රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ. Sri Lanka Latest News
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන රැසක් මේ වනවිට ගාලු මුවදොර අසල ගාල්කර ඇති අයුරු දැකගත හැකිය.
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විවිධ කාර්යයන් සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන්ට නිකුත් කර තිබූ රජයේ වාහන 97 ක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බව අනාවරණය විය.
එම වාහන ඊයේ (24) සිට මෙලෙස ගාල්කර ඇත්තේ එම කාර්යාලයට යාබද ගාලු මුවදොර ආසන්නයේය.
එම වාහන භාවිත කළ පුද්ගලයින් නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙලෙස වාහන ගාල්කර ගොස් ඇතැයි අද එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙලෙස ගෙනවිත් දමා ඇති රථවාහන දැකබලා ගැනීමට මහජනතාවද පැමිණ තිබුණි.










