• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ද්විත්ව චරිතයකට අනුර ලෑස්තිවෙයි! පෙරමුණු දෙකකින් සටනට සූදානම්! එකක් රාජ්‍ය නිලධාරීන් එක්ක! අනික ජවිපෙ කාඩරය එක්ක! හරි මම බලාගන්නම්…! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 20, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ද්විත්ව චරිතයකට අනුර ලෑස්තිවෙයි! පෙරමුණු දෙකකින් සටනට සූදානම්! එකක් රාජ්‍ය නිලධාරීන් එක්ක! අනික ජවිපෙ කාඩරය එක්ක! හරි මම බලාගන්නම්…! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් අද ගොඩනඟා තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ දකුණු පළාත් වැඩසටහනට තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදි අද (20) පස්වරුවේ එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,

අපි මේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමේ තිර අදිටනකින් යුතුවයි. එයින් තොරව මේ රටට සංවර්ධනය, සාමය, සෞභාග්‍ය උදා වන්නේ නෑ. මේ උවදුර විසින් ගම් බිම් විනාශ කර, පවුල් සංස්ථාව විනාශ කරමින් තිබෙනවා. මේ උවදුර නිසා දෙමව්පියන් තමන්ගේ දරුවා සමාජයේ කිසිදු කාර්යයක් සමඟ මුහු කිරීමට බිය වී තිබෙනවා.

මේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නන් සහ එයට සම්බන්ධ වූවන් පොලිස් නිලධාරීන් පවා බියට පත් කරමින් තමන්ගේ ජාවාරම් කරගෙන යන තැනටම උවදුර උඩුදුවා තිබෙනවා. මටත් පරණ පුරුදු පාරේ යමින් ඔන්න ඔහේ ඕන දෙයක් කියලා මේ විනාශය නොදැක්කා සේ ඉන්න පුළුවන්. නමුත් අපි තෝරා ගත්තේ මේ ව්‍යසනයෙන් අපේ රටත් ජනතාවත් මුදා ගැනීමේ මාවතයි. මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේ මාවතයි. ඒක අද අපේ ඒකායන අරමුණ සහ අධිෂ්ඨානය බවට පත්වී තිබෙනවා. ඒක ඔබ අපි සියලු දෙනාගේ වගකීම නොවේද?

අපරාධකරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බලය නිර්මාණය කෙරුණේ දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන්. ජුලම්පිටියේ හිටපු නිකම්ම නිකං තරුණයෙකුට ඒ බලය ආරෝපණය කළේ දේශපාලකයන් විසිනුයි. සමහර අවස්ථාවල ජනාධිපති ආරක්ෂක අංශවලට පාතාල නායකයින් සම්බන්ධ කරගත්තා. සමහර පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්ඩලවලට, සමහර කුමාරවරුන්ගේ ආරක්ෂාවට පාතාල සාමාජිකයන් සම්බන්ධ කරගත්තා. අපි සහතික වෙනවා කිසිදු පාතාල නායකයෙකුට, අපරාධකරුවෙකුට හෝ කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණය අපේ පාලනයක් යටතේ ලබා දෙන්නේ නැති බවට. අපට ලැබුණ ජනවරමේ තිබෙන්නේ ඒ විශ්වාසයයි.

අපි සියලු දෙනා ඉලක්ක සහගතව එක අරමුණක ගමන් කරද්දී සමහරු වෙන වෙන මාතෘකා සාකච්ඡාවට ගනිමින් මේ දිශාව,සමාජ අවධානය වෙනස් කිරීමට උත්සාහ කරනවා. අපි ඒ බොරු වලවල් වල වැටෙන්නේ නෑ. අපි පොලිස් නිලධාරී මහත්වරුන්ට හා ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් කියනවා ඔබ ඔබේ නිල ඇඳුමේ ගෞරවය රැකගන්නා ලෙස.

මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේදී අපේ ගමත් සමාජයත් සමඟ සමීපව බැඳී සිටින පන්සලේ හාමුදුරුවන් වහන්සේලා, පල්ලියේ පූජකතුමන්ලා, කුරුක්කල් තුමන්ලා ඇතුළු ආගමික නායකයින්ට විශාල වගකීමක් තිබෙනවා.

අපේ ප්‍රවීණ රංගන ශිල්පීනි අනෝජා වීරසිංහ මහත්මිය වැනි කණ්ඩායම් ස්වේච්ඡාවෙන් බහුජන සංවිධාන හදාගෙන උවදුරට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය කරන්නට ඉදිරිපත් වී සිටිනවා ඒ නිසා මේ අයවැයෙන් අපි විශාල මුදලක් පුනරුත්ථාපන කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සමාජ විරෝධී පුද්ගලයකු බවට පත්වූ තරුණයා හෝ තරුණිය එම තැනට පත්වී තිබෙන්නේ ඔවුන්ගේ උපතින් ඇතිවූ පුරුද්දක් නිසා නොවේ. ඔවුන් මේ රටට වැඩදායි පුද්ගලයන් විය හැකියි. ඒ නිසා සෑම දිස්ත්‍රික්කයක්ම කේන්ද්‍ර කරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔබේ දරුවා, ඔබේ පවුලේ සාමාජිකයා අපට බාර දෙන්න. අපි නැවතත් කලින් හිටපු ඔබ බලාපොරොත්තු වූ ඔබේ දරුවා ඔබට ලබා දෙනවා.

දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ මේ ව්‍යසනය අද පටන් අරන් හෙට අවසන් කරන්න බෑ. මෙය අවසන් කරන තෙක් අඛණ්ඩව මෙහෙයුම් දියත් කරනවා. මේ ව්‍යසනයට එරෙහි සටන සෘජු අපරාධකාරයා සහ අපරාධයට එරෙහි වන්නා අතර සටනක් නොවේ. ඒ හා බැඳුණු දේශපාලන පෙරමුණක් තිබෙනවා. ඒ දේශපාලන පෙරමුණ අපි දේශපාලනයෙන් පරාජය කරනවා. ඒ සඳහා නිලධාරීන් සම්බන්ධ විය යුතු නැහැ. ඔබ අපරාධකරුවන් පිළිබඳ ඔබේ වගකීම ඉටු කරන්න.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-11-20

SendShareShare
Previous Post

විමල් හෙට නුගේගොඩ එන්නෙ නෑ! ඇයි ඒ විමල්..? VIDEO I Sri Lanka Latest News

Next Post

සජබයයි ශ්‍රීලනිපයයි කොන්ද පණ ඇති තීන්දුවක් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.