• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරුද්ධ රත්වත්තේ වැඩේ බාරගනී! ලකුණු දාගන්න ආ දේශපාලඥයාට අටමස්ථානාධිපති නාහිමිගෙන් කනේ පාරක්! මාධ්‍ය මෙහෙයුමකින් අඳුරේ තිබූ ශ්‍රීමහා බෝධිය ඒකාලෝක වෙයි! Sri Lanka Latest News

March 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
අනුරුද්ධ රත්වත්තේ වැඩේ බාරගනී! ලකුණු දාගන්න ආ දේශපාලඥයාට අටමස්ථානාධිපති නාහිමිගෙන් කනේ පාරක්! මාධ්‍ය මෙහෙයුමකින් අඳුරේ තිබූ ශ්‍රීමහා බෝධිය ඒකාලෝක වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පනස් වසරකට අධික කාලයක් තිස්සේ, එනම් 1975 වසරේ සිට පෑන් තුඩ සමග සක්මන් කරන මාධ්‍ය ජීවිතයේ මිල මුදලට වඩා මිනිසුන් උපයා ගැනීමෙන් ලැබූ අත්දැකීම් ජීවිත කාලය පුරාම ගෙන දෙන්නේ මහත් වූ ආත්ම තෘප්තියකි. 1975 ‘ලංකාදීප’යෙන් ‘දවස’ටත්, දවසින් ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතටත් එහි සිට ‘සිරස’ මාධ්‍ය ජාලයටත්, ඉන් පසුව ‘මව්බිම’ටත්, මව්බිමෙන් ‘ජනයුගය’ටත්, එහි සිට ‘මව්රට’ටත් පැමිණ මේ වනවිට මා ලබන මාධ්‍ය වින්දනය ගැන සිතන විට මා උපයාගත් ආරක්ෂක ප්‍රධානීන්ගේ නාමාවලිය මතකයේ රඳවා ගැනීමටත් අසීරුය. එම පිරිස අතර අදටත් ජීවතුන් අතර සිටින පිරිස තුළ මතකයේ රැඳී පවත්නා නම් අතරට මමද එක්ව තිබීම ගැන සැඳෑ සමයේ සිටින මා අපමණ වින්දනයක් ලබන්නෙමි. Sri Lanka Latest News

වසර තුනක කාලයක් ‘සන්ඩේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංග සමග ගතකළ කාලය තුළදී එම පුවත්පතේ සිටි සම කර්තෘවරයකු වන ටිරෝන් ඩිවෝටා එවක ‘දවස’ නිවසින් ප්‍රකාශිත ‘සන්’ පුවත්පතෙහි සිටි පැරැණිම මාධ්‍ය හිතවතෙකි. ඔහු ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතින් බැහැරවී සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස ගියේ මාවත් ඇදගෙනය. ඒ, 1998 වසරේදීය. එම වසරේ සිරස රූපවාහිනියේ දිනපතා කර්තෘවරයකු වශයෙන් සිට පසුව මා සිරස ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක තනතුරේ තැබුවේ ටිරෝන්ය. එම තනතුරේ සිටියදී සිරස ගුවන්විදුලියේ උදෑසන 7.00ටත්, දහවල් 12.30ටත් සවස 6.30ටත් විකාශය වූ ප්‍රවෘත්ති සම්පාදනයේ වගකීම පැවැරුණේ මා හටය. මා යටතේ තවත් සංස්කාරකවරුන් සිවුදෙනකු විය.

එවක පැවැති රජයන්ටද ඇත්ත කතාකරන්නට ගොස් ඇතැම් දේශපාලනඥයන්ට පහර වැදෙන විට රහස් පොලිසියට යෑමට සිදුවූ අවස්ථාද තිබිණි. ප්‍රවෘත්ති සොයාගැනීමට ආගිය තැනක් නිසා රහස් පොලිසිය අපට බියවිය යුතු තැනක් නොවීය. ටිරෝන්ද රහස් පොලිසියේ ප්‍රශ්නකිරීම්වලට යොමුවූ අවස්ථාවක් තිබිණි. එහෙත් සත්‍ය කෙදිනක හෝ ජයගැනීමේ න්‍යාය තුළ අපි නිතරම සත්‍යය වෙනුවෙන් සිටගතිමු.

