• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක! I Sri Lanka Latest News

January 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
යුද හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ දී අඟහරුවාදා (ජනවාරි මස 09) දින ධූරයේ රාජකාරි භාරගත්තේය.

මීට ප්‍රථම එම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වශයෙන් රාජකාරි සිදුකරනු ලබයි.

මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ආගමික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගත්තේය. එහිදී එතුමන් සම්ප්‍රදායානුකූලව නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් සිය ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය.

තෙල්දෙණිය ප්‍රදේශයේ උපත ලද එතුමන් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වර්ෂ 1990 දී යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් වර්ෂ 1991 දී පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්වන ලදී.

එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළ ඛණ්ඩ භාර නිලධාරී පාඨමාලාව, නිලධාරී විශිෂ්ඨතා පාඨමාලාව, ඒකක බුද්ධි නිලධාරී පාඨමාලාව, ක්ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලා අදියර III, ඒකක ගිණුම් පාඨමාලාව, ඒකක පරිපාලන නිලධාරීන්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව (ජාතික ආරක්‍ෂාව හා උපාය මාර්ගික අධ්‍යයන), තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව – ඉන්දියාව, සංග්‍රාමික ඉංජිනේරු උපදේශක පාඨමාලාව – ඉන්දියාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව – චීනය සහ බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉංජිනේරු පාඨමාලාව – චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, බුද්ධි නිලධාරි, විධායක අධිකාරී, ඉංජිනේරු බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී III, අධි සහායක, නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී III, ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය මාණ්ඩලික නිලධාරී II, 511 පාබල බලසේනාවේ බලසේනා මේජර්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I යන තනතුරු හොබවා ඇත.

එසේම, එතුමන් යුද සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, 5 සහ 6 ඉංජිනේරු බලකායන්හි අණදෙන නිලධාරී, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I, ආරක්‍ෂක සේනා මූලස්ථානය – වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 22 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා සහකාර, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

උත්සව අවස්ථාව සඳහා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.

SendShareShare
Previous Post

වාර්තාවක් තියමින් ප්‍රංශය අවුරුදු 34ක කොල්ලෙක්ට බාර දෙයි! I Sri Lanka Latest News

Next Post

බන්දුල ඇමැතිතුමා ඔබතුමා ‘ටින්’ එක ගත්තද? මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට බන්දුල හිනාවෙවී දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.