සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාය.Sri Lanka Latest News
ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,
‘‘ශ්‍රී ලංකා රේගුව බහලුම් 323 ක් පරීක්ෂා නොකර මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් රට තුළ මේ වන වනවිට ප්‍රචාරය වෙමින් තිබෙනවා. කෙසේ නමුත් එහි වගකීම ආණ්ඩුව භාරගෙන තිබෙනවා. වරාය නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළා මෙහි වගකීම රජය භාරගන්නා බව. මේ කාරණය තමයි දිගින් දිගටම පසුගිය කාලසීමාවේදීත් හොරකම නමින් ප්‍රසිද්ධ වුණේ. රටක ඇමතිවරයෙක් බහලුමක් තුළ තිබෙන්නේ මොනවාද කියන වගකිම කිසිදු පරීක්ෂණයකින් තොරව ලබාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහජනතාව සහ මාධ්‍ය රජයෙන් ප්‍රශ්න කළ යුතුව පවතිනවා.
ඒ වගේම මෙම බහලුම් 323 නිදහස් කළේ එම බහලුම් හිමිකරුවන් මීට පෙරත් බහලුන් ලංකාවට ගෙනැවිත් තිබෙන නිසා ඔවුන්ට කිසිදු චෝදනාවක් එල්ල එල්ලවන්නේ නැති නිසා බහලුන් හිමිකරුවන්ට පෙර චෝදනා නොමැති නිසා මෙවරත් එසේ විය හැකි යැයි අනුමාන කරන නිසා කියන හේතුවවත් අවම වශයෙන් රජයට ප්‍රකාශ කළ යුතුව තිබුණා. නමුත් එසේ නොකීමෙන් බලාපොරොත්තු වන්නේ ජනතාව ජාතික ජන බලවේගයට ලබා දුන් ජනවරම අවභාවිතා කිරීමක්. ජනතාව බලාපොරොත්තු වන්නේ මේ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක්. නමුත් අපැහැදිලි චිත්‍රයක් නිර්මාණය කරමින් තමයි මේ බහලුම් කතාව තවදුරටත් ඉදිරියට ගලාගෙන යන්නේ.
ඒවගේම පසුගිය රජයන්වල සිදුවුණ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් සිදු වෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මා දන්නා තරමින් ඔහු දහම් පාසලක ප්‍රධාන ආචාර්යවරයෙක්. දහම් පාසලක ප්‍රධාන ආචාර්යවරයෙකු වුණ , රාජ්‍ය නිලධාරීන් අතර කීර්තිමත් නමක් දිනාගෙන සිටින , නිලධාරියෙකු මිලියන 183 (ලක්ෂ 1183) ක විශාල මුදලක් වංචා කිරීමට සම්බන්ධ බව රජයට සම්බන්ධ මාධ්‍ය සඳහන් කර තිබුණා. නමුත් අවසානයේදී ඔහු ලක්ෂ දෙකක ඇපයකට නිදහස් කරනු ලැබුවා. ඒ ප්‍රවෘත්තිය පිළිබඳ සොයා බලන විට උත්සවයකට රුපියල් ලක්ෂයක ගෙවීමක් සම්බන්ධයෙන් තමයි ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