මේ අවධිය උතුරේ ත්‍රස්තවාදී ගැටුම්ද උග්‍ර අතට හැරී තිබුණු කාලසීමාවකි. මෙම කාලසීමාවේදී මා අනුරාධපුර නියෝජනය කළ දේශපාලනඥයකු ළඟින් ඇසුරු කළෙමි. ඔහු ඒ වනවිට මධ්‍යම පළාතේ කෘෂිකර්ම ඇමැතිය. නම එස්.එම්. චන්ද්‍රසේනය. පසුකාලීනව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඇමැති තනතුරක්ද ලබාගෙන තිබිණි. මා ඔහු සමග සමීපව සිටියදී දිනක් ඔහුගෙන් මා වෙත ආරාධනාවක් ලැබිණි. ඒ, අනුරාධපුර ජයශ්‍රීමහා බෝධීන්වහන්සේ වැඳපුදා ගැනීමටය. ඒ සඳහා ඔහු එවක අටමස්ථානාධිපතිව වැඩසිට අපවත් වූ අතිපූජ්‍ය සිරිනිවාස හිමියන්ගෙන්ද අවසර ලබාගෙන තිබිණි.

ත්‍රස්තවාදීන් හා ආරක්ෂක හමුදා අතර විටින් විට සටන් විරාම පැවැතුණද ඒවා අතරමග බිඳවැටිණි. ඒ වනවිට අනුරාධපුර නගරයේ සිට ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ පිහිටි ස්ථානය දක්වා දිවෙන සිංහ කුලුන සහිත මාර්ගයේ දෙපස විදුලි පහන් කණුවල විදුලි ආලෝකය බිඳවැටී තිබුණු වකවානුවකි. කේබල් දෝෂයක් මත ක්‍රියා විරහිතව ගිය විදුලි ආලෝකය නොමැති වීම නිසා ජයශ්‍රීමහා බෝධිය අවට ප්‍රදේශය ඇඳුරේ පැවැතිණි. එවැනි අවස්ථාවක මා ඇමැතිවරයා සමග ජයශ්‍රීමහා බෝධිය වැඳපුදා ගැනීමට ඉහළ මළුවට ගියේද අටමස්ථානාධිපති නාහිමියන්ද කැටුවය. එවැනි අවස්ථාවක සිංහ කුලුන මාර්ගය අඳුරේ පැවැතීම ශ්‍රීමහා බෝධීන් වහන්සේටද අනතුරුදායක බව එම මාර්ගය ගැන දන්නා සෑම දෙනාටම පැහැදිලි වූ දර්ශනයක් විය. එම මාර්ගයේ විදුලි පහන් කණු අතරට අලුතෙන් කේබල් ඇතිරීමට ඒ වනවිට රුපියල් ලක්ෂ 37ක මුදලක් අවශ්‍ය බව ඉංජිනේරුවරුන් ඇස්තමේන්තු කර තිබුණද එය ක්‍රියාවට නැංවීමට එවක පැවැති රජයේ උනන්දුවක් නොවීය. එම නිසා අදාළ ලිපිගොනු කොළඹටත්, යළි අනුරාධපුරයටත් හුවමාරු වෙමින් තිබුණා විනා එම කටයුත්ත ඉටු නොවීය.

මමත්, ඇමැතිවරයාත්, අටමස්ථානාධිපති හිමියනුත් ගොස් ජයශ්‍රීමහා බෝධිය වැඳපුදාගත් අවස්ථාවේ හඬ අවදි කළ ඇමැතිවරයා නායක හිමියන්ට පවසා සිටියේ සිංහ කුලුන මාර්ගය අඳුරේ පැවැතීම ගැන මා හට විස්තර කිරීම සුදුසු බවයි. ඒ පිළිබඳ අටමස්ථානාධිපති නාහිමියන් පැවැසුවේ ශ්‍රීමහා බෝධිය වැඳපුදාගෙන යෑමට පැමිණෙන රජයේ ඉහළම බලවතාගේ සිට පහළම පුද්ගලයා දක්වා මේ ප්‍රශ්නය අසා දැනගෙන පොරොන්දු දී ගියත් මෙතෙක් එය ඉටුකර දීමට පියවර නොගත් බවයි. එයින් නාහිමියන් මටද කියාපෑවේ මේ සම්බන්ධයෙන් මා දැනුවත් කළද ප්‍රතිඵලයක් නොලැබෙනු ඇති බවයි. එවිට මා උන්වහන්සේට මෙසේ සඳහන් කළෙමි.

