අනුර කුමාර මහතා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදී නැගුව ප්‍රශ්නයට පිළිතුරු දුන් අලි සබි‍්‍ර අධිකරණ ඇමතිවරයාගේ පිළිතුරු කතාවට නැවත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අනුර කුමාර මහතා කියා සිටියේ…
“මං හිතනවා එතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කරා මගේ ප්‍රශ්නයට. ප්‍රශ්නයට අදාළ නොවෙන බොහෝ කරුණු පිළිබඳවත්. ඉතින් එතුමාගේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව වාචිකව ඔබතුමාගේ තියෙන කැපවීම, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉමු.”
‘ඔබත් මාත් ඉදිරියේ තමයි බොහෝ නඩු විභාග වෙන්නේ. අපි තීන්දු තීරණ දකින්නේ. ඒ නිසා වාචිකව තිබුණු කැපකිරීමත් ප්‍රායෝගිකව එහි භාවිතාව පිළිබඳවත් අපි බලාගෙන ඉමු.’ වැඩි දුරටත් අදහස් දක්වමින් අනුර කුමාර මහතා කියා සිටියේය.