• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිමාලයත් පුපුරන්නද යන්නේ? ඉන්දියානු භූමියේ පිපිරීම මොකක්ද? ලංකාවට තියෙන අනතුර භයානකද? මේක නම් ලේසි වෙන එකක් නෑ! Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
හිමාලයත් පුපුරන්නද යන්නේ? ඉන්දියානු භූමියේ පිපිරීම මොකක්ද? ලංකාවට තියෙන අනතුර භයානකද? මේක නම් ලේසි වෙන එකක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දශක ගණනාවකට පසුවයි ඉන්දියාවේ විශාලතම භූකම්පන සිතියම මෙසේ යාවත්කාලීන කර තිබෙන්නේ. මෙය මුළුමහත් ඉන්දියාවටත්, සමස්ත ලෝකයටත් ඉතා වැදගත් ලේඛනයක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන්ම ඉන්දියාවට යාබද රාජ්‍යයන් රැසකටද මෙය වැදගත් වෙනවා. ඉන්දියානු ප්‍රමිති කාර්යාංශය විසින් පසුගියදා එළිදක්වන ලද මෙම නවතම සිතියම හරහා වැදගත් තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා. මේ මගින් දැනට අනාවරණ කෙරී ඇති භයානකම කරුණ ලෙසින් පෙනීයන්නේ මුළුමහත් ඉන්දියාවේ භූමි ප්‍රමාණයෙන් 60%ක පමණ අතිවිශාල භූමියක් භූමි කම්පා අවදානමට ලක්ව ඇති ආකාරයයි. එනම් ඉන්දියාවේ බහුතර ප්‍රදේශයක් මෙසේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙම 60%ක භූමි ප්‍රමාණයෙන් බහුතර කොටසක් අයත් වන්නේ ඉන්දියාවේ හිමාලයානු කලාපයටයි. මෙවැනි හෙළිදරව්වක් සිදුව ඇත්තේ දශක ගණනාවකට පසුවයි…’Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන බියකරු කතාන්දරය? අපගේ රටට යාබද ඉන්දියාවෙන් ඇසෙන මෙම කතාව කියා සිටින්නේ කවරකු විසින්ද? පසුගියදා මෙම සුවිශේෂ වතගොත කියා සිටියේ හිමාලයානු භූවිද්‍යා ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ සහ භූකම්පන විද්‍යාව පිළිබඳ ඉන්දියානු ජාතික මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානී ආචාර්ය විනීත් ගහලුට් (Dr. Vineet Gahalaut, Director, Himalayan Institute of Geology and former head of Indian National center for Seismology) විසිනි. ඔහු ඉන්දියානු මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර තිබිණි. මෙම ආන්දෝලනාත්මක කතාව තවදුරටත් කියා සිටින්නේ කුමක්ද?

‘මෙම නවතම භූකම්පන සිතියමේ වර්ගීකරණයට අනුව සමස්ත හිමාලයානු වෘත්තංශයම ඉහළම භූකම්පන අවදානම් කාණ්ඩයට නම්කර තිබෙනවා. මෙම හෙළිදරව් කිරීම සිදුකිරීම සඳහා නවීන සම්භාවිතා උපද්‍රව ආකෘතිකරණය සහ දශක ගණනාවක භූකම්පන විද්‍යාත්මක පර්යේෂණ රාශියක් අධ්‍යයනයට ගෙන තිබෙනවා. එසේම භූකම්පන නිරාවරණය පිළිබඳ දිගුකාලීන දිස්ත්‍රික් සහ රාජ්‍ය මට්ටමේ උපකල්පනද අවධානයට ගෙන තිබෙනවා. මෙම නවතම ලේඛනය හරහා භූකම්පන පුරෝකථනය කිරීමට වඩා සිදුවිය හැකි උපද්‍රවවල පරිමාණය සහ සිදුවිය හැකි හානි මට්ටම් අවබෝධ කරගැනීම සඳහා පැහැදිලි රාමුවක් සපයනු ලබනවා. තවද මේ හරහා සියලු පාර්ශ්වකරුවන්ට පවතින අවදානම් ‘නැවත ඇගයීමට’ ආරක්ෂක සම්මතයන් ශක්තිමත් කිරීමට, දුර්වල ව්‍යුහයන් වැඩිදියුණු කිරීමට සහ වඩාත් විනිවිද පෙනෙන සහ විශ්වාසදායක ආපදා සූදානම් පිළිවෙත් අනුගමනය කිරීමටද දිරිමත් කළ හැකියි…’

