මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායමට ලද බුද්ධි තොරතුරු අනුව අද පෙරවරුවේ මෙම වැටලීම සිදු කරනු ලැබුවා.
හොරොව්පතාන ප්‍රදේශයේ දී ඝාතනය කරන ලද ගවයින්ගේ මස් නීති විරෝධී ආකාරයෙන් කොළඹට රැගෙන එන බවට විශේෂ කාර්ය බලකායට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වුණු විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායම විසින් ගම්පහ ප්‍රදේශයේ සිට දෙහිවල දක්වා මස් ප්‍රවාහනය කළ ලොරි රථ දෙක ලුහුබැඳ විත් දෙහිවල ප්‍රදේශයේ දී සෝදිසියට ලක් කරල තිබුණා.එහිදී ඝාතනය කරන ලද ගවයින්ගේ හිස් හතළිහක් පමණ මෙහි තිබූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා මෙම ගවමස් පරික්ෂා කළ අතර එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවයි.කිලෝ හයදහසකට අධික ගවමස් ප්‍රමාණයක් මෙහිදී සොයා ගෙන තිබෙනවා.සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගවමස් ප්‍රවාහනය කළ ලොරි රථ දෙකද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.
එම ගව මස් වල වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ එම ලොරි රථ දෙහිවල පොලීසියට භාරදී තිබෙනවා