• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්කෝ හරියට කරන්න! බැරි නම් යන්න! නැත්නම් යවනවා! පොලිස් දින සැමරුමේදී අනුර පොලිසියට අවසන් නිවේදනය නිකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

September 4, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
CID එකේ ෆයිල් උඩ යන්නේ යට යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් උඩ එන්නේ යට යන්නේ කොහොමද? ලිපිගොනුවලට අවුරුදු 7ක් උධෘත නොදී තියෙන්නේ කොහොමද? අධිකරණයේ නඩුවක් නැවත් දිනයක් ගන්න මාස 7ක් 8ක් යන්නේ කොහොමද? අල්ලස් කොමිසම නඩු 114ක් ඉල්ලා අස්කරගත්තේ කොහොමද? විනිසුරුවරුන්-නීතිපති දෙපාර්තමේන්තුවේ-CIDයේ-අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපිට තියාගෙන ප්‍රශ්න කරයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස් නිල­ධා­රීන් සිටි­නුයේ මත්ද්‍රව්‍ය උව­දු­රට එරෙ­හිව කට­යුතු කිරී­මට වුවත් අත­ළො­ස්සක් එම වග­කීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හ­රින ලෙස ඉල්ලා සිටින බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.Sri Lanka Latest News

එසේ නොමැති නිල­ධා­රීන්ට රාජ­කා­රි­යෙන් ඉවත් වන ලෙසත් එසේ ස්වේච්ඡා­වෙන් ඔවුන් ඉවත් නොවන්නේ නම් සේව­යෙන් ඉවත් කිරී­මට සාක­ච්ඡා­කර තිබෙන බව ද ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

අද සමා­ජ­මය අභි­යෝ­ග­යක්ව පව­තින මත්ද්‍රව්‍ය උව­දුර සහ නීති විරෝධී අවි­ආ­යුධ යොදා ගනි­මින් සිදු කරන අප­රාධ වැළැ­ක්වීම සඳහා පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට විශාල වග­කී­මක් පැවරී තිබෙන බව සඳ­හන් කරන ජනා­ධි­ප­ති­ව­රයා, තම රාජ­කා­රිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිල­ධා­රින් ආරක්ෂා කිරී­මට රජය කට­යුතු කරන බවත්, ඒ වෙනු­වෙන් නොබි­යව පෙරට එන ලෙස පොලිස් නිල­ධා­රීන්ට ආරා­ධනා කළේය.

කිසිදු අප­රා­ධ­යක් කාලයේ වැලි තලා­වෙන් වැසී යාමට ඉඩ නොත­බන බවත්, අප­රා­ධ­ක­රු­වන් නීතිය හමු­වට ගෙන ඒමට කාලය කිසිදු බාධා­වක් නොවන බව පෙන්වා දෙන ජනා­ධි­ප­ති­ව­රයා අප­රා­ධ­යට හිමි දඬු­වම කව­දාද, කොතැ­නද කියා භේද­ය­කින් තොරව ලබා දීමට වත්මන් රජය කට­යුතු කරන බවද සඳ­හන් කළේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එසේ ප්‍රකාශ කළේ නීතිය සුර­කිමු – සාමය අග­යමු යන්න තේමා­වෙන් පැවැත්වූ 159 වන පොලිස් දින සැම­රුම් උත්ස­ව­යට සහ­භාගි වෙමිනි.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙය බම්බ­ල­පි­ටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූල­ස්ථාන ක්‍රීඩා පිටියේ දී ඊයේ (03) අභි­මා­න­වත් අන්ද­මින් පැවැ­ත්විණ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම උත්ස­ව­යට සහ­භාගි වීමට පැමිණි අව­ස්ථාවේ පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු, නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන් විසින් පිළි­ගන්නා ලදි.

පොලිස් සංස්කෘ­තික කණ්ඩා­යම විසින් ක්‍රීඩාං­ග­ණයේ තිබු විශේෂ පීඨි­කාව වෙත ජනා­ධි­ප­ති­ව­ර­යාව කැඳ­වා­ගෙන එන ලදි. එහි දී ජාතික ගීය වාද­නය කිරී­මෙන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් පළ­මුව ආචාර පෙළ­පා­ළි­යට සහ­භා­ගි­වී­මට සිටි පොලිස් බළ­ඇණි හත පරී­ක්ෂා­වට ලක්ක­රන ලදි. අන­තු­රුව සංව­ත්සර පෙළ­පා­ළිය ජනා­ධි­ප­ති­ව­ර­යාට උප­හාර දක්වන ලදි.