කෙසේ නමුත් කුමන ආණ්ඩුවක් බලයට පත්වුණත් රට ඉදිරියට ගෙන යන්නේ රාජ්‍ය අංශය. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතා රාජ්‍ය අංශයේ දූෂණ වංචා පවතිනවා. අපිට ඒවා ප්‍රතික්ෂේප කරන්න බැහැ. නමුත් ඒවා වළක්වා ගැනීමට විවිධ ක්‍රම උපායන් අනුගමනය කළ යුතුයි. එවිට කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වෙනවා. නමුත් උත්සවයකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීම වැනි ප්‍රවෘත්ති රට තුළ මතුවීම තුළින් සිදුවන්නේ රාජ්‍ය ඉදිරියට ගමන් කරන්නේ නැති වීමයි. ඒ වගේම ආණ්ඩුවේ මතයට එකඟ නොවන පිරිසට කවර ප්‍රතිලාභ අත්වේදැයි පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස තමයි රජය මේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ. මේ ආකාරයට රජය කටයුතු කිරීමෙන් සිදුවන්නේ රට ඉදිරියට ගමන් කිරිමේ වේගය අඩුවීමයි. රාජ්‍ය අංශය යම් දෙයකට අවසර ලබාදීමේදී එයට මැලිකමක් දැක්වීමට කටයුතු කරනවා. එයින් අවසානයේ සිදුවන්නේ රාජ්‍ය අංශය වේගවත් ගමනක් වෙනුවට අකාර්යක්ෂමතාවය දිනෙන් දින වැඩිවීමයි. ඒ වගේම වර්තමාන ආණ්ඩුව බලය ලබා ගත්තේ දූෂණය සහ වංචා නවත්වන බවට ජනතාවටට පොරොන්දු වෙමින්. ඒ තුළ විශාල ප්‍රමාණයේ වංචා හා දූෂණ සොයා රටට ගැලපෙන ක්‍රමවේදයක් හදනවා වෙනුවට ඉතාම කුඩා ප්‍රශ්නවලට විශාල අවධානයක් ලබා දෙමින් සිදුවන්නේ රටක් ලෙස ඉදිරියට යාමේ වේගය අඩුවීමයි. ඒ පිළිබඳව රජය වහාම සැලකිලිමත් විය යුතුයි. රජය විසින් ගනු ලබන තීන්දු තීරණ රටේ සියලුම මහජනතාවට බලපානවා.
ඒ වගේම මන්ත්‍රී නිල නිවාස වෙනුවෙන් රජය වියදම් කරන ප්‍රමාණය ඉතා සුළු මුදලක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවස තක්සේරු කළ ආකාරයට මාදිවෙල තිබෙන මන්ත්‍රී නිල නිවාස නිවැරදි තක්සේරු කොට , මන්ත්‍රී නිවාස වල කුලිය කොපමණදැයි සොයා බලා ඒ සඳහා ගැලපෙන කුලියක් අයකරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මාදිවෙල මන්ත්‍රී නිවාස ආසන්නයේ තිබෙන නිවාස වල සාමාන්‍ය කුලිය එක් ලක්ෂ විසි පන්දහසක් පමණ වනවා. මෙවැනි මුදලක් මාදිවෙල මන්ත්‍රී නිවාස වල සිටින මන්ත්‍රීවරුන්ගෙන් අය කළ යුතුයි. ජාතික ජන බලවේගය මහජනතාව කෙරෙහි ඇති කරපු බලාපොරොත්තුව එයයි. මහජනතාව තුළ මෙවැනි බලාපොරොත්තු ඇති කරලා බලයට පැමිණි ජාතික ජන බලවේගයට හැකියාව තිබෙනවා මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී නිල නිවාසවල තක්සේරුව හරි ආකාරව ගණනය කොට නියමිත කුලිය අය කිරීමේ වගකීම රජයට තිබෙනවා.
