දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News
අද (11) පස්වරුවේ ගම්පහ පැවති මැතිවරණ රැලිය අමතමින් ඒ මහතා ඒ බව පැවසීය.
“මේ වනවිට එය සම්පූර්ණයෙන් අවසන්. තව යම් ප්‍රමාණයක් තියෙනවා. 2028 දී තමයි අපි ණය ගෙවන්න පටන් ගන්නේ. 2028 දී අපි ගෙවිය යුතු ණය අපි ගණනය කරලා තියෙනවා. එම ණය පංගුව ගෙවිය හැකි ආර්ථිකයක් ආණ්ඩුවට හදන්න පුළුවන්. මහ මැතිවරණය නිමාවී දින දෙකකට පසුව IMF කණ්ඩායම ලංකාවට එනවා. එවිට අපි තුන් වන සමාලෝචනය අවසන් කරලා ජනවාරි අග, පෙබරවාරි මුල වෙනකොට ඒ කටයුත්ත අවසන් කරනවා. එවිට ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවර භාවයක් අපිට ලබාගන්න පුළුවන්.”