මෙයට පොලිස් නිල­ධා­රීන් මෙන්ම පොලිස් කාන්තා, විශේෂ කාර්ය බළ­කාය, පොලිස් නිල සුනඛ අංශය, පොලිස් අශ්වා­රෝ­හක බළ­කාය ද අය­ත්විය.

රට වෙනු­වෙන් දිවි දුන් පොලිස් නිල­ධා­රීන් සමරා විනාඩි දෙකක නිශ්ශ­බ්ද­තා­වක් මෙහි දී පැවැ­ත්විණ. ඉන්දු­නී­සි­යා­වට ගොස් පාතාල අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් කොටු­ක­ර­ගෙන මෙර­ටට රැගන ඒමට කට­යුතු කළ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී රොහාන් ඕලු­ගල සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර පොලිස් අධි­කාරී මහින්ද ජය­සු­න්දර මහ­ත්ව­රුන්ට ජනාධිපතිවරයා විසින් ජනා­ධි­පති පොලිස් වීර පද­ක්කම් පිරි­න­මන ලදි. මෙහි දී පොලිස් නිල­ධා­රීන් 4254කට උස­ස්වීම් ලබා­දීම ප්‍රකා­ශ­යට පත්ක­රන ලදී.

සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රුන් වන රොහාන් ඕලු­ගල සහ මහින්ද ජය­සු­න්දර නිල­ධා­රීන් ජන­පති පොලිස් විරු පද­ක්ක­මෙන් පිදුම් ලැබූ අයුරු

සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රුන් වන රොහාන් ඕලු­ගල සහ මහින්ද ජය­සු­න්දර නිල­ධා­රීන්
ජන­පති පොලිස් විරු පද­ක්ක­මෙන් පිදුම් ලැබූ අයුරු

මෙහිදී අද­හස් දැක් වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු නිල­ධා­රීන් විශාල ලෙස ප්‍රශං­සා­වට සහ ගෞර­ව­යට ලක් වන බොහෝ අවස්ථා අපි දැක තිබෙ­නවා. ඒ ගෞර­වය සහ ප්‍රශං­සාව අපේ රටේ අභි­මා­න­වත් පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වක් නිර්මා­ණය කිරීම වෙනු­වෙන් විශාල පිටි­ව­හ­ලක් වී තිබෙ­නවා. එම ප්‍රශංසා සහ ගෞර­වය වගේම පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට යම් විවේ­චන සහ දෝෂා­රෝ­පණ නොමැත්තේ නොවෙයි. ඒ නිසා වර්ත­මා­නයේ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කාරි කරන සියලු දෙනාගේ වග­කීම වන්නේ මෙම දෙපා­ර්ත­මේ­න්තුවේ ගෞර­වය සහ අභි­මා­නය තිර අදි­ට­න­කින් යුතුව ආරක්ෂා කර­මින් මහ­ජ­න­යාගේ ආර­ක්ෂා­වත්, රටේ ආර­ක්ෂා­වත් තහ­වුරු කිරීම සඳහා කට­යුතු කිරී­මයි.

සමස්ත පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට හිමි ගෞර­වය සහ අභි­මා­නය යළි අත්පත් කර ගැනීම සඳහා වත්මන් පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු ඔබ සිය­ලු­දෙනා කැප වී කට­යුතු කරයි කියා මම විශ්වාස කර­නවා. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව පිළි­බඳ පළ වන ඇතැම් ප්‍රවෘත්ති එත­රම් හිත­කර ප්‍රවෘත්ති නොවන බව අපි දන්නවා. 84,000කට ආසන්න පොලී­සියේ රාජ­කාරි කරන ඔබ අත­රින් කිහිප දෙනෙක් අතින් සිදු වන සිදු­වීම් සමස්ත පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­ව­ටම අගෞ­ර­ව­යක් ගෙන දෙන බව මතක තබා ගත යුතුයි. තමන් විසින් කරන සමාජ විරෝධි, නීති­වි­රෝධි ක්‍රියා­වක් නිසා සමස්ත පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වම අගෞ­ර­ව­යට පාත්‍ර වන බව මතක තබා ගත යුතුයි.