ඒ වගේම ජාතික ජන බලවේගය රටවල් තුළ පතිත කරපු විශාලම අසත්‍යය ප්‍රකාශය තමයි පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරු හොරු සහ දූෂිතයින් බව. මේ බොරුව සමාජගත කරලා තමයි ජාතික ජන බලවේගය ඡන්දය ලබා ගත්තේ. විපක්ෂයේ මන්ත්‍රීවරු හොරකම් කළ ආකාරය රටට හෙළිකරන ලෙස මම ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සොරකම් කිරීම සඳහා තිබූ ක්‍රමවේදයන් මොනවාදැයි රටට හෙළි කරන ලෙසත් මම ආණ්ඩුවට අභියෝග කරනවා. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස වගකීමෙන් ප්‍රකාශ කරනවා කිසිම දවසක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට කිසිම අයුරකින් රාජ්‍යය ආදායම් සොරකම් කිරීමේ ක්‍රමයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නැහැ. එහෙනම් කොහොමද ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරු හොරු දූෂිතයින් කියලා ප්‍රකාශ කළේ. ඒ වගේම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරු පසුගිය ආණ්ඩුවලදී සොරකම් කළ ආකාරය පිළිබඳව හෙළි කරන්නැයි මම ආණ්ඩුවට අභියෝගය. ජාතික ජන බලවේගය දැන් ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ නිසා ඔවුන් දන්නවා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට හොරකම් කරන්න පුළුවන් කොහොමද කියලා. ඒ නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරු කුමන ක්‍රමවේදයක් හරහා හොරකම් දූෂණ සිදු කළාදැයි කියන කාරණය රටට හෙළි කළ යුතුයි. කොහොමද විපක්ෂයේ මන්ත්‍රීවරු හොරකම් කලේ. කොහොමද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හොරකම් කරන්න අවස්ථාව තිබෙන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු හොරකම් කිරීම ජාතික ජන බලවේගය නවත්වා තිබෙන්නේ කෙසේද. ඉදිරි ආණ්ඩුවකදී මන්ත්‍රීවරුන්ට සොරකම් නොකිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙන එන නීති මොනවාද. මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්නැයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමතිවරු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසන කිසිදු ප්‍රශ්නයකට රූපවාහිනී සාකච්ඡා වලදී පිළිතුරු ලබා දෙන්නේ නැහැ . ආණ්ඩුවේ මැති ඇමැතිවරු රූපවාහිනී සාකච්ඡාවලදී පිළිතුරු ලබා දෙන්නේ ඔවුන් සකස් කරගෙන පැමිණි , දුරකථනයට ලැබෙන පිළිතුරුයි. ආණ්ඩුවේ මැති ඇමතිවරු විපක්ෂය යොමු කරන කිසිදු ප්‍රශ්නයකට ගැලපෙන පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු රූපවාහිනී විවාද වැඩසටහන්වලට පැමිණෙන්නේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වගකීම වන්නේ ඒ ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා දීමයි. එසේ නොමැතිව පැලවත්ත ජනතා විමුක්ති පරමුණ කාර්යාලයෙන් හෝ වෙනත් තැනකින් ලබා දෙන පිළිතුරු නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එයින් සිදුවන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ , ජාතික ජන බලවේගයට බලය ලබා දුන්න ජනතාව අනෙකුත් පක්ෂ ප්‍රතික්ෂේප කළ හේතු සාකච්ඡාවට ගැනීමට නොහැකි වීමයි. ඒ නිසා පසුගිය කාල සීමාවේදී ඔවුන් මතු කළ ප්‍රශ්න තමයි මම යළි යළිත් මතු කරන්නේ. ඒ වගේම ආණ්ඩුව බලයට පත්වී මේ වන විට දින 120 කට වඩා ගොස් තිබෙනවා. ඒ කාල සීමාව තුළ මේ රටේ ගෙවුණු අවුරුදු හැත්ත හයක කාල සීමාව තුල රාජ්‍ය ධනයෙන් කවර ප්‍රතිශතයක් දේශපාලනඥයින් සොරකම් කර තිබෙනවාද කියලා විධිමත් ආයතනයක් හරහා මේ වන විට සමීක්ෂණයක් හෝ පරීක්ෂණයක් කරලා තිබෙනවාද කියලා ආණ්ඩුව හෙළි කළ යුතුයි.
ඒ වගේම රාජ්‍ය මුදල් කොපමණ ප්‍රමාණයක් රටින් පිටවී ගොස් තිබෙනවාද. ඒ පිළිබඳව වර්තමාන ආණ්ඩුව ගෙන තිබෙන පියවරයන් මොනවාද කියලා රටට හෙළි කළ යුතුයි. කෙසේ නමුත් ඔවුන් මතුකරපු සහ ඔවුන්ට බලය ලැබුණු හේතු විපක්ෂය ලෙස අපිට මතු කරන්න වීම කණගාටුවක්. කෙසේ නමුත් ජාතික ජන බලවේගය බලය ලබා ගත්තේ මේ කාරණා වලට පිළිතුරු ලබාදෙන බව ජනතාවට පොරොන්දු වෙමින්.