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එනම් යම් සුවිශේෂ පාරිසරික හෙළිදරව්වක් නිසා ඉන්දියාව ඉදිරි කාලයේදී අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබීමය. තවත් ආකාරයකින් කිවහොත් ඉන්දියාවේ භූමි ප්‍රමාණයෙන් 60%ක්ම මෙම පාරිසරික තර්ජනයට ගොදුරු වී තිබීමය. මෙම අනතුරුදායක වටපිටාවේදී ඉන්දියාවට යාබද අනෙකුත් රටවලටද එම උපද්‍රවයන් බලපෑමට ඉඩ ඇත. අපගේ ශ්‍රී ලංකාව පවා ඉන්දියාවට ආසන්නයෙන්ම ඇති රටක් වෙයි. මෙහිදී මෙම භූකම්පන උපද්‍රවය ඉතා තදබල ලෙස බලපානු ලබන ප්‍රදේශය වන්නේ ඉන්දියාවේ උතුරුකරයේ පිහිටි හිමාලයානු භූමි කලාපයයි. එම කලාපය ආශ්‍රිතවද විශාල ජනගහනයක් වෙසෙන නගර රාශියක්ම පිහිටා ඇත. එසේම මෙම කලාපය වෙත ලෝකයේ විවිධ රටවලින් සංචාරකයන් ලක්ෂසංඛ්‍යාත පිරිසක් පැමිණෙති. එහෙයින් එම කලාපය අනාරක්ෂිත වීම ඉන්දියාවේ සංචාරක කර්මාන්තයටද ප්‍රබල පහරක් වනු ඇතිය. ඉදිරි අනාගතයේදී මෙම නවතම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අනුව ඉන්දියාව විසින් නව ආරක්ෂිත පරිසර ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇත. ඒ සඳහා දැන් සිටම ඉන්දියානු රජය යම් ක්‍රමවේදයක් සහ නිර්ණායක ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.

● භූමිකම්පාවලට ඔරොත්තු දිය හැකි නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි සැලසුම් කිරීම.
● අධි අවදානම් කලාපවල ව්‍යහයන්ගේ නම්‍යතාව සහ පාංශු අන්තර්ක්‍රියා පිළිවෙළ දැඩි ලෙස අධ්‍යයනය කිරීමට කටයුතු යෙදීම.
● භූකම්පන විද්‍යාව (Seismology) අදාළව ඉතා නවීන තාක්ෂණික උපකරණ භාවිත කිරීම සහ පර්යේෂණ දැනුම භාවිත කිරීම.
● භූකම්පන තර්ජනවලට පෙර අනතුරු අවම කරගැනීම සඳහා පෙර සූදානම් වීමේ ක්‍රමවේදය.

භූකම්පන කලාපකරණය හෝ භූකම්පන උපද්‍රව සිතියමක් යනු කුමක්ද? එනම් මෙය යම් කාලපරිච්ඡේදයක් තුළ විවිධ ස්ථානවල භූකම්පන කෙතරම් ප්‍රබල විය හැකිද යන්න පෙන්වන විද්‍යාත්මක මෙවලමකි. මෙම නවීත සිතියම් සම්භාවිතාව හරහා භූකම්පන උපද්‍රව තක්සේරුව සිදුකරයි. මෙහිදී භූකම්පනවලට අදාළ භූ තැටි චලිතයන් සහ භූකම්පන තරංග සිදුවන ආකාරය අධ්‍යයනයට ගැනෙයි. ඉන් පසුව විද්‍යාඥයන් එම උපද්‍රව සංඛ්‍යාව නිර්මාණ, කාණ්ඩවලට පරිවර්තනය කරන අතර, එමගින් කම්පනයෙන් බේරීමට අවශ්‍ය ක්‍රමවේදයන් හෙළිකර සිටී. තවත් ආකාරයකින් කිවහොත් මෙම සුවිශේෂ නව සිතියම හරහා භූකම්පන බලවේග ගණනය කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රමයක් සපයයි.

මෙයට සති තුනකට පමරණ පෙරදී හිමාලය තරණය කිරීමට ගිය ඉතාලි ජාතික සංචාරකයන් 07 දෙනකු මේ වනවිටද ආගිය අතක් නොමැති බව වාර්තා වෙයි. ඔවුන් දරුණු හිම කුණාටුවකට මැදිවී අතුරුදන්ව ඇතැයි පැවසෙයි. එනම් බොහෝ විට ඔවුන් හිම කුණාටුවේ අධික ශීත අයිස්වලට මැදිවී මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මේ අපේ ගින්නයි…. මේ අපේ නැවත ඉපදීමයි… ගින්නෙන් නැවත ඉපදෙමු…! Sri Lanka Latest News

Next Post

අහෝ රන්වල නොදිටි මොක්පුර! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.