අපේ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව ඉතා ශක්ති­මත් පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වක්. ලංකාවේ ඕනෑම ආන්දෝ­ල­න­යට තුඩු දෙන සිදු­වී­මක් ඉතා වේග­යෙන් විම­ර්ශ­නය කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඔබ සමත් වී තිබෙ­නවා. ඒ නිසා ඉතා දක්ෂ පොලිස් නිල­ධා­රීන් අප සතු ව සිටි­නවා. ඒ වගේම දක්ෂ­තාව පම­ණක් නො ව, තමන් හමුවේ තිබෙන අභි­යෝග මතින් නිර්භීත ව පිය­මන් කිරී­මට අවශ්‍ය ධෛර්යය සහ කැප­වීම ඔබට තිබෙ­නවා. එහෙත්, අපේ රටේ ආන්දෝ­ල­න­යට තුඩු දුන් ඝාතන සහ අප­රාධ තිබෙ­නවා. එම ඝාතන සහ අප­රාධ පිළි­බඳ තොර­තුරු සොයා ගැනී­මට නොහැකි වූයේ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ අස­මත් වීම නිසාද? එය මම කිසි­සේත් විශ්වාස කරන්නේ නැහැ. අපේ රටේ සොයා ගැනී­මට නොහැකි වී තිබෙන අප­රාධ හෝ ඝාතන සොයා ගැනී­මට නොහැකි වී තිබෙන්නේ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ අද­ක්ෂ­භා­වය නිසා හෝ කැප වීම නොමැ­ති­කම නිසා නොවේ. සොයා­ගත නොහැකි සෑම අප­රා­ධ­යක් පිටු­ප­සම දේශ­පා­ලන බලය තිබුණා.

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් මොන තරම් වුව­ම­නා­ව­කින් සහ කැප­වී­ම­කින් එම විම­ර්ශන ක්‍රියා­ත්මක කිරී­මට උත්සාහ කළද දේශ­පා­ලන බලය විසින් එය අඩ­පණ කළ ඉති­හා­ස­යක් අපේ රටේ තිබෙ­නවා. අඩ­පණ කළා පම­ණක් නොව එම විම­ර්ශ­න­වල නිරත වූ නිල­ධා­රීන් හඹා ගෙන ගොස් පළි­ගැ­නීමේ සංස්කෘ­ති­යක් තිබුණා. නිවැ­ර­දිව රාජ­කා­රිය ඉටු කිරීම, පළි­ගැ­නී­මට හේතු­වක් බවට පත් වූ ඉති­හා­ස­යක් තිබෙ­නවා. අපේ ආණ්ඩු­වක් යටතේ එවැනි දෙයක් සිදු නොවන බවට මම ඔබට සහ­තික වෙනවා. ඔබ ඔබේ රාජ­කා­රිය රට වෙනු­වෙන් සහ මහ­ජ­න­තාව වෙනු­වෙන් ඉටු කරන්න නොබි­යව ඉදි­රි­යට එන්න.

ඒ වගේම, ඇතැම් සංකල්ප ගොඩ­න­ඟන්න උත්සාහ කර­නවා, මේ අප­රාධ සහ ඝාතන වසර 15ක් ගිය විට සුද්ධ වන බවට. එම ඝාතන කිසි­වක් කාලය විසින් සුජා­ත­භා­ව­යට පත් කරන්නේ නැහැ. අප­රාධ කිසි­වක් කාලයේ වැලි තලා­වෙන් යට­පත් වීමට ඉඩ දිය යුතු නැහැ. එම අප­රා­ධ­ව­ලට අදාළ සැක­ක­රු­වන් තව­මත් නීතිය හමු­වට පැමිණ වීමට නොහැකි වී තිබෙ­නවා නම්, එම­ඟින් කිසි­සේත්ම අප­රා­ධය සුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අප­රා­ධ­යට හිමි දඬු­වම කව­දාද? කොතැ­නද? කියා භේද­ය­කින් තොරව දඩු­වම් ලබා දීමට අපේ ආණ්ඩුව කට­යුතු කර­නවා. නීතිය ඉටු කිරීම සඳහා කාලය කිසිදු බාධා­වක් නොවෙයි.

