉතිහාසය තුළ විපක්ෂයේ සිට රටට වැඩක් කළ එකම රජය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 138ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1389ක් වැය කර තිබේ.





















