• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අනුරපුරේ සංචාරයක! ඓතිහාසික ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී! රුවන්වැලිසෑයේ ආගමික වතාවත්වලටත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

October 5, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
අනුර අනුරපුරේ සංචාරයක! ඓතිහාසික ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී! රුවන්වැලිසෑයේ ආගමික වතාවත්වලටත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.Sri Lanka Latest News

අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර ජය ශ්‍රී මහා බෝ මළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේදී අටමස්ථානාධිපති හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක හිමි, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඥානින්ද හිමි, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමි, අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි හිමි, ඓතිහාසික ඉසුරුමුණි රාජමහා විහාරාධිපති පූජ්‍ය මතව සුමංගල හිමි, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.

මෙහිදී කෙටි අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ රට, ජාතිය, ආගම සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කර මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වගකීම ජනාධිපතිවරයාගේ දෙවුර මත පැටවී තිබෙන බවයි.

එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එම කටයුතු සාර්ථකව ඉටු කිරීමට මහා විහාරයේ භික්ෂුන් වහන්සේ ලෙස ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරන බව අටමස්ථානාධිපති හිමියන් සඳහන් කළහ.

එමෙන්ම මෙරට පවතින දේශපාලන මඩ ගොහොරුව සිහි බුද්ධිය ඇති ප්‍රඤ්ඥාසම්පන්න අයෙකුට
හැසිරීමට සුදුසු භූමියක් නොවන බවද සඳහන් කළ උන්වහන්සේ යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කිරීමට නව ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාස කරන බවද සඳහන් කළහ.

රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, නව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගනිමින් යහපත් දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළහැකි නම් එය ඉතා වටිනා කාර්යයක් බවත් අටමස්ථානාධිපති හිමියන් පෙන්වා දුන්හ.

අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක්වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ උප සභාපති සුසන්ත නවරත්න, මහාචාර්ය සේන නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවන්ට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-10-05

SendShareShare
Previous Post

මනූෂගේ කාලේ රටවිරුවන්ට ඉලෙක්ට්‍රික් වාහන ගේනවීමේදී කෝටි 120ක මහා වංචාවක් වෙලා! ගෙනාපු වාහන 119න් 75ක්ම ගෙන්වා ඇත්තේ එකම සමාගමකින්! විගණන වාර්තාවෙන් තහවුරු කරලා! Sri Lanka Latest News

Next Post

පුදුම හිතෙන විදියට යට ගියා! ඔන්න දැන් උඩ ඇවිත්! පියුමිගෙ කේස් එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.