ඒ නිසා පොලි­ස්ප­ති­තුමා ඇතුළු සියලු නිල­ධා­රීන්ට වග­කී­මක් පැවරී තිබෙ­නවා. මේ රටේ ජන­තාව ඔබ දෙස බලා සිටි­නවා. මේ සමා­ජය සාමාන්‍ය තත්ත්ව­යෙන් පවත්වා ගෙන යාම සඳහා ඔබගේ සේවය ඉතා සුවි­ශේ­ෂයි. ඔබගේ රාජ­කා­රිය නොවෙන්න මේ සමා­ජය මේ ආකා­ර­යෙන් පව­තින්නේ නැහැ. ඒ නිසා සමා­ජයේ යහ­පැ­වැත්ම සහ ස්ථාව­ර­ත්වය වෙනු­වෙන් ඔබගේ කාර්ය­භා­රය ඉතා වැද­ගත්.

අද අපේ රට මහ­ව­සං­ග­ත­ය­කට ගොදුරු වී තිබෙ­නවා. නග­ර­බ­දව පැවති මත්ද්‍රව්‍ය උව­දුර අද ඈත ගම්මා­නද ගිල­ගෙන තිබෙ­නවා. අද අපේ දරු­වන් මත්ද්‍ර­ව්‍ය­වල ගොදුරු බවට පත්ව තිබෙ­නවා. තරුණ ජීවිත විනාශ කර­මින් පවුල් විශාල ප්‍රමා­ණ­යක් දුප්ප­ත්භා­වයේ පතු­ල­ටම ඇද­දමා තිබෙ­නවා. මෙම ව්‍යාපා­ර­යට දේශ­පා­ලන මැදි­හත් වීම් තිබුණු බව අපි කවු­රුත් දන්නවා. ඒ සඳහා රජයේ වැද­ගත්ම ආය­ත­න­වල ප්‍රධා­නීන්ගේ මැදි­හත් වීම තිබුණු බව අපි දන්නවා. ඒ වගේම, පොලිස් නිල­ධා­රීන්ගේ යම් ප්‍රමා­ණ­ය­කද සහ­යෝ­ගය මේ සඳහා තිබූ බවට වාර්තා වී තිබෙ­නවා.

ඔබ සිටින්නේ එම උව­දු­රට එරෙ­හිව කට­යුතු කිරී­ම­ටයි. එහෙත් අත­ළො­ස්සක් එම වග­කීම පැහැර හැර තිබෙන බව අක­මැ­ත්තෙන් වුවද කිව යුතු ව තිබෙ­නවා. ඒ නිසා එම පැරණි පුරුද්ද අත්හ­රින්න කියා මම නිල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා. එසේ නැත්නම් ඔබ රාජ­කා­රි­යෙන් ඉවත් වන්න. ඔබ ස්වේච්ඡා­වෙන් එය නොක­රන්නේ නම් ඔබ සේව­යෙන් ඉවත් කිරී­මට අපි සාකච්ඡා කර තිබෙ­නවා. සෑම දෙපා­ර්ත­මේ­න්තු­ව­ක­ටම එයට හිමි ගෞර­වය අපි ස්ථාපිත කළ යුතුයි.

ඔබ සාමාන්‍ය පුර­වැ­සි­යෙක් නොවෙයි, ඔබ මේ සමා­ජයේ යහ­පැ­වැත්මේ සමස්ත බර දෙවු­රට ගෙන තිබෙ­නවා. ඔබ දෙස අපේ රටේ පුර­වැ­සි­යන් මහා බලා­පො­රො­ත්තු­ව­කින් බලා සිටි­නවා. ඔබ එය ඉටු කරයි කියන විශ්වා­සය අපිට තිබෙ­නවා. ඔබට ලැබෙන වැටුප ප්‍රමා­ණ­වත් නොවන බව අපි දන්නවා. ඔබගේ ජීවි­තය පවත්වා ගෙන යාම වෙනු­වෙන් ප්‍රමා­ණ­වත් වැටු­පක් හිමි විය යුතුයි. ඒ සඳහා යම් වැටුප් වැඩි වීමක් සිදු කිරී­මට අපි බලා­පො­රොත්තු වෙනවා. ඔබට අදි­යර කිහි­ප­ය­කින් එම වැටුප් වැඩි වීම සිදු වෙනවා.

