• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් හොයන්න ජේ.ආර්.ගෙන් නිදහස් වෙළෙඳ කලාප! ප්‍රේමදාසගෙන් ඇඟලුම් කම්හල් කලාප! මෙන්න ධම්මිකගෙන් තොරතුරු තාක්ෂණික රැකියා කලාප! අපි කිව්වා වගේම ධම්මික තිස්සමහාරාමයෙන් සටන පටන්ගත්තා! PHOTOS I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
ඩොලර් හොයන්න ජේ.ආර්.ගෙන් නිදහස් වෙළෙඳ කලාප! ප්‍රේමදාසගෙන් ඇඟලුම් කම්හල් කලාප! මෙන්න ධම්මිකගෙන් තොරතුරු තාක්ෂණික රැකියා කලාප! අපි කිව්වා වගේම ධම්මික තිස්සමහාරාමයෙන් සටන පටන්ගත්තා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට තරුණ තරුණියන්ට ගෝලීය රැකියා වෙළඳපොලේ තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථා විවර කරදීම අරමුණු කරගනිමින් ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පිහිටුවන තොරතුරු තාක්ෂණික රැකියා කලාප අතරින් පළමුවන කලාපය ඊයේ (10) තිස්සමහාරාමයේ පිහිටුවනු ලැබිණි.Sri Lanka Latest News

ඒ අනුව, ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆීස් පළමු රැකියා මධ්‍යස්ථානය ඊයේ දිනයේදී උද්ධකන්දර රජමහා විහාරයේදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සමසභාපති ධම්මික පෙරේරා මහතා අතින් විවෘත කෙරිණි.

එහිදී අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා පෙන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නිදහස් වෙළඳ කලාපවලට සහ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇඟළුම් කර්මාන්තශාලාවලට පසුව පසුගිය වසර 33ක් තිස්සේම අපේ රටේ මහා පරිමාණයෙන් රැකියා සපයන කර්මාන්තයක් ස්ථාපිත වී නොමැති බවයි. අප මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයට හේතුවී ඇත්තේ එය බව පෙන්වා දුන් ධම්මික පෙරේරා මහතා මීට විසඳුම වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම තම අරමුණ බවත් ඒ වෙනුවෙන් දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණික රැකියා කලාප බිහිකිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කළේය.

ඒ අනුව, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නිදහස් වෙළද කලාපවලිනුත් ආර්. ප්‍රේමදාස මහතාගේ ඇඟළුම් කම්හල්වලිනුත් පසුව, එනම් වසර 33 කට පසුව මෙරට ආර්ථිකයේ මීළඟ දැවැන්ත පිම්ම වශයෙන් එන්නේ ධම්මික පෙරේරාගේ තොරතුරු තාක්ෂණික රැකියා කලාප බවත් එහි පළමුවැන්න තිස්සමහාරාමයේදී මේ ආකාරයෙන් ආරම්භ කළ බවත් පැවසූ ඒ මහතා ඩීපී සිලිකන් වැලී ඔෆීස් සංකල්පයේ පළමුවැනි රැකියා මධ්‍යස්ථානය මෙසේ උද්ධකන්දර රජමහා විහාරස්ථානයේ පිහිටවූ බවත් එහි තරුණ තරුණියන් 100 දෙනෙකුට රැකියාවල නිරත වීමේ ධාරිතාවයක් ඇති අතර දැනට 20 දෙනෙකු රැකියාගත කර ඇති බවත් ප්‍රකාශ කළේය. මෙසේ රැකියාගත කර ඇති තරුණ තරුණියන් 20 දෙනා ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වෙතින් නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 25ක් වටිනා කෝඩින් පාඨමාලාව හදාරා මොරටුව විශ්ව විද්‍යාලයේ වෙබ් ඩිවලොපර් ඇන්ඩ් වෙබ් ඩිසයිනර් පාඨමාලාව ද හදාරා රැකියා සුදුසුකම් සම්පූර්ණ කළ අය වෙති. ඔවුන්ට මෙම සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා උපරිම වශයෙන් ගතවී ඇති කාලය මාස 6ක් වීම විශේෂත්වයකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා 2028 වසර වනවිට මෙරට සිසු සිසුවියන් ලක්ෂ 10 කට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදීමට සකස් කර ඇති සැලසුම අනුව 2025 වසර වනවිට දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එකක් වශයෙන් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 331ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් දැනටමත් එයින් 120ක් විවෘත කර ඇති බවත් කීය. මෙම අයිටී කැම්පස් මධ්‍යස්ථානවල සිසු සිසුවියන් 110,000 ක් පරිගණක භාෂා පාඨමාලාව හදාරණ අතර ඔන්ලයින් ක්‍රමයට එම පාඨමාලාව හදාරණ සිසුවියන් ගණන 130,000 කි. ඒ අනුව මේ වනවිට ඩීපී එඩියුකේෂන් පරිගණක භාෂා පාඨමාලාව හදාරණ සමස්ත සිසු සිසුවියන් ගණන 240,000ක් බවයි ධම්මික පෙරේරා මහතා පැවසුවේ.

