• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්ධනාගාර දෙපාර්තමේන්තුවම දෙදරුම් කැවූ අනුරගේ පොදු සමාව ! නිදහස් කරලා තියෙන්නේ ලෝක හොරෙක්! Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
බන්ධනාගාර දෙපාර්තමේන්තුවම දෙදරුම් කැවූ අනුරගේ පොදු සමාව ! නිදහස් කරලා තියෙන්නේ ලෝක හොරෙක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවකු වූ පුද්ගලයකු ජනාධිපති පොදු සමාව යටතේ මුදාහැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතුවී තිබේ. අදාළ විත්තිකරු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව එම බැංකු කළමනාකාරවරයාට එරෙහිව නඩු පවරා තිබූ අරුණ ඉන්දික සෝමරත්න නමැත්තකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. ඒ, රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට අදාළව තමන් පැමිණිලිකරු ලෙස ඉදිරිපත් වෙමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ පවත්වාගෙන ගිය එච්සී/69/2018 අංක දරන නඩුවේ චූදිතයාව එකී චෝදනාවට වරදකරු කර කළ බවත්, දඬුවම් නියම කර දඬවම් නියෝගය ක්‍රියාත්මක කිරීමටත් පෙර චූදිතයාට ජනාධිපති පොදු සමාව ලබාදී ඇති බවත් පවසමිනි. මේ සම්න්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඔහු එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. Sri Lanka Latest News

මේ අතර, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයකට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු ජූනි 09 දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

රු. 4,000,000ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬවම් නියම කර සිටි විත්තිකරුවකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට එරෙහිව පැවැති නඩුවෙන් නිදහස් කර මුදාහරින ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබිණි. මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව ජූනි 05 යළි කැඳවූ අවස්ථාවේදීය. එහිදී, අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරන ලදී.
අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ, අනුරාධපුර මහාධිරණය හමුවේ පැවැති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වැනිදා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදාහැර ඇති බවය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළේ, විත්තිකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදාහරින ලෙසය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මුල් ප්‍රතිචාරය
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක ජුනි 06 නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෙසක් පොහොය දිනය වෙනුවෙන් පොදු සමාව පිරිනැමීම යටතේ අදාළ පුද්ගලයා නිදහස් කළ බවය.

එම නිවේදනය පහත දැක්වේ. (ව්‍යාකරණ දෝෂ සහ අක්ෂර දෝෂ නිවැරදි කර ඇත)
‘අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගරගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර, ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මගින් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇත.

2025.05.12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වනවිට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත්වය.

ඒ අනුව, මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අස්සන් කළ බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදාහැරිණි.

මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍ර කර සිදුකරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.’

‘විත්තිකරුගේ නම ලැයිස්තුවේ නෑ’ – ජනාධිපති මාධ්‍ය අංශය
කෙසේ වෙතත්, මෙම මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ජුනි 07 නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘2025.05.06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපති කාර්යාලය වෙත එවා ඇති පොදු සමාව හිමිවිය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත වන අතර, එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ’ බවය.

‘එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැත’ යැයි එහි වැඩිදුරටත් සඳහන්ය.
බන්ධනාගාර අධිකාරිවරයා විසින් එවන ලද ජනාධිපතිවරයා විසින් අස්සන් තැබූ එම ලැයිස්තුවේ අදාළ පුද්ගලයාගේ නම ඇතුළත් නොවුණේ නම් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට ලිඛිතව ඉදිරිපත් කළ ලියවිල්ල ප්‍රශ්නසහගතය.

මේ සිදුවීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ජූනි 06 දින ‘ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව’ යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.
එම පරීක්ෂණයට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ජූනි 09 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

විත්තිකරු වරදකරු කළ තීන්දුව
මෙම නඩුව මීට පෙර පසුගිය මැයි මස 02 වැනිදා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් තීන්දු කළාය. ඒ අනුව, මුදලින් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය.
ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළාය.
තවද විත්තිකරු විසින් වින්දිත පාර්ශ්වය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ විස්සක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.
එසේ නියම කළ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම සඳහා එම නඩුව ජූනි 05 වැනිදා යළි කැඳවීමටද එදින නියෝග කළාය.