‘අපේ නායක හාමුදුරුවනේ, මේ ප්‍රශ්නය මට සිරස ගුවන්විදුලියේ ප්‍රවෘත්තිවලින් ප්‍රචාරය කරන්න පුළුවන්….’
එහි අවසන් ප්‍රතිඵලය ලැබුණු විට එය සිරස නිසා ලැබූ ජයග්‍රහණයක් ලෙස ප්‍රසිද්ධියේ පැවැසීමට කරුණික වන ලෙසද මම උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළෙමි. ඒ අනුව කටයුතු කරන්නට නායක හිමියන් මට පොරොන්දු වූයේද ජයශ්‍රීමහා බෝධීන්වහන්සේ අබියසදීමය.

මා අනුරාධපුරයේ සිට පැමිණි දෙවැනි දවසේ දහවල 12.30 ප්‍රවෘත්ති විකාශයට එම ගැටලුව සම්බන්ධයෙන් පුවතක් ඇතුළත් කළෙමි. සිංහ කුලුන මාර්ගය අඳුරේ පැවැතීම ශ්‍රීමහා බෝධියට අනතුරුදායක බව නාහිමියන් පවසන බවත්, එම මාර්ගය ආලෝකවත් කිරීමට රජයේ ඉහළම බලවතාගේ සිට බොහෝ දෙනකු පොරොන්දු ලබාදී තිබුණත් තවමත් එම පොරොන්දු ඉටුවී නොමැති බවත් උන්වහන්සේ සඳහන් කරන බවත් එම ප්‍රවෘත්තියෙන් කියැවිණි. එම පුවත සිරස ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග රජයේ ඉහළම තැන සිට විදුලිබල අමාත්‍යවරයා දක්වා වූ පිරිස්වල විශේෂ අවධානයට එය ලක්විය. ඒ අනුව විදුලිබල ඇමැති අනුරුද්ධ රත්වත්තේ විසින් පත්කළ කමිටුව එදිනම අනුරාධපුරයට ගොස් කේබල් එළීම කඩිනම් කළේය. ඒ සඳහා යන වියදම යළි තක්සේරු කර වසර තුනක් තිස්සේ පමාවූ වැඩ යළි ඇරැඹිණි. එම කමිටුවේ සිටි මොනරාගල ප්‍රදේශයේ දේශපාලනඥයකු මෙන්ම විදුලිබල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා මගේ හිතවතෙකි. ඔහු, අදාළ කමිටුව මෙම කේබල් එළීම සම්බන්ධයෙන් ගන්නා අලුත් තීරණ ගැන විටින් විට මා දැනුවත් කළේය. ඒ ගැනද මා අවස්ථා කිහිපයකදී සිරස ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශයට ඇතුළත් කළෙමි. ඒ අනුව වැඩ කඩිනම් වී එම වසරේ වෙසක් පොහොයට පෙර සිංහ කුලුන මාර්ගයට විදුලි ආලෝකය ලබාදීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමට දින නියම විය.

මේ අතර, අනුරාධපුර ප්‍රදේශය නියෝජනය කළ තවත් ප්‍රබල දේශපාලනඥයකු රජයේ විද්‍යුත් මාධ්‍යයක් සමග එකතු වී මෙය ඔවුන්ගේ බලපෑම මත කඩිනම් වූ ව්‍යාපෘතියක් බවට පවසමින් විදුලිය විවෘත කිරීමේ උත්සවය සංවිධාන කරන්නට විය. එය දැනගත් විගස මා අටමස්ථානාධිපති නාහිමියන්ට ඒ ගැන පැවැසුවෙමි. එවිට නාහිමියන් පැවැසුවේ, ‘මගේ තැන සිදුකරන දේ මටත් අයිති දෙයක්. එදාට වෙන දේ බලාගන්න…’ යනුවෙනි.