අපේ රටේ නීතියේ ආධි­ප­ත්‍යය තහ­වුරු කර­මින් සාම­කාමී රටක් ගොඩ­නැ­ඟු­වොත් රට වේග­යෙන් සංව­ර්ධ­නය කරා ගෙන යාමට හැකි­යාව තිබෙ­නවා. අප­රා­ධ­ව­ලින් තොර, නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු වූ රාජ්‍ය­යක් ආර්ථික වශ­යෙන් ශක්ති­මත් වෙනවා. අපි එම රාජ්‍යය ගොඩ­නැ­ඟිය යුතුයි. අපි රටක් ලෙස ලබා ගන්නා ආර්ථික ජය­ග්‍ර­හණ සහ ප්‍රති­ලාභ පෙරළා ජන­තා­වට ලබා දෙනවා. එහි ප්‍රති­ඵ­ලය ලෙස ඔබට වඩා සුව­ප­හසු ජීවි­ත­යක් වෙනු­වෙන් ඔබට ලැබෙන වැටුප් සහ දීමනා වැඩි වෙනවා.

ඒ වගේම ඔබ විශාල දුෂ්කර රාජ­කා­රි­වල යෙදෙ­නවා. පැය 8 වෙනු­වට පැය 14 – 16 වැඩ කරන නිල­ධා­රීන් සිටි­නවා. ඒ වගේම, නිල­ධා­රීන්ගේ හිඟ­යක් තිබෙ­නවා. අපි දැනට 10,000ක් බඳවා ගැනී­මට අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා. ඒ වගේම, සහා­යක සේවා සඳහා සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් අනු­යුක්ත කිරී­ම­ටත් අපි බලා­පො­රොත්තු වෙනවා. ඒ නිසා, ඔබගේ දුෂ්ක­රතා මඟ­හ­රවා ගැනීම සඳහා ප්‍රමා­ණා­ත්මක වැඩි කිරීම් සිදු කර­නවා.

ඒ වගේම, වර්ත­මාන පොලී­සිය තව­දු­ර­ටත් බැටන් පොලු කර­ක­ව­මින් හන්දියේ සිටින කෙනා නොවෙයි. අපේ රාජ­කා­රිය වෙනස් නොවු­ණාට තාක්ෂ­ණය සහ විද්‍යාව විසින් අත්පත් කර ගන්නා ලද ජය­ග්‍ර­හණ සමඟ රාජ­කා­රිය ඉටු කරන ආකෘති වෙනස් වී තිබෙ­නවා. අද බොහෝ දේ තාක්ෂ­ණය හරහා ඉටු කර ගැනී­මට හැකි වී තිබෙ­නවා. ආණ්ඩු­වක් ලෙස ඒ කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කර තිබෙ­නවා . අපේ රට ඩිජි­ට­ල්ක­ර­ණයේ ශක්ති­මත් රාජ්‍ය­යක් බවට පත් කිරීමේ අර­මු­ණක් අපට තිබෙ­නවා. එහිදී, පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට නව තාක්ෂ­ණය සහ උප­ක­රණ ලබා දීමට අපි සූදා­නම්. අපිට නූතන පොලී­සි­යක් අව­ශ්‍යයි. ජාත්‍ය­න්ත­රය සමඟ එක හා සමාන ලෙස, වෘත්තී­මය ගෞර­වය පෙන්විය හැකි පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වක් අපි හද­නවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂ­ණය, දැනුම සහ පුහු­ණුව ලබා දෙනවා. ඒ වගේම ආක­ල්ප­මය වෙන­සක් සහි­තව අපි වැඩ කරමු. මහ­ජ­න­තා­වට සමීප පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වක් අපට අව­ශ්‍යයි. අපි සිය­ලු­දෙනා එක් වී එම නූතන පොලි­සිය ගොඩ­න­ඟමු කියා මම ආරා­ධනා කර­නවා. ගෞර­වය, විශ්වා­සය සහ මහ­ජන ළෙන්ග­තු­කම ගොඩ­නඟා ගත් පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වක් ලෙස අපි 160 වන පොලිස් දිනය සම­රමු.

පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා-

පොලිස් රාජ­කා­රිය ඉටු­කි­රී­මට ගිය නිල­ධා­රීන් 3000කට ආසන්න ප්‍රමා­ණ­යක් ජීවිත පරි­ත්‍යා­ග­යෙන් කට­යුතු කර තිබෙන අතර පූර්ණ ආබා­ධිත සහ ආබා­ධිත තත්ත්ව­යට පත්ව සිටින නිල­ධා­රීන් නව­සි­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක් ද මේ අව­ස්ථාවේ සිහි­පත් කර­නවා. පොලී­සියේ ගෞර­ව­යට හානි කරන කුමන තරා­ති­ර­මක පොලිස් නිල­ධා­රි­යකු වුවත් නිවැ­රදි කළ යුතුයි. මේ වන විට විවිධ විෂ­මා­චාර ක්‍රියා­වන්ට සම්බන්ධ වූ පොලිස් නිල­ධා­රීන් 338 දෙනකු සම්බ­න්ධ­යෙන් මෙම වර්ෂයේ වින­යා­නු­කූ­ලව කට­යුතු කර තිබෙ­නවා.

මේ වසර තුළ අයිස් මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ 1416ක්, හෙරො­යින් කි.ග්‍රෑ 946ක්, ගංජා කි.ග්‍රෑ 12802ක්, වෙනත් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ 1869ක්, මත්පෙති කරල් ලක්ෂ තුන­කට ආසන්න ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා.

ගිනි­අවි අත්අ­ඩං­ගු­වට ගැනීමේ දී T56 ගිනි­අවි සහ පිස්තෝල ගිනි­අවි ඇතු­ළුව ගිනි­අවි 1612ක් ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා.

විදෙස් රට­වල සිට මෙරට අප­රාධ මෙහෙ­යවූ 17 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන දිව­යි­නට රැගෙන ආවා. පසු­ගි­යදා ඉන්දු­නී­සි­යාවේ ජකර්තා අග­නු­වර දී ජාත්‍ය­න්තර පොලී­සිය සමඟ එක්ව අප­රාධ කල්ලි සාමා­ජි­ක­යින් 5 දෙනකු අත්අ­ඩං­ගු­වට ගැනීම පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව ලැබූ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක්. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව තුළ නිල­ධා­රීන් 30, 000ක හිඟ­යක් පව­ති­නවා. මෙම තත්ත්වය තේරුම් ගත් නව රජය මේ වසර තුළ නිල­ධා­රීන් 5000ක්ද, ලබන වසර තුළ නිල­ධා­රීන් 5000ක්ද බඳවා ගැනී­මට අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා. අනෙක් පිරිස බඳවා ගැනී­ම­ටත් අනු­මැ­තිය ලබා­දෙනු ඇතැයි මා විශ්වාස කර­නවා.

මෙම අව­ස්ථාව සඳහා කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වට­ගල, බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනීෆ් යූසුෆ්, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් රවී සෙනෙ­වි­රත්න, මහ­ත්වරු සහ ත්‍රිවිධ හමු­දා­ප­ති­වරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු ඇතුළු ශ්‍රී ලංකා පොලී­සියේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිල­ධා­රිහු රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

SendShareShare
Previous Post

සමාගම් 4කට විදුලි බල මණ්ඩලය කඩනවාට සේවකයෝ විරුද්ධයි! අද ඉඳන් අකුරට වැඩ! I Sri Lanka Latest News

Next Post

රිලව්-මොනරු ගණන් කළා! දූපතකට දානවා කිව්වා! වඳ කරනවා කිව්වා! දැන් ඒ මොනවත් නෑ! රිලව් එලවන්න දැන් අලුත් ක්‍රමයක් හොයාගෙන! බලමු ඒකවත් හරියයිද කියලා! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.