චෝදනාව කුමක් ද?
2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජූනි මස 09 වැනි දින අතර කාලය තුළ විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබාගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාරදෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ හතළිහක් සාපරාධ විශ්වාසය කඩකරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදුකරන ලැදයි ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි. එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බධන්යෙන් විමර්ශන මෙහෙයවා තිබිණි.
විත්තිකරු අදාළ මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයා ලෙස ක්‍රියාකරමින් මෙම වරද සිදුකර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණි.

නඩු 20කට අධික සංඛ්‍යාවක විත්තිකරු
එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර, අනුරාධපුර මහාධිකරණයේද තවත් නඩු කිහිපයක් පවතින බව අප වාර්තාකරු පවසයි. ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ ඒවා වීම විශේෂත්වයකි.
එම නඩුවල පැමිණිලිකරුවන් වන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකි. ඔහු මූල්‍ය වංචා සිද්ධියකට මීට පෙරද අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ අයෙකි.

මේ අතර, මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා ජුනි 06 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. නඩු 20කට අධික සංඛ්‍යාවකට විත්තිකරු වී සිටින පුද්ගලයෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක සමාව දුන්නේ කෙසේ දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමතූ අවස්ථාවේදී ඔහු පැවසුවේ, අදාළ සිද්ධිය පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවය.

විත්තිකරුට එරෙහිව පවතින නඩු
විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නැමති විතිත්කරුට එරෙහිව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවල අංක සහ එම නඩුවලට අදාළව වංචා කරන ලද බව කියන මුදල් ප්‍රමාණයන් පහත පරිදිය.