ඒ අනුව, විවෘත කිරීම පැවැති දින සිංහ කුලුන මාර්ගය විදුලි ආලෝකයෙන් බබළවන්නට දායක වූයේ වෙන කවුරුවත් නොව සිරස මාධ්‍ය ජාලය බව නාහිමියන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හේතුවෙන් උරණ වූ අදාළ දේශපාලනඥයා විදුලිය විවෘත කිරීම සිදුකොට ශ්‍රීමහා බෝධීන්වහන්සේ වැඳපුදාගැනීමෙන් තොරවම ආපසු පිටව ගියේය. එම උත්සවයට මටද ආරාධනා ලැබී තිබුණද මම නාහිමියන්ට පවසා සිටියේ විදුලිය විවෘත කිරීමේ උත්සවයට මා සහභාගි නොවන බවත්, මා එදා ශ්‍රීමහා බෝධීන් වහන්සේට භාරවූ අන්දමට, එම භාරය ඔප්පු කිරීමට අටමස්ථානාධිපති නාහිමියන් වැඩසිටින විහාරයට එදින රාත්‍රී 10ට පැමිණෙන බවත්ය. ඒ අනුව මමත් මගේ බිරියත් රාත්‍රී 10ට නාහිමියන් හමුවීමට ගිය අවස්ථාවේ, විදුලි ආලෝකය විවෘත කර පිට පාරේම ගිය දේශපාලනඥයාට සූදානම් කර තිබූ මල්වලින් පිරීගිය රිදී බන්දේසිය උන්වහන්සේ මා අත තැබුවේ උන්වහන්සේ සමගම උඩ මළුවට ගොස් භාරය ඔප්පු කිරීමටය.

සිංහ කුලුන මාර්ගය ශ්‍රීමහා බෝධීන්වහන්සේ දක්වා වූ මාර්ගය යළි එළිය වැටුණේ සිරස ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයෙන් ලබාදුන් ප්‍රචාරය නිසා බවත්, එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ මා බවත් සඳහන් කළ පුණ්‍යානුමෝදනා ලිපියක් එවක අටමස්ථානාධිපති නාහිමියන් විසින් පසු දිනෙක සිරසට එවා තිබිණි. එම ලිපියේ මෙසේ සටහන් කර තිබිණි.

2001.05.21
පුණ්‍යානුමෝදනාවයි…
අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය වසර තුනක පමණ කාලයක සිට අඳුරේ තිබීමත්, වගකිවයුත්තන්ට හා අදාළ අංශ බලධාරීන්ට කොතෙක් කරුණු කීවත් ඵලක් නොවී තිබුණු මොහොතක සිරස මාධ්‍ය ආයතනය දායක වීම නිසා ඉතා ඉක්මනින් වෙසක් පෝයට පෙර එම කටයුත්ත කරවා ගැනීමට හැකිවීම ගැන ඔබතුමාටත්, සිරස මාධ්‍ය ආයතනයටත් මගේ පුණ්‍යානුමෝදනාපූර්වක ස්තුතිය මෙයින් පිරිනමමි.
විශේෂයෙන්ම මෙහිදී සිරස ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ ප්‍රේමලාල් විජේරත්න මහතා විසින් බලධාරීන්ට නිතර නිතර අවදි කරවීම නිසාම ප්‍රතිඵල ඉක්මනින් ලබාගැනීමට හැකි වූ බවද සඳහන් කරනු කැමැත්තෙමි.
ඔබ සැමට උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි…

මෙයට අනුරාධපුර අටමස්ථානාධිපති නායක ස්ථවිර

විදුලිය විවෘත කිරීමේ උත්සවයේදීද ඒ පිළිබඳ අටමස්ථානාධිපති නාහිමියන් සත්‍යය ප්‍රකාශ කිරීමට නිර්ලෝභී වූ අන්දම ගැන සිතන විට අදටත් මා හට දැනෙන්නේ අඳුරේ තිබූ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩසිටින ප්‍රදේශයට ආලෝකය ලබාදී මා සිදුකරගත් මාහැඟි පින්කම පිළිබඳ නිරාමිස සතුටකි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ආණ්ඩු හොල්ලපු පුංචි ඡන්ද 3ක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

බංකොලොත් රටටත් හොදටම වැඩේ දීලා! ඡන්දයක්වත් නැතිව පිනට ජනාධිපති වුණු රනිල් එයාගේ ආර්යාවයි තව 10ක් එක්ක ලන්ඩනයේ පුද්ගලික ට්‍රිප් එකක් යන්න ආණ්ඩුවේ සල්ලි කෝටි ගාණක් වියදම් කරලා! මෙන්න බඩු! රට හැදුවලු! ඔන්න හදපු හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.