කොවිඩ් 19 එන්නත්කරණයත් දේශපාලන කදවුරක අභිමතය පරිදි සිදුවීම තුළ මේ රටින් කොවිඩ් වසංගතය නිමා කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
”අපි දැක්කා ඊයේ නගරාධිපතිවරයාගේ හැසිරීම. අද නගරාධිපතිවරයාව අත්අඩංගුවට අරගෙන ආණ්ඩුව කියන්න උත්සහ කරනවා දැන් හරි නැවත මේක සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය. නගරාධිපතිවරයා කියනවා කුරුණෑගල එන්නත්කරණය සිද්ධ වෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට ඕන විදිහට කියල. එයාගේ පාක්ෂිකයන්ට,ඥාති හිතවතුන්ට කියන කාරණය. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව දැන් නගරාධිපතිවරයා අත්අඩංගුවට අරගෙන විලි වසාගන්න හදනවා නම් අපි කියනවා ජොන්ස්ටන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගන්න. මොකද නගරාධිපතිතුමා කියනවනේ ජොන්ස්ටන් ඇමතිතුමා එන්නත්කරණය කරන හැටි.”










