• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල්ගේ ITN එකට ඇවිත් අනුර පෙන්නපු ටෙලි නාට්ටිය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! EXCLUSIVE I Sri Lanka Latest News

June 8, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

2005 ජනාධිපතිවරණයේදී විවාදයකට එන්න යැයි එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ එක දිගට මහින්දට ලිපි ලීවේය. ඔහුගේ ප්‍රධානතම කොන්දේසිය වූයේ විවාදය කළ යුත්තේත්, විවාදය විකාශය කළ යුත්තේත් ස්වාධීන මාධ්‍ය ආයතනයක බවය. ආණ්ඩුවේ හොරණෑ වන ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ විවාදවලට එන්න තමා සූදානම් නැතැයි රනිල් ප්‍රසිද්ධියේ කීවේය.Sri Lanka Latest News

ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය ආණ්ඩුවේ හොරණෑ වූයේ ඒ චැනල් පටන්ගත් කාලයේය. අදටත් වෙනසක් නැත. රනිල් ජනාධිපති වූ විගස ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති ධුරයට පත්කළේ රනිල්ගේ සමීපතමයකු වුණු සුදර්ශන ගුණවර්ධනය. 2015 – 2019 ආණ්ඩු කාලයේ රනිල් ඔහුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත්කළේය. පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කළේය. රනිල් අගමැති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු යූ.ඇන්.පී. මාධ්‍ය කටයුතුවලට සම්බන්ධව සිටියේය.

එතකොට රනිල්ගේ ළඟම සගයකු සභාපති ධුරය දරන රනිල්ගේ හොරණෑව බවට පත්ව තිබෙන ස්වාධීන රූපවාහිනියේ විවාද කරන්න යන්න අනුර සජිත්ට ආරාධනා කරන්නේ ඇයි?
මේ සජිත්-අනුර විවාදය විකාශය කරන්න අද දෙරණ, හිරු, සිරස වැනි මාධ්‍ය සිය කැමැත්ත පළකරමින් නිවේදන නිකුත් කළේය. මේ එකදු නිවේදනයකට වත් අනුර කුමාර ප්‍රතිචාර දැක්වූයේ නැත. අනුර විවාද කරන්න කැමැති වූයේ රනිල්ගේ මාමාගේ පත්තරය වන ඩේලි මිරර් සහ රනිල්ගේ ආණ්ඩුවේ චැනල් එක වන ස්වාධීන රූපවාහිනියේය. ඩේලි මිරර් සහ ස්වාධීන රූපවාහිනිය සජිත්ටත්, සමගි ජන බලවේගයටත් දුවන්න ගහන මාධ්‍ය ආයතනයන්ය. ස්වාධීන රූපවාහිනිය සහ ඩේලි මිරර් රනිල්ගේ ප්‍රතිරූපය හදන, රනිල්ව ජනාධිපතිවරණයෙන් දිනවන්න වැඩකරන මාධ්‍ය ආයතන බව සජිත් සහ සමගි ජන බලවේගයම චෝදනා එල්ල කර ඇත. සජිත් තමාගේ කතා විකෘති කරන නිසා ඩේලි මිරර් වර්ජනය කරන බව ප්‍රකාශ කොට ඇත.

එසේ තිබියදී අනුර සිරස, සියත, ස්වර්ණවාහිනී, දෙරණ, හිරු පසෙකලා රනිල්ගේ පත්තරයයි, රනිල්ගේ චැනල් එකයි තෝරා ගැනීමෙන්ම රනිල් සහ අනුරගේත්, අනුර සහ රනිල්ගේත් ඩීල් එක බළලා මල්ලෙන් එළියට පනින්නා වගේ එළියට පැන තිබේ.

රනිල් – මහින්ද එක්ක හොරෙන් ඩීල් දාන කාලයේවත් කවදාවත් ස්වාධීන රූපවාහිනියට හෝ ජාතික රූපවාහිනියට ගියේ නැත. හේතුව, තමන් ස්වාධීන රූපවාහිනියේ හෝ ජාතික රූපවාහිනියේ ප්‍රචාරය ගතහොත් මහින්ද තමාට උදව් කරන බව පාක්ෂිකයන්ට හැඟේ යැයි රනිල් බියවූ නිසාය.