ඒ වගේම ජාතික ජන බලවේගය ප්‍රකාශ කලේ වැටුප් නොගෙන රටට සේවය කරන බවයි. ඒ වගේම නිල නිවාස භාවිතා කරන්නේ නැති බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම නිල රථ ලබා ගන්නේ නැති බව ඔවුන් ප්‍රකාශකළා. නමුත් මේ සියලු වරප්‍රසාද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු ලබා ගන්නවා. එහෙම ලබා ගන්නවා කියන්නේ එතන යම්කිසි මතවාදි වංචාවක් සිදුවෙනවා. කෙසේ නමුත් මේ වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලබාගත යුතුයි වෙන මතය තමයි මා සිටින්නේ. ඒ වගේම පළාත් පාලන මැතිවරණයට තරුණ තරුණියන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන්න කැමතියි. ඔවුන් ස්වේච්ඡාවෙන් ජනතාවට සේවය කරන්න කැමතියි. නමුත් මන්ත්‍රී ධුරය ලබාගත් පසු අවුරුදු උත්සව , දන්සැල් , විවිධ සංදර්ශන සඳහා විශාල වියදමක් මන්ත්‍රීවරු දැරිය යුතුයි. ඒ නිසා තරුණ තරුණියන්ගේ නිර්මාණශීලී අදහස් රට වෙනුවෙන් ලබාගත යුතුව තිබුණත් මේ වියදම් ආවරණය කර ගැනීමට නොහැකි නිසා ඔවුන් දේශපාලනයට පැමිණෙන්නේ නැති බව ප්‍රකාශ කරනවා. පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන් එවැනි දේවල් සඳහා මුදල් නොඉල්ලා ඉන්න ජනතාවත් කටයුතු කළ යුතුයි. පළාත් පාලන මන්ත්‍රීවරයෙකුට ඉතා සුළු වැටුපක් තමයි ලැබෙන්නේ. මේ සියලු ප්‍රශ්න ඇති කළේ ජාතික ජරබලවේගයය විසින්. මන්ත්‍රීවරයෙක් බවට පත්වුණාට පසුව සියළුම සැප සම්පත් ලැබෙන බව ජාතික ජන බලවේගය රටේ ජනතාව තුළ දේශපාලන වෛරයක් ඇතිකළා. ඒ අනුව මහ ජනතාවත් හිතන්න පටන් ගත්තා දේශපාලඥයින් ළඟ විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනවානවා කියලා. ඒ අනුව වියදම් කිරීමට තිබෙන අපහසුතාවය නිසා දේශපාලනයට පැමිණිය යුතු පිරිස් දේශපාලනයට නොපැමිණෙන තත්ත්වයක් අද උද්ගතවෙලා. කෙසේ නමුත් ඇත්තටම සිදුවන්නේ මූල්‍ය වංචාවක් නොවෙයි මතවාදී වංචාවක්. ඒ මතවාදී වංචාව නිර්මාණය කළේ ජාතික ජන බලවේග කණ්ඩායම.