එසේම තොරතුරු තාක්ෂණික රැකියා කලාප නිර්මාණය කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 6ක් පිහිටුවීමට දැනටමත් කටයුතු කරගෙන යන බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී ධම්මික පෙරේරා මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ නිදහස් වෙළඳ කලාප යුගයෙනුත් ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ ඇඟළුම් කම්හල් යුගයෙනුත් පසුව මේ එන්නේ ධම්මික පෙරේරාගේ තොරතුරු තාක්ෂණික රැකියා කලාප යුගය. අද එහි ආරම්භය සනිටුහන් කරමින් අපි පළමු තොරතුරු තාක්ෂණික රැකියා කලාපය මේ ඓතිහාසික තිස්සමහාරාම පුරවරයේ පිහිටුවනවා. ඒ අනුව අද, 2024 ජනවාරි 10 වෙනිදා අපි ඩීපී සිලිකන් වැලී ඔෆීස් පළමු රැකියා මධ්‍යස්ථානය මේ උද්ධකන්දර විහාරස්ථානයේ විවෘත කළා. මේ කතාව මම පැහැදිලි කරන්නම්.

අපේ රට දූපතක්. අපි කුඩා රටක්. නමුත් අපි ලෝකයෙන් හුදෙකලා වෙච්ච රටක් නෙවෙයි. අපි ලෝකයත් එක්ක බැඳිච්ච රටක්. අපේ ජනතාවට අත්‍යාවශ්‍ය ඩීසල්, පෙට්‍රල්, ගෑස්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය, වාහන, තාක්ෂණික උපකරණ ඇතුළු බොහෝ දේවල් අපට පිටරටින් ගේන්න සිද්ධ වෙනවා. ජනතාවගේ ජීවන මට්ටම ඉහළින් තියාගන්න නම් අපි මේ දේවල් ආනයනය කරන්නම ඕනෙ. මේවා ආනයනය කරන්න අපට විදේශ විනිමය ඕනෙ. එහෙම රටට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය අපට උත්පාදනය කරගන්න බැරිවුණු එකෙන් තමයි අපි මේ ආර්ථික අර්බුදයට තල්ලු වුණේ.

අපි මුල් කාලයේ තේ, රබර්, පොල් සහ සුළු අපනයන භෝග වගේ දේවල් අපනයනය කරලා විදේශ විනිමය හොයාගත්තා. ලෝකය කාර්මීකරණය වෙද්දී අපේ ජන ජීවිතයේ අවශ්‍යත්‍යා එන්න එන්නම සංකීර්ණ වෙනවා. ඒ අවශ්‍යතා සපුරා ගැනීමට අපට වැඩිවැඩියෙන් විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ අනුව විදේශ විනිමය වැඩියෙන් ඉපයීම වෙනුවෙන් අපි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී නිදහස් වෙළඳ කලාප ආරම්භ කරනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ඇඟළුම් කම්හල් ආරම්භ කරනවා. එයින් අවුරුදු 30ක් ගතවෙද්දී අදටත් අපි විදේශ විනිමය ඉපයීම වෙනුවෙන් වෙනත් මහා පරිමාණ කර්මාන්තයක් ස්ථාපිත කරගෙන නෑ. ඒක තමයි අපේ මේ ආර්ථික අර්බුදයට මුල වෙන්නේ.

