• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ASP ඕලුගල නේපාලයටම ගිහින් ගහපු ගේමක්! ඉන්දියාවට පන්නගෙන තියෙන්නේ කෙහෙල්බද්දර පද්මේ! නේපාලයෙන් යුරෝපෙට පන්නන්න හොර පාස්පෝට් එකකුත් හදලා! අල්ලපු අය අතර ඉෂාරා වගේම තව කෙනෙකුත් ඉන්නවා! ලංකාවට අරන් එන්න ප්ලේන් එක ලෑස්තියි! I Sri Lanka Latest News

October 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රටම පුදුම කරන බරපතළ හෙළිදරව්වක්! උසාවිය ඇතුළේ ගණේමුල්ල සංජීව ඝාතනය කරන්නයි යන්නේ! පිස්තෝලය අරන් ආ සෙව්වන්දිගේ නමත් එක්කම බුද්ධි අංශ සති දෙකකට කලින් වාර්තා කරලා! පාස්කු ප්‍රහාරයට වෙච්ච දේමද මේ පාරත් වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 15 පමණ දුරකින් වූ ස්ථාන තුනක දී නේපාල පොලීසිය සමඟ එක්ව ශ්‍රී ලංකා පොලීසිය කළ මෙ‍‍හෙයුමකින් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකික සැකකරුවන් 06 දෙනා අද හෝ හෙට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.Sri Lanka Latest News

මෙම සැකකරුවන් මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් අද නේපාල‍යේ කත්මණ්ඩු බලා පිටත්ව යාමට නියමිතය.

බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ නිලධාරියෙක් නේපාලයට ගොස් එරට පොලීසිය සමඟ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර සිටින තවත් කාන්තාවක් ඉෂාරා සෙව්වන්දිගේ හැඩරුවට තරමක් සමාන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉෂාරා සහ එම කාන්තාව හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර යාපනයේ පදිංචි දෙ‍දෙ‍‍නෙක්ද සිටිති. සෙසු සැකකරුවන් දෙදෙනා ‍ කොළඹ සහ ගම්පහ පදිංචිකරුවන්ය. ඔවුන් කෙ‍ෙහල්බද්දර පද්මේ නමැත්තාගේ ගෝලයින් බව සඳහන්ය. ඔවුන් මත්කුඩු ජාලයට සම්බන්ධ අය බව ද පෙනී ගොස් ඇත. ඉෂාරා සෙව්වන්දි‍ගේ හැඩරුවට සමාන සැකකාරිය විමර්ශන සඳහා වැදගත් තැනැත්තියක් බව පෙනී යන බවත් මෙරටට ඇය රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රශ්න කිරී‍මෙන් බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

ඉෂාරා සෙව්වන්දි හැරුණු කොට සෙසු සැකකරුවන් පිටුවහල් කිරීමක් ලෙස මෙරටට එවීමට නියමිතව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළේය. ඔවුන්ව මෙරටට පිටුවහල් කර එවනු ලබන්නේ ඉෂාරා සෙව්වන්දිව රැගෙන ඒමට නියමිත ගුවන්යානයේම බව සඳහන්ය. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්යානයක් මේ වන විටත් සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කළේය.

නීතිඥවරයෙක් ලෙස පෙනී සිටි පාතාලයේ වෙඩික්කරුවකු විසින් අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා පලා යන්නේ පසුගිය පෙබරවාරි 19 වෙනිදාය. දණ්ඩ නීති සංග්‍රහයක කොල කපා ඒ තුළ සඟවා ගිනිඅවිය අධිකරණ සංකීර්ණයට රැගෙනවිත් වෙඩික්කරුට ලබා දී ඇතැයි හෙළි වී තිබුණේ ඉෂාරා සෙව්වන්දිය.පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩික්කරුව පැය කිහිපයක් තුළ හලාවත දී අත්අඩංගුවට ගත්තද ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී ඇය රටින් පලාගොස් තිබුණි.

ග‍ණේමුල්ලේ සංජීවගේ ඝාතනය විදේශගතව සිටිමින් එකල මෙහෙයවූ බව කියැවුණේ කෙ‍ෙහල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම විසිනි. ‍‍ෙකෙහල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකරුවන් 05 දෙනෙක් ඉන්දුනීසියාවේ දී කළ මෙහෙයුමකින් මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගණේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක තොරතුරු හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවත්, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයත් සමත් විය. ඒ වන විටත් ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස් සිටීද නැත්නම් මෙරට සැඟව සිටින්නේද යන්න ගැන විමර්ශන නිලධාරීන්ට නිශ්චිත තොරතුරක් ලැබී තිබුණේ නැත. ග‍ණේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරාව ඉන්දියාවට ගෙන්වාගත් බව ප්‍රශ්න කිරීම් හමුවේ කෙ‍ෙහල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබිණි. ඇය ඉන්දියාවට ගෙන්වා ගත්තේ බෝට්ටුවකින් බව ද කියැවිණි. ඉන්දියා‍වේ කෙටි කාලයක් රඳවා තබාගෙන දේශ සීමා පන්නමින් ඇයව නේපාලයට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ද කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබුණි. සැලසුම වී තිබී ඇත්තේ ව්‍යාජ වි‍ෙදස් ගමන් බලපත්‍රයකින් ඇයව නේපාලයේ සිට යුරෝපීය රටකට පැන්නීමය. ඊට අවශ්‍ය කටයුතු රැසක් කෙහෙල්බද්දර පද්මේ විසින් විශාල මුදලක් වැය කරමින් සකස්කර තිබුණත් ඔහු ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඒ සියල්ල ඇනහිට ඇත.