ඒ වගේම මන්ත්‍රිවරයෙකුගේ වියදම් ප්‍රමාණය ආදායමට වඩා වැඩිවන විට කළ හැකි දේවල් තිබෙනවා. ඒ වියදම් කළමනාකරණය කර ගැනීමට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලීමට මන්ත්‍රිවරුන්ට සිදුවෙනවා. මේ වන විට ව්‍යාපාරිකයන් මන්ත්‍රීවරුන් සමඟ සුහද සාකච්ඡාවකටවත් පැමිණීමට බියක් දක්වනවා. ව්‍යාපාරිකයන් මන්ත්‍රීවරුන් දෙ බලන්නේ මුදල් ඉල්ලාගෙන පැමිණෙන පිරිසක් ලෙසයි. නමුත් මම කිසිදු ව්‍යාපාරිකයකුගෙන් මේ වන විට මුදල් ලබාගෙන නැහැ. මන්ත්‍රීවරු ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ඉල්ලන්නේ මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා නෙවෙයි. මන්ත්‍රීවරුන්ට තිබෙන වියදම් කළමනාකරණය කර ගැනීමට තමයි ඔවුන් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගන්නේ. ඒ අනුව සාධාරණ ව්‍යාපාරයක් සිදුකරන රටගැන හිතලා යම් මුදලක් මන්ත්‍රීවරයෙකුට ලබාදීමට ඉඩකඩ තිබෙනවා. නමුත් අයථා ලෙස මුදල් උපයන පිරිස් මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමට කටයුතු කරනවා. ඒවගේම ඇමතිවරුන්ට ව්‍යාපාරිකයන්ගේ ඒ අයථා කටයුතුවලට සහාය ලබාදීමට අවසානයේ සිදුවෙනවා. මෙහි වැඩිම බලපෑම තිබෙන්නේ ආණ්ඩුවේ පිරිසට. හැම මොහොතකම වෙනත් අයගෙන් පහසුකම් ලබාගත් පිරිසක් තමයි ආණ්ඩුවේ සිටින්නේ. ඒ වගේම ආණ්ඩුවේ පිරිස් ඒ වෙනුවෙන් කළගුණ සලකන ආකාරයක් දකින්න ලැබෙනවා. තමන්ට සලසපු පිරිසට බලය ලබා ගත්තාට පසු උදව් කරන්න සිද්ධ වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට විශාල වියදමක් වැයවෙනවා. වියදම් කළමනාකරණය කර ගැනීමට කාගෙන් හෝ මුදල් ලබා ගන්නවා. අවසානයේදී ඒ මුදල් ලබාගත් පිරිසට පහසුකම් සලසන්න මන්ත්‍රීවරයාට සිදුවෙනවා. කෙසේ නමුත් එය ඉතාම නරක තත්ත්වයක්. ඒ වගේම ව්‍යාපාරිකයන් මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමත් වැරදියි. මහා ජනතාව මන්ත්‍රීවරුන්ගෙන් මුදල් ඉල්ලීමත් වැරදියි. ඒ වගේම මේ රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂ විගණනයට ලක් විය යුතුයි. සෑම මාස තුනකට වරක් ම දේශපාලන පක්ෂ විගණනයට ලක්විය යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයාට විදෙස් රටවලින් ලබා දුන් ඩොලර් ප්‍රමාණය හෙළි කරලා මේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන්. ඒ විදිහට තමයි දේශපාලන නායකයන් රටට ආදර්ශයක් ලබා දිය යුත්තේ. කතා වෙන්න නොව ක්‍රියාවෙනුයි දේශපාලනඥයින් ආදර්ශ ලබා දියයුත්තේ.
ඒ වගේම දූෂණයට නාස්තියට එරෙහිව කටයුතු කරන්න පැමිණි ජාතික ජනබලවේග ආණ්ඩුව උපදෙස් ලබාදීමට සිදුවී තිබෙන්නේ හොරු ලෙස හංවඩු ගැසුණ විපක්ෂයට. රටේ මහජනතාවගේ බදු මුදල් සොරකම් නොකළ විපක්ෂයේ මන්ත්‍රීවරු හොරු ලෙස තමයි පාර්ලිමේන්තුවට පැමිණියේ. ඒ හොරු ටික හොරකම් නොකරන ආකාරය ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්න සිදුවෙලා. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයින් කෙරෙහි ජාතික ජන බලවේගය සමාජ වෛරයක් ඇතිකළා ඒ වෛරය හරහා තමයි ජාතික ජන බලවේගය බලය ලබා ගත්තේ. වෛරයක් නිර්මාණය කරලා ජනතාවගෙන් ඡන්දය ලබා ගත්ත ජාතික ජන බලවේගය තව තවත් ජනතාව තුළ වෛරය ඇති කිරීමට තමයි උත්සාහ කරන්නේ. ඔවුන් තුළ රටේ තිබෙන ප්‍රශ්නවලට නිසි පිළිතුරු තවමත් නැහැ.‘‘