ලෝකයේ ආර්ථික තත්වයන් අනුව, ඒවා අපට බලපාන ආකාරය අනුව මේ වෙද්දී අපේ රටේ නිදහස් වෙළඳ කලාප යුගය අවසන්. ඇඟළුම් කම්හල් යුගයත් අවසන්. අපට මහා පරිමාණයෙන් රැකියා උත්පාදනය කිරීමට ඉක්මන් විකල්පයක් නැතිවුණොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ.

ඒ වගේම අපි බංකොලොත් රටක් බවට පත්වෙලා තියෙන මොහොතක පිටරටින් ආයෝජකයින් එන්නෙත් නෑ. දේශීය ආයෝජකයින් පවා මහා පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජනය කරන්නේ නෑ. එහෙම කර්මාන්ත ක්ෂේත්‍රයක් ඉහළට ඔසවලා ගන්න ආයෝජනය කරන්න රජයට කොහොමත් සල්ලි නෑ. නමුත් රටක් හැටියට අපට මේ අර්බුදයේ ගිළිලා මෙහෙම ඉන්නත් බෑ. මේ කුඩා දරුවෝ, තරුණ පරම්පරාව, වැඩිහිටියෝ ඇතුළුව අපි මිලියන 22ක ජනතාවක්. මේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අවශ්‍ය විදේශ විනිමය උපයාගන්න රටක් හැටියට අපි මොකක්ද මීළඟට මහා පරිමාණ කර්මාන්තයක් වශයෙන් රටේ ඉදිරියට ගේන්නේ කියන ප්‍රශ්නය අපි ඒ මොහොතේ සලකලා බැලුවා.

ආයෝජනයට මුදල් නැතිකම විතරක් නෙවෙයි අපට තියෙන ප්‍රශ්නය. අපට කාලයත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ තෙල්, ගෑස් පෝලිම් නැතිවෙලා තිබුණාට කඩවල්වල බඩු ටිකක් තිබුණාට අපට දීර්ඝ කාලයක් මෙහෙම අල්ලාගෙන ඉන්නත් බෑ. මේ අර්බුදය නැවත වටයකින් ආයෙ එනවා, ඒ නිසා අපි ඉක්මනින්ම රටට ආදායම් සපයන, විදේශ විනිමය සපයන ක්‍රමයක් සොයාගත යුතුයි.

සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදයක් හෝ මැතිවරණයක් ළංවෙනකොට අපේ බොහෝ අයට රටේ ස්වභාවික සම්පත් මතක් වෙනවා. එප්පාවල පොස්පේට්, පුල්මුඩේ ඛනිජ වැලි, බෝගල මිනිරන්, මන්නාරමේ තෙල්, මේවායින් මේ රට ගොඩදාන්න පුළුවන් කියනවා. නමුත් අපි ගණන් හදලා බැලුවා ඒ සියල්ලම ගැනත්. ඒ කිසිවකින් මේ මොහොතේ අපේ රටේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න බෑ.

ඩීපී එඩියුකේෂන් වැඩසටහන අපි ආරම්භ කළේම අපේ රටේ ප්‍රශ්නයට උත්තරය තියෙන්නේ අධ්‍යාපනය හරහා විතරයි කියන දැක්මෙන්. අපි 2019දී ඩීපී එඩියුකේෂන් ආරම්භ කළේ මේ රටේ පාසල් දුවාදරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගෙන හොඳ රැකියාවක් හොයාගෙන හොඳ ජීවන තත්වයක් උදාකරගන්න අතදෙන්න. මේ දරුදැරියන් තමයි අපට තියෙන ලොකුම සම්පත. ඔවුන් හොඳ රැකියාවක් කරලා, ගමට ඒ මුදල් අරගෙන ගියාම ගමේ තියෙන අනෙකුත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරත් දියුණු වෙනවා. අපට ඕනෙ ගමට මුදල් යන ක්‍රමයක්.

