සිය නිව්යෝර්ක් සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව වෙනුවෙන් පත්කොට ඇති විශේෂ නියෝජිතයා මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සර්ජියෝ ගෝර් මහතා හමුවීමටද පියවර ගත්තේය. හෙතෙම ට්‍රම්ප්ට අතිශය සමීප අයෙකු වන අතර, ට්‍රම්ප්ට බලපෑම් කිරීමේ විශාල හැකියාවක් ඇති අයෙකු ලෙසද ප්‍රසිද්ධය. කෙසේ වෙතත් මෙම හමුවේදී ජනාධිපතිවරයා හා ගෝර් අතර චීන ආයෝජන සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා වූයේ නැත. එහිදී සාකච්ඡා වූයේ ට්‍රම්ප් රජය විසින් ලංකාව ඉලක්ක කොට පනවා ඇති 20%ක තීරුබද්ද තවදුරටත් අඩුකර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ය. ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන්ය. මෙහිදී සිදුවූ විශේෂම සිදුවීම වූයේ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සාගර කලාපය ආරක්ෂා කිරීම සඳහා තවත් වෙරළාරක්ෂක නෞකාවක් ලංකාවට ලබාදීමට එකඟතාව පළවීමය. මීට පෙරද ඇමෙරිකාව ලංකාවේ වෙරළාරක්ෂාව වෙනුවෙන් තවත් නෞකාවක් ලබාදීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම මෙම නව නෞකාවට අමතරව සී1-30 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ලබාදීමට සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයාට පොරොන්දු විය. එහිදී ජනාධිපතිවරයා බොහෝ සතුටට පත්ව ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයට සිය විශේෂ ස්තුතිය පළකිරීමටද පියවර ගෙන තිබිණි.Sri Lanka Latest News
අනුරට ඇදුණු ලොතරැයිය
මෙම සාකච්ඡාවේදී තවත් විශේෂ වරප්‍රසාදයක් ජනාධිපතිවරයාට යෝජනා කිරීමටද හෙතෙම පියවර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ තමන් කෙළින්ම ට්‍රම්ප් සමග කටයුතු කරන නිසා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ට්‍රම්ප් සමග කතා කළ හැකි බවත්, එම නිසා ජනාධිපතිවරයාට ට්‍රම්ප් සමග කතා කිරීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක තමන්ට කතාකරන ලෙසත්, තමන්ට එම ඇමතුම ට්‍රම්ප්ට සම්බන්ධ කළ හැකි බවත්ය. මෙය ජනාධිපතිවරයාට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් විය. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ ජනාධිපතිවරයා ට්‍රම්ප් සමග සිදුකරන සාකච්ඡාවලදී ලංකාවට වාසියක් ගන්නවාට වඩා ට්‍රම්ප් මෙය ලංකාවේ චීන ආයෝජන නැවැත්වීම සඳහා උපයෝගී කොට ගනීද යන්න කියාය.
රාජ්‍ය රහස්!










