පසුගියදා ලෝක ළමා දිනය දා පැවැති රූපවාහිනී වැඩසටහනකදී හිටපු තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා කාන්තාවන්ට සහ දරුවන්ට අපහාස වන අයුරින් කතා කළ බවත්, ඔහුට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් වසන්ත යාපා බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කොට සිටියේය.
ඊට අදාළ හඩපටයක්ද විකාශය කිරීමට වසන්ත යාපා මහතා උත්සාහ ගත් නමුත් ඊට ආණ්ඩු පක්ෂයේ විරෝධය එල්ල විය.
කෙසේවෙතත් ඒ මහතා කියා සිටියේ මෙවැනි පුද්ගලයන්ට එරෙහිව වහාම විමර්ශන පවත්වා දඩුවම් දිය යුතු බවකි.
Sri Lanka Latest News