2022 ආර්ථික අර්බුදය පුපුරලා යන මොහොත වෙනකොටත් අපි ඉදිරිය බලලා කල්පනා කරමින් හිටියේ මේකට මොකක්ද අපි ගන්න පියවර කියලා. මේ දුවාදරුවන්, තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් දීලා ඔවුන් වේගයෙන් රැකියාගත කරන්න ඕනෑ. නමුත් ඒකට අපට අලුතින් කාර්මික විද්‍යාල වැනි අධ්‍යාපන ආයතන හදන්නත් රජයට මුදල් නෑ. පෞද්ගලික ආයතන හැදුවොත් ඒවාට ගිහිල්ලා ඉගෙනගන්න මේ ගම්වල දූදරුවන්ට මුදල් නෑ. ආයතනවලට ගෙවනවා තියා සමහර දරුවන්ට නගරයට ගිහින් මේවා ඉගෙන ගන්න බස් එකට විදයම් කරන්නවත් මුදල් නෑ. දැනට රටේ තියෙන ඇතැම් වෘත්තීය පුහුණු පාඨමාලා අවුරුදු තුනක් දුවන ඒවා. එච්චර කාලයක් අපට අල්ලාගෙන ඉන්නත් බෑ. ඒ වගේම ලක්ෂ 10කට විතර රැකියා දෙන්න බැරි නම් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නත් බෑ. එච්චර පිරිසකට ගමේම ඉඳන් රැකියා දෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද ? ලෝකයේ දැනට වැඩියෙන්ම රැකියා අවස්ථා තියෙන ක්ෂේත්‍ර මොනවාද ? ඒවායින් වැඩියෙන්ම ආදායමක් හොයන්න පුළුවන් රැකියා අවස්ථා තියෙන්නේ මොනවද ? වගේ කරුණු ගණනාවක් අපට හොයන්න සිද්ධ වුණා.

ඩීපී එඩියුකෙෂන් හැටියට අපි මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් එකතු කරගෙන මේ ගැන තොරතුරු හෙව්වා. පර්යේෂණ කළා. සමීක්ෂණ කළා. ඒ අනුව තමයි අපට තියෙන ඉතාම සීමිත සම්පත් උපරිමයෙන් භාවිතා කරමින්, ගම්වල සිටින දුවාදරුවන්ට ඔවුන්ගේ ප්‍රදේශව සිටම අධ්‍යාපනය ලබලා ඒ ගම්වල සිටම රැකියාවල නිරත වෙලා, ඒ ආදායම ගමට ගේන්න පුළුවන් ක්ෂේත්‍රය හැටියට අපි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තෝරාගත්තේ. මොකද මේ තියෙන තත්වය තුළ දෙමව්පියන්ට තමන්ගෙ දරුවන් කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල රැකියාවලට යවන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒ වගේම එහෙම නගරවලට ගිහින් රැකියා කළත් ඔවුන්ගෙ වැටුපෙන් බාගයක් ඒ නගරයේදීම ඉවර වෙනවා. එතකොට ගමට මුදල් එන්නෙ අඩුවෙන්.

නිකම්ම මේ අඹ ගහට පොලු ගහනවා වගේ නෙවෙයි, අපි හොඳට හොයලා බලලා සැලසුම් හදලා මේ වැඩේ පටන් ගත්තේ. අපට උගන්වන්න දේශන ශාලා නෑ. ඒ පහසුකම් හදන්න වියදම් කරන්නත් සල්ලි නෑ. ඒ අනුව අපි මේ අපේ භික්ෂූන් වහන්සේලා හමුවට ගියා. කතෝලික දේවස්ථානවල පියතුමන්ලා හමුවට ගියා. මුස්ලිම් පල්ලිවල මවුලවිතුමන්ලා හමුවුණා. කෝවිල්වල පූජකතුමන්ලා හමුවුණා. ඒ ආගමික ස්ථාන ආශ්‍රිතව ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යාස්ථාන පිහිටුවීම අපි 2023 පෙබරවාරි මාසයේදී පටන් ගත්තා. රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් මේ අයිටී කැම්පස් 331ක් හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. දැනටත් එයින් 100 කට වැඩි ප්‍රමාණයක් පිහිටුවලා ඉවරයි.

