• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ තේරීම ඉන්දියාවද? චීනයද? Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරගේ තේරීම ඉන්දියාවද? චීනයද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනාධිපතිවරු තේරී පත්වුණාම පළමු විදේශ සංචාරය යන්නේ ඉන්දියාවටය. 1994 ජනාධිපතිවරණය ජයගෙන චන්ද්‍රිකා පළමුව ගියේත් ඉන්දියාවටය. 2005 මහින්ද ජනාධිපති වී පළමුව ගියේ ඉන්දියාවටය. 2015 මෛත්‍රී ජනාධිපති වී පළමුව ගියේත් ඉන්දියාවටය. 2019 ගෝඨාභය ජනාධිපති වී පළමුව ගියේත් ඉන්දියාවටය. 2022 රනිල් පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති වී ඉන්දියාවට ගියේ වසරකට පසුවය. එයට හේතුව ඊට පෙර රනිල්ට එන්න කියා ඉන්දියාවෙන් ආරාධනාවක් නොලැබුණු නිසාය. (Sri Lanka Latest News)

දකුණු ආසියාවේ රාජ්‍ය නායකයන් බලයට පත්වූ විට තම පළමු සංචාරය ඉන්දියාවට යෑම සම්ප්‍රදායකි. මේ සම්ප්‍රදාය කඩා ඇත්තේ ඉන්දියාවත් සමග එතරම් හොඳ හිතක් නැති මාලදිවයින් ජනාධිපති සහ මෑතකදී අගමැති ධුරයට පත් බංග්ලාදේශ අගමැතිය. දකුණු ආසියාවේ සම්බන්ධතා ගැන උනන්දුවක් දක්වන අය බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින සහ බංග්ලාදේ ජනාධිපතිවරු අනුගමනය කරයිද කියාය. අනුර කුමාර ජනාධිපති වීමට පෙර පළමු විදේශ නිල සංචාරයකට ආරාධනා ලැබුණේ චීනයෙන්ය. ඔහු 2023 දෙසැම්බරයේ එම චීන සංචාරයට ගියත් එම සංචාරයට ප්‍රසිද්ධියක් ලබාදුන්නේ නැත. ඔහු ඉන්දියාවේ ආරාධනය මත ඉන්දීය සංචාරයකට ගියේ ඉන් පසුවය.

දැන් අනුර කුමාරට ඇත්තේ දුෂ්කර තේරීමකි. පළමුව ඉන්දියාවට යනවාද නැත්නම් චීනයට යනවාද කියන තේරීමය. ඔහු මේ දුෂ්කර තීරණය මැද සිරවී සිටියදී ඉන්දීය විදේශ ඇමැති මේ සතියේ ලංකාවට ඒමට නියමිතය. 2019 ගෝඨාභය ජනාධිපති වූ විගස ඉන්දීය විදේශ ඇමැති ලංකාවට පැමිණ ගෝඨාභය රාජපක්ෂ හමුවී ඔහුට පළමු විදේශ සංචාරය ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ගෝඨාභය ඉන්දියාවට ගියේය. පසුව ඔහුට චීනයෙන් ලැබුණු ආරාධනය ඔහු කොවිඩ් හේතුවක් ලෙස පෙන්වා මඟහැරියේය.

මේ සතියේ ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ ඇමැතිවරයා අනුර කුමාරට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කරනු ඇත. මීට පෙර හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට ගිය වෙලාවේ ඉන්දීය අගමැතිට ලංකාවට ඒමට ආරාධනා කළේය. ඉන්දීය අගමැතිවරයා ඒ ආරාධනය පිළිගත්තද ආවේ නැත්තේ ලංකාවේ ජනාධිපතිවරණය නිසාය. ලංකාවේ නව ජනාධිපති අනුර ඒ ආරාධනය අලුත් කරයිද කියා තවම නිශ්චිතව කිව නොහැකිය. ඉන්දීය විදේශ ඇමැති ලංකාවට එන්නේ අදානිගේ ව්‍යාපෘති කැන්සල් කරන බවට අනුර ජනාධිපතිවරණය ආසන්නයේ 2024 සැප්තැම්බර් 16 ප්‍රකාශ කොට තිබියදීය.

අනුර කුමාරගේ සතියක පමණ පාලන කාලය දෙස බලන විට ඔහු සිස්ටම් එකේ ලොකු වෙනසක් නොකර යන්න වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්න තිබේ. විදේශ ඇමැති විජිත හේරත් කියන්නේ මෙය ඉන්ටරිම් කැබිනට් එකක් නිසා රාජ්‍ය යාන්ත්‍රණයට බාධා වන දේ නොකරන බවය. ඉන්දීය විදේශ ඇමැති ලංකාවට ආවාට තම විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමට අනුරගේ ආණ්ඩුව මහ මැතිවරණය තෙක් කල් ගන්නා බව පෙනෙන්න තිබේ. ඒ අනුව ඔහුගේ පළමු විදේශ සංචාරයද මහ ඡන්දයට පසුව සිදුවනු ඇත.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන රනිල් හංගපු වාර්තා දෙක වහාම ප්‍රසිද්ධ කරන්න! ඒ වාර්තා දෙන කියවලා අනුර කටුවාපිටියෙ ගියා නම් අර අහපු ප්‍රශ්නවලට වැනෙන උත්තර දෙන්න වෙන්නෙ නෑ! වාර්තා දෙක ප්‍රසිද්ධ නොකළොත් මිනිස්සු හිතයි ‘රනිල් ගිහින් රනිල් ඇවිත්’ කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජෝතිපාලත් රස්සාව කළා! ජීවිතේ පටන් ගත්තේ බිරිඳගේ ඉඩම උකස් තියලා! සේවකයන්ට බෝනස් 4ක් දුන්නා! කවදාවත් අරක්කු සිගරට් කටේ තිබ්බේ නෑ! තාත්තාගේ දේපළවලට පයින් ගසා බින්දුවෙන් පටන් අරන් ව්‍යාපාරික ලෝකය හෙල්ලූ මාතර හරිස්චන්ද්‍ර! Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.