• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක ජනාවාස දින සමරමින් අනුර ගෙවල් 1000ක් බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

October 5, 2025
in Exclusive
Reading Time: 22 mins read
A A
ලෝක ජනාවාස දින සමරමින් අනුර ගෙවල් 1000ක් බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.Sri Lanka Latest News

එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිණි.

නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු විය.

UN Habitat ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයේ සහ Coalition for Disaster Resilient Infrastructure (CDRI) ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්‍රදානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමද මෙහිදී සිදු කෙරිණි.

විවිධ හේතුන් මත නිවාස ඔප්පු ලබා දීම ප්‍රමාද වී තිබු ප්‍රතිලාභීන් දහසකට ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව ප්‍රතිලාභීන් 357 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය, නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික හැකියාවක් නොමැති දිළිදු පවුල් දහසකට රුපියල් මිලියනය බැගින් මූල්‍ය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව 157 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්තව පැවැත්වුණු චිත්‍ර තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන්වල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත තිළිණ ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

මේ අතර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පාසල් දරු දැරියන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය සහ නිවාස සැලසුම්කරණයට අදාළ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන නැරඹීමටද ජනාධිපතිවරයා එක් විය.

මෙම උත්සව සභාව ඇමතූ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් වත්මන් රජය පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

එමෙන්ම නිවස පිළිබඳ සංකල්පය සමාජය තුළ කතිකාවට බඳුන් කරමින් නිවාස සැලසුම්කරණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබෙන බවත් සියලු ජනතාවට ආරක්ෂිත, සුවපහසු සහ ගෞරවනීය ජීවන පරිසරයක් උදාකර දීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසිය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතාගේ ජනාවාස දින පණිවිඩය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩසටහන් කළමනාකරු හර්ෂිනී හලංගොඩ මහත්මිය විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවාය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර යුසුෆ් හනීෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීහුද, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) නව්‍යා සිංග්ලා මහත්මිය ඇතුළු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රන්ජිත් ආරියරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්ම මහත්මීහුද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-10-05

SendShareShare
Previous Post

අනුරට අමෙරිකාවේදී ලොතරැයියක් ඇදෙයි! I Sri Lanka Latest News

Next Post

බලය ගන්න ආණ්ඩුව කියපු බොරු සහ බලය අරන් ආණ්ඩුව කරන බොරු! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 9 වන අදියර අරන් සජිත් කලාවැවට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්…! රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.