දරුවන්ට උගන්වලා විතරක් මදි. ඔවුන්ට පළවෙනි රැකියාව අපි හොයලා දෙන්න ඕනෑ. එතනින් එහාට මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලෝකය පුරා තියෙන අවස්ථාවන් එක්ක ඔවුන් ලොකු ගමනක් යාවි. නමුත් පළමු රැකියාව අපි ඉක්මනින් හොයලා දෙන්න වෙනවා මේ රටේ තියෙන ප්‍රශ්නයත් එක්ක. අපි ඒකට මේ ක්ෂේත්‍රයේ විද්වතුන් එක්ක, මේ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් එක්ක, මේ ක්ෂේත්‍රයේ දැනට රැකියා සපනය ව්‍යාපාරිකයින් එක්ක සාකච්ඡා කළා. සමහර ආයතන එක්ක ගිවිසුම්ගත වුණා. එහෙම තමයි අද මේ සිලිකන් වැලී ඔෆීස් හරහා රැකියා දෙන්න ආරම්භ කරන්නේ.

මේ රැකියාවල නිරත වෙන්න ඔවුන්ට තැනක් ඕනෙ. කාර්යාල පහසුකම් සපයන ක්‍රමයක් අපට අවශ්‍ය වුණා. අපි නැවතත් අපේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් වෙත ගියා. එතුමන්ලාගේ ආශිර්වාදය හා උපකාර ඇතුව අපි රට පුරා ගම්මාන 14,000 ම මේ වගේ සිලිකන් වැලී ඔෆීස් විවෘත කරලා මේ තරුණ තරුණියන්ට ආරක්ෂිතව, වගකීමක් සහිතව රැකියාවල නිරත වෙන්න අවස්ථාව සලසලා දෙන්න සූදානම් කරගෙන සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඒක අපට තනියෙන් කරන්න බෑ, තවත් බොහෝ අයගේ සහාය අපට ඊට අවශ්‍යයයි.

නමුත් අයිටී කැම්පස් වැඩසටහන ආරම්භ කරලා මාස 11 ඇතුළත අද අපට අපේ පළමුවෙනි තොරතුරු තාක්ෂණික රැකියා කලාපය පිහිටුවමින් පළමු ඩීපී සිලිකන් වැලී ඔෆීස් මධ්‍යස්ථානය විවෘත කරලා පළමු පිරිස රැකියාගත කරන්න අවස්ථාව හදන්න පුළුවන් වුණා. වෙන මොන ක්ෂේත්‍රයකට යොමු වුණත් ලංකාවේ අපට මෙහෙම වේගයෙන් අධ්‍යාපනය දීලා රැකියාගත කරන්න ලැබෙන්නෙ නෑ.

ප්‍රශ්නයක් විසඳනවා කියන්නෙ මෙහෙම දෙයක්. හරි දේ තෝරාගන්න ඕනෙ, හරියට සැලසුම් කරන්න, අවශ්‍ය පුද්ගලයින්ගේ සහයෝගය හරියට ගන්න ඕනෙ, හදපු සැලසුම් හරියට ක්‍රියාත්මක කරන්න ඕනෙ. එහෙම කළාම ප්‍රතිඵල තියෙනවා. මේ පේන්න තියෙන්නෙ ඒවා තමයි.

අපට රටක් හැටියට වැටිලා ඉන්න බෑ. මේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේ රට ගොඩගන්න ඕනෙ. ඒකට කතා කරකර විතරක් ඉඳලා හරියන්නෙත් නෑ, අපි වැඩකරන්න ඕනෙ. අපි තෝරපු විසඳුම් අතරින් එකක් අද මේ විදියට සාර්ථකව ඉදිරියට යනවා. ඒ ගැන සතුටුයි.

