බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.Sri Lanka Latest News
බැංකුව අයකරන පොලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම බැංකුවලට නියෝග නිකුත් කිරීමට නොහැකි බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
කෙසේ වුවද අසාධාරණ ලෙස පොලී අනුපාත අයකරන්නේ නම් එම විෂමතා සොයා බැලීමට මැදිහත්වීමේ හැකියාව ඇතැයි ද මහ බැංකුව සඳහන් කරනවා.
මෙවැනි පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1935 ක්ෂණික දුරකතන අංකයට දැනුම්දිය හැකියි.
මහ බැංකුව වරින්වර පොලී අනුපාතයන් ප්‍රකාශයට පත්කරනවා.