ඉෂාරා සෙව්වන්දි ඇතුළු කිහිප දෙ‍ෙනක් ඒ වන විටත් නේපාලයේ කොටුවී සිටින බව කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පිරිස කොටුකර ගැනීමට ජාත්‍යන්තර පොලීසියේද සහාය ඇතිව නේපාල පොලීසි‍යෙන් සහාය ඉල්ලා තිබේ. කෙහෙල්බද්දර පද්මෙ‍ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරු මත ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ බව නේපාල පොලීසිය දැනුම්වත් කිරීමටද පියවර ගෙන තිබුණි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි නිශ්චිත ලෙසම කත්මණ්ඩු සිට කිලෝ මීටර් 15 පමණ ඈත ප්‍රදේශයක තට්ටු නිවාස සංකීර්ණයක නවාතැන් ගෙන සිටින බව නේපාල පොලීසි‍යේද සහාය ඇතිව තහවුරු කරගෙන ඇත. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නේපාලය බලා ඉකුත් සෙනසුරාදා ගමන්කර ඇත්තේ ඒ අනුවය. ඉෂාරා සෙව්වන්දි කොටුකර ගැනීමේ රහස් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඇය ඒ වන විටත් රැඳී සිටි ස්ථානයෙන් පිටතට ගෙන්වාගෙනය. එම මෙ‍ෙහයුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද මෙරට සිට සම්බන්ධව සිටීම විශේෂත්වයකි.

එම මෙ‍ෙහයුමට සමගාමීව යම් පුද්ගලයෙකුගෙන් ඉෂාරා සෙව්වන්දිට ලද දුරකතන ඇමතුමකට අනුව ඇය නවාතැන් ගෙන සිටි බව කියැවෙන තට්ටු නිවාසයෙන් එළියට විත් මහාමාර්ගයට පැමිණි අවස්ථාවේ දී පොලීසිය ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. නේපාල පොලීසියේ නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම කර ඇත. එම ස්ථානයේ රොහාන් ඕලුගලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාත් සිට ඇති බව සඳහන්ය. ඉෂාරා සෙව්වන්දිව හඳුනා‍ගෙන ඇත්තේ ඔවුන් විසින්ය. එහි දී ඇ‍ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු මත නේපාල‍‍යේ දී ඇයට රැකවරණය ලබා දුන් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු යාපනයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදීත් කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබුණු තොරතුරුත් පදනම් කරගෙන තවත් ස්ථාන දෙකක කළ වැටලීමේ දී සෙසු සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතරින් ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබෙන්නේ ඉෂාරා සෙව්වන්දිට පමණක් බැවින් ඇයව භාරගෙන මෙරටට රැගෙන ඒමට නිලධාරීන් නේපාලයට ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ පරීක්ෂා කිරීමේ දී ඇය සතුව තිබී වි‍ෙදස් ගමන් බලපත්‍රයක්ද හමුවී ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය ඉෂාරා‍ගේ ඡායාරූපය සහිත වි‍දේශ රටක එකකි. එම විදේශ ගමන් බලපත්‍රයට අනුව ඇය ශ්‍රී ලංකිකයෙක් නොවන බවට සිය අනන්‍යතාවද වෙනස්කර ගෙන සිට ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව විමර්ශනයක් පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඇය සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 05 දෙනාද නේපාලයේ රැඳී සිට ඇත්තේ නීතිවිරෝධිවය. එබැවින් ඔවුන්ව මෙරටට පිටුවහල් කර ගැනීමට පහසුවක් වී ඇත. ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම සැකකරුවන් මෙරටට රැ‍ගෙන ඒමෙන් අනතුරුව බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා විදේශ බුද්ධි අංශවලත් විදේශයන්වලත් සහාය ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

මිලිමීටර් 100 පන්නලා මේ දවස් ටිකේම දිගටම වහිනවා! I Sri Lanka Latest News

Next Post

මිලියන 852ක නීති විරෝධී දුම්වැටි තොගයක් විනාශ කරයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.