තොරතුරු තාක්ෂණ රැකියා විතරකුත් නෙවෙයි. අපි ඩීපී එඩියුකේෂන් ඔස්සේ භාෂා පාසලක් පටන් ගත්තා. ඉංග්‍රීසි, කොරියානු, පජන් භාෂා උගන්වනවා. ඒ භාෂා ඉගෙනගන්න දරුවන්ට ඒ ඒ රටවල රැකියා සඳහා යොමුවෙන්න පුළුවන්. අපි දැනටත් ජපානයේ වැඩිහිටි සත්කාරක සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා වෘත්තීය පුහුණුවකුත් ආරම්භ කරලා තියෙනවා. තවත් ක්ෂේත්‍ර දක්වා ඒවා පුළුල් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තවත් රැකියා අවස්ථා බහුල රටවල්වලට අපේ දරුවන්ට යන්න අවශ්‍ය සුදුසුකම් හදාගන්න අවශ්‍ය අධ්‍යාපනය දෙන්න අපි සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඩීපී එඩියුකේෂන් ඔස්සේ පාසල් අධ්‍යාපනය හදාරණ සිසු දරුදැරියනුත් පාසල් අධ්‍යාපනය සාර්ථක කරගෙන, හොඳ විභාග ප්‍රතිඵල ලබමින් ඉදිරියට යනවා. ඒ ලක්ෂ ගණනක දරුවනුත් ඉදිරියේදී තමන්ගේ දක්ෂතා අනුව විවිධ ක්ෂේත්‍රවල ඉහළ වැටුප් ලබන රැකියා කරා යොමුවෙයි.

රටක ප්‍රශ්නයක් විසඳන්න පොඩිවට කල්පනා කරලා බෑ. ඒක ලොකුවට කල්පනා කරන්න ඕනෙ, ලොකුවට හීන දකින්න ඕනෙ. අපි මෙහෙම රැකියා ලක්ෂ 20ක් නිර්මාණය කරගත්තාම, ඒ රැකියාවලින් ගමට සල්ලි ඇවිත් ගමේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දියුණු වුණාම අපේ රටේ ප්‍රශ්නය විසඳෙනවා. එතකොට අපි පොහොසත් රටක්. එතනට යන්න යම් කාලයක් ගතවෙයි, නමුත් අපි දැනටමත් ඒ ගමන පටන් අරන් තියෙන්නේ. ජාත්‍යන්තර පිළිගැනීමකුත් එක්ක අපි සාර්ථකව මේ ගමන ඉදිරියට යමින් ඉන්නේ. ඩීපී එඩියුකේෂන් දැනටමත් ආසියාවේ අංක එකේ ඔන්ලයින් පාසල් අධ්‍යාපන වේදිකාව වෙලායි තියෙන්නේ. මොරටුව විශ්වවිද්‍යාලයත් එක්ක අපි කරන ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව යුරෝපා සංගමයේ සම්මානයට පාත්‍රවෙලා තියෙන්නේ. ඒ නිසා මේවා ගැන සැකයක් තියාගන්න හේතුවක් නෑ. අපි මේ හැමෝගෙම සහයෝගය ඇතුව හොඳම දේ දරුවන්ට දෙන්න වැඩපිළිවෙල හදලා තියෙන්නේ.

මේක ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ වැඩක් නෙවෙයි, මේක දේශපාලනයට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගේ වැඩක් නෙවෙයි, මේක ඩීපී එඩියුකේෂන් ආයතනයේ හෝ කණ්ඩායමේ වැඩක් නෙවෙයි, මේක මෙතනට සම්බන්ධ වෙලා ඉන්න දූදරුවන්ගේ දෙමාපියන්ගේ, අපට උපකාර කරන මේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්ගේ විතරක් වැඩක් නෙවෙයි, අපට නොයෙකුත් ආකාරයෙන් සහාය දෙන විශේෂඥයින්, විද්වතුන්, ව්‍යාපාරිකයින්ගේ වැඩක් නෙවෙයි. මේක මේ රටේ වැඩක්. මේක ශ්‍රී ලාංකිකයින් හැටියට අපි හැමෝගෙම වැඩක්. ඉතින් අපි හැමෝම එකතුවෙලා මේ වැඩේ සාර්ථක කරගෙන රටත් ගොඩගමු. අපට ඒක කරන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම ඒක කරමු.

SendShareShare
Previous Post

කොටුව ජනාධිපති මන්දිරයත් ඊයේ උත්සව සිරියෙන් ඇළලෙයි! ජනපතිගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්! ඈන් කුමරිය බලන්න චන්ද්‍රිකාත් ජනපති මැදුරට එයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසාදමයි! Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.