වත්මන් ජනාධිපතිවරයා වේදිකාවක් වේදිකාවක් පාසා ඉදිරිපත් කළ කරුණු කාරණා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ක්‍රියාත්මක කරන්න යෙදුණු වැඩපිළිවෙළ ගැන සලකා බලන විට ඒ කිසිවක් සිදු නොවූ බවත් බලයට පැමිණි පසු බඩු මිල අඩු කර අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල පහළ දමනවා කිව්වත් සිදු වුයේ වෙනත් දෙයක් බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී සහල් පවා හිග වි පොල් ගෙඩිවලට පවා පෝලිම් ඇති වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
බඩු මිල අඩු කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් එනකම් මන්ත්‍රිවරුන් පත්වනතුරු සිටීම අනවශ්‍ය බවත් ජනාධිපතිවරයාට එම තීන්දුව ගත හැකි බවත් පාස්පෝට් පෝලිමට පවා විසදුම් දෙනවා කිව්වත් අද වන විට පාස්පෝට් පෝලිමට ලැබී ඇති විසදුම වන්නේ පෝලිමේ ඉන්න ජනතාව වැඩිවීම බවත් මේ ආණ්ඩුවටත් පාස්පෝට් ටික හරියට දී ගන්න බැරිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ දී පැවැති ජන හමුවකදීය.
පාස්පෝට් පෝළිමට, පොල් පෝලිමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයට විසඳුමක් දෙන්න බැරි මේ රජය අනෙකුත් ගැටලුවලට විසඳුම් දෙන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් තෙල් මිල, විදුලි බිල අඩු කිරීම පවා මොවුන්ට කළ නොහැකි වි ඇති බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවක වැටුප් වර්ධනයක් කරන බවට පොරොන්දු වුවත් මේ වන විට වැටුප් වැඩි කරන්න නොහැකි යැයි පවසන බවත් ඒ සදහා භාණ්ඩාගාරයේ මුදල් තිබිය යුතු යැයි පවසන බවත් දේශපාලන වේදිකාවේ මෙවැනි පොරොන්දු දෙන විට ඒවා කරන්න පුලුවන්ද බැරිද කියා සොයා බැලිය යුතු වුවත් මොවුන් ඒ කිසිවක් කර නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බදු අඩු කරනවා කිව්ව ආණ්ඩුව මේ වන විට අයි එම් එෆ් එක ලග දණ නමා ඇති බවත් ඔවුන් අයි එම් එෆ් එක ළග දන නැමුවත් සමගි ජන බලවේගය එසේ නොවන බවත් ආණ්ඩුවට කළ නොහැකි බොහෝ දේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම කර ඇති බවත් එම නිසා බය නොවි සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.










