හිටපු අමාත්‍යවරයෙකු වූ අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
2020 මහ මැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයට පසුව, පක්ෂය නැවත ප‍්‍රතිසංවිධාන කටයුතු අරඹා සාර්ථක ගමනකට මුල පුරනු ඇතැයි තමන් විශ්වාස කළද, එය සැබෑවක් වන බවක් නොපෙනෙන බවත්, එබැවින් පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, අර්ජුන රණතුංග පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීමේ ලිපියේ සදහන් කර තිබේ.
පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබේ.











