• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේ ජෝර්ජිවා හමුවුණා! ලැමී හමුවුණා! හවස අනුර ඉන්දියා ගියා! PHOTOS I Sri Lanka Latest News

February 17, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
උදේ ජෝර්ජිවා හමුවුණා! ලැමී හමුවුණා! හවස අනුර ඉන්දියා ගියා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.Sri Lanka Latest News

එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී IMF ලබා දුන් සහයෝගයට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර, ‘දිට්වා’ ලෙස හඳුන්වන විශාල ආපදා තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ ද ආර්ථික ස්ථාවරත්වය නිසා බව පෙන්වා දුන්නේය.

‘දිට්වා’ අභියෝගය හමුවේ දේශපාලනය හා ආර්ථිකය එකිනෙකට පටලවා නොගෙන කටයුතු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, උදාකරගත් ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාම රජයේ ඊළඟ අරමුණ බව ද සඳහන් කළේය.

එමෙන්ම, ආපදා තත්ත්වය හමුවේ වැඩිම පීඩාවට පත් වූයේ ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාව බව පෙන්වා දී, ඔවුන් ආර්ථික වශයෙන් නඟා සිටුවීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත්, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී IMF හි තවදුරටත් සහාය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ආපදා සහන කටයුතු සඳහා IMF විසින් ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් කළාය. 

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගත් කඩිනම් පියවර සහ අභියෝග හමුවේ සැලසුම් සහගතව යළි නැඟී සිටීමට දක්වන කැපවීම ඇය ඇගයීමට ලක් කළාය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත ආර්ථික වර්ධනයක් සම්පූර්ණ කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටද මෙහිදී එකඟතාව පළ විය.

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට සංචාරයක නිරත එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy මහතා අතර හමුව අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් සහ මෑතකාලීනව සිදු වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැඟෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක් බවද සඳහන් කළේය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ මුහුණ දීමට සිදු වූ  අමිහිරි අත්දැකීම සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,  ඒ වෙනුවෙන් අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේදී සංචාරක කර්මාන්තය, අපනයන සහ විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත්, එහිදී සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත්, එක්සත් රාජධානියට එහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි වනු ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම එක්සත් රජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිතු දම සිහිපත් කරමින් සංචාරක ක්ෂේත්‍රය සහ අපනයන වෙළෙඳපොළ තුළ එක්සත් රාජධානිය මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දෙන පුළුල් දායකත්වයත්, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේදී සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී  මෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟළුම සඳහා පනවා තිබු තීරු බදු ඉවත් කරමින් ලබා දුන්  සුවිශේෂී සහායත් කෘතවේදීව අගය කළේය.

එක්සත් රාජධානීය සහ ශ්‍රී ලංකාව අතර බැඳීම ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy මහතා සෑම විටම ශ්‍රී ලංකාවට ඉතා සමීප රටක් ලෙස කටයුතු කිරීමට ලැබීම ඉතා අගය කරන බවත්, මේ වන විට ශ්‍රී ලංකාව අනුගමනය කරන ආර්ථික සහ සමාජ පරිවර්තනය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම,  ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සෑම ධනාත්මක වැඩසටහනකදීම එක්සත් රාජධානියේ පූර්ණ සහාය ලබා දෙන බවටද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වූහ.

යුද්ධයෙන් පසු යළි ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී වත්මන් රජය අනුගමනය කරන වැඩසටහන් සහ ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති  පුළුල් සංවර්ධන වැඩපිළිවෙළද ඇගයීමට ලක් කරමින් ඒ සඳහා සහාය ලබා දෙන බවටද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick, උප අග්‍රාමාත්‍යවරයාගේ ජාත්‍යන්තර ඒකකයේ ප්‍රධානී David Meyer යන මහත්වරු ඇතුළු එක්සත් රාජධානියේ නියෝජත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු එක්ව සිටියහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිතය.

දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.

එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-02-17

SendShareShare
Previous Post

ජනතාවට බදු ගහන්න..! පුරපතියට සැප විඳින්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හමුදාවටත් දුම්රිය එළවන හැටි උගන්වන්න තීරණය කරයි! විරෝධය පළකරමින් අද රෑ සිට දුම්රිය රියැදුරන් කෝච්චි නවත්වයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.