● නඩු අංක බී/1069/2014: තම්මැන්නාපුර, අනුරාධපුර පදිංචි එච්.ඒ. කරුණාතිලකගෙන් රු. 5,000,000.00
● නඩු අංක බී/1078/2014: ගොඩගේ මාවත, අනුරාධපුර පදිංචි තිළිණ බංඩාරගෙන් රු.12,900,000.00
● නඩු අංක බී/1073/2014: රන්පත්විල, කහටගස්දිගිලිය පදිංචි එස්. යසරත්න සිරිවර්ධනගෙන් රු.3,000,000.00
● නඩු අංක බී/1532/2014: කහටපිටිය, කෑගල්ල පදිංචි එම්. ජී. එස්. එම්. හපුවත්තගෙන් රු.18,800,000.00
● නඩු අංක බී/2237/2014: හේපාගෙදර වත්ත පදිංචි බංඩා සෝමසිරිගෙන් රු. 6,000,000.00
● නඩු අංක බී/2236/2014: පැරකුම් උයන, දෙවන පියවර, අනුරාධපුර පදිංචි බී. එම්. පණ්ඩුකගෙන් රු. 7,000,000.00
● නඩු අංක බී/1403/2014: පාසල් මාවත, අලවතුගොඩ, පන්නිපිටිය පදිංචි බන්දුල හෙට්ටිආරච්චිගෙන් රු. 14,300,000.00
● නඩු අංක බී/1245/2014: මැහිපල, රද්දොලුගම පදිංචි දේවප්‍රිය රොද්‍රිගෝගෙන් රු. 53,525,000.00
● නඩු අංක බී/2238/2014: හෝකන්දර පාර, තලවතුගොඩ පදිංචි එස්. ඩබ්. ඒ. ගාමිණී විමලානන්දගෙන් රු. 3,500,000.00
● නඩු අංක බී/1813/2014: ගුවන්තොටුපොළ පාර, අනුරාධපුර පදිංචි ආනන්ද හේරත්ගෙන් රු. 16,952,174.00
● නඩු අංක බී/1244/2014: කරපිට ඇළ මාවත, ගම්පහ පදිංචි ටී. එම්. අරුණ පාලිතගෙන් රු.62,000,000.00
● නඩු අංක බී/2626/2014: ගල්ගමුවේ පදිංචි සාගල සියඔලන්ගමුව සහ කේ. එම්. ජයරත්න යන අයගෙන් රු. 62,000,000.00
● නඩු අංක බී/1530/2014: 75/සී, ජයසිරිපුර, අනුරාධපුර පදිංචි එම්. ඩබ්. ප්‍රේමදාසගෙන් රු.17,000,000.00
● නඩු අංක බී/1070/2014: අංක 87/25/ඒ, ධර්මපාල මාවත, අනුරාධපුර පදිංචි සාගර කුරුප්පුසූරියගෙන් රු.49,000,000.00
● නඩු අංක බී/949/2014: අජිත් ප්‍රියන්ත අබේරත්නගෙන් රු. 74,100,000.000
● නඩු අංක බී/970/2014: කරුණාරත්න ස්ටෝර්ස්, තන්තිරිමලේ පදිංචි ආර්. කරුණාරත්නගෙන් රු. 2,000,000.00
● නඩු අංක බී/1243/2014: කයිලපොතාන, මඩාටුගම පදිංචි සරත් රත්න දේශප්‍රියගෙන් රු. 98,000,000.00
● නඩු අංක බී/3500/2014: ගුවන්තොටුපොළ පාර, අනුරාධපුර පදිංචි ආර්. සුනිල් බර්ට්‍රම් ප්‍රනාන්දුගෙන් රු. 30,500,000.00
● නඩු අංක බී/1401/2014: ගුවන්තොටුපොළ පාර, අනුරාධපුර පදිංචි එම්. එච්. ලලිත් සොභාෂණගෙන් රු. 7,200,000.00
● නඩු අංක බී/996/2014: ඤානික්කුලම, සමගිපුර, අනුරාධපුර පදිංචි එම්. ඒ. බංඩාරගෙන් රු. 1,200,000.00
● නඩු අංක බී/1399/2014: තඹුත්තේගම පාර, එප්පාවල පදිංචි බී. එච්. බී. රත්නසිරි දිසනායකගෙන් රු.18,150,000.00
● නඩු අංක බී/1534/2014: කොඳමලි හෝටලය, අනුරාධපුර පදිංචි ඩබ්. ඒ. අබේරත්නගෙන් වංචා කර ඇති බව කියන මුදල රුපියල් 41,975,000.00
● නඩු අංක බී/2628 /2014: පොලිසිය හංදිය, එප්පාවල පදිංචි ටී. එම්. ඒකානායකගෙන් රු. 10,000,000.00
● නඩු අංක බී/2253/2014: විමුක්ති පටුමග, නව නගරය, අනුරාධපුර පදිංචි ඉන්දික සෝමරත්නගෙන් රු.4,000,000.00
● නඩු අංක බී/1402/2014: සෝමරත්න මාවත, බෙල්ලන්විල පදිංචි ටී. බී. ජනත් දිල්ෂාන් මුනිදාසගෙන් රු. 9,300,000.00
● නඩු අංක බී/1531/2014: ගම්පහ පදිංචි එල්. බී. ඩී. චන්ද්‍රසිරිගෙන් රු. 16,000,000.00
● නඩු අංක බී/1400/2014: ෆ්‍රැන්සිස් පාර, වැල්ලවත්ත පදිංචි කේ. ජෙගනාදන්ගෙන් රු.124,000,000.00
● නඩු අංක බී/1533/2014: ගුවන්තොටුපොළ පාර, අනුරාධපුර පදිංචි ඩී.එල්. ධනංජය වෛද්‍යරත්නගෙන් රු. 13,077,400.00
● නඩු අංක බී/1071/2014: දෙවැනි පියවර, අනුරාධපුර පදිංචි සම්පත් රෝහණ ධර්මදාසගෙන් රු. 4,000,000.00
● නඩු අංක බී/1679/2014: සමගිපුර, පළමු පටුමග, බුද්ධගයා මාවත, අනුරාධපුර පදිංචි ටී. එම්. පද්මසිරි සිල්වාගෙන් රු. 6,100,000.00
● නඩු අංක බී/1074/2014: අංක 953, දෙවන පියවර, අනුරාධපුර පදිංචි අනුරංග සම්පත් කුරුකුලසූරියගෙන් රු. 496,800.00%

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

අනුරගේ ජයග්‍රහණය අනුදිගේ පරාජය සහ රට යළි බංකොලොත් වීමේ අවදානම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

බදුල්ලේ දුෂ්කර රෝහලක පැය 24ම වැඩකරනවා! ගෙවල්වලටත් ගිහින් මිනිස්සු සුවපත් කරනවා! හැමෝම සචිත් වගේ දොස්තර කෙනෙක් වෙන්න බලන්න! එතකොට රටම ලස්සන වේවි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.