දේශපාලන අතදරුවකුට වුවද තේරුම්ගත හැකි මේ දේශපාලන තියරිය ජවිපෙ නායක අනුරට තේරුම් ගියේ නැත. ඔහු අයි.ටී.එන්. රූපවාහිනියේ විවාදයට ගියේ රනිල් සමග නාට්‍යයේ තිර පිටපත ලියලා බව හොඳටම පෙනෙයි. අනුර රනිල්ගේ අයි.ටී.එන්. එකට ගොස් සජිත්ට එන්න යැයි අභියෝග කළේ රනිල්ගේ පිළිසරණ පතමින්ය. ලංකාවේ කිසිදු විපක්ෂ නායකයෙක් බණ්ඩාරනායක මැතිනියගේ සිට චන්ද්‍රිකා, ගාමිණී, රනිල්, මහින්ද, සජිත් කවදාවත් ආණ්ඩුවේ මාධ්‍යවල රඟන්න ගිහින් නැත. මොකද ආණ්ඩුව සිය මාධ්‍යවල රඟන්න දෙන්නේ ආණ්ඩුවට කඩේ යන දේශපාලනඥයන්ටය.

ස්වාධීන රූපවාහිනිය හරහා අනුර සහ රනිල් එක්ක ඩීල් එකක් යනවාද කියා ජවිපෙ සමාජ මාධ්‍යම සැක පළකරන්න ගත්තේ ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකරුවකු වන උපුල් කුමාරප්පෙරුමට රනිල් ජනාධිපති නීතිඥ ධුරයක් පිරිනැමීමත් සමගය. උපුල්, සුදර්ශනගේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍යවල රඟපායි. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නීතිඥ ධුරයට හිමිකම් කියන ලැයිස්තුවේ උපුල්ගේ නම ප්‍රකාශයට පත්කිරීමත් සමග උපුල්ගේ මිත්‍ර සුදර්ශන ගුණවර්ධන සතුටු විය.

දැන් බලාගෙන යනකොට රනිල්ගේ ගෝලයෝත්, අනුරගේ ගෝලයෝත් වැඩකරන්නේ එකටය. අනුරට ඕනෑ තමන්ට දිනන්න බැරි නම්, රනිල්ව දිනවන්නටය. රනිල්ට ඕනෑ තමන්ට දිනන්න බැරි නම් අනුරව දිනවන්නටය. මේ දෙන්නාගේම හතුරා සජිත් ප්‍රේමදාසය.

අනුරගේ කැමැත්තෙන් ස්වාධීන රූපවාහිනිය සංවිධාන කරන විවාදය මෙහෙයවන්නේ සුධර්මන් රදළියගොඩය. සුධර්මන් රදළියගොඩ මහින්දලාගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලපු දැඩි රාජපක්ෂවාදියෙකි.

දැන් විවාදයේ තුන්ඈඳුතු කතාව හරි පැහැදිලිය. රනිල්ගේ මාමාගේ ඩේලි මිරර් පුවත්පතට හෝ රනිල්ගේ ආණ්ඩුවේ අයි.ටී.එන්. චැනල් එකට සජිත්ව ගෙනැවිත් මහින්දවාදී සුධර්මන් ලවා සජිත්ව ඉවර කිරීම අනුර – රනිල් – රාජපක්ෂ ඩීල් එකය. අනුරට රාජපක්ෂවරු අමුත්තන් නොවේ. අනුර 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂව කරේ තියාගෙන ගියේය. ඒ වගේම අනුරට, රනිල්ව අමුත්තෙකුද නොවේ. අනුර 2010 ජනාධිපතිවරණයේදී සහ 2015 ජනාධිපතිවරණයේදීද, 2015 දිනපු මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවටද රනිල් එක්ක ළඟින්ම වැඩකරපු නායකයෙකි.

අනුරට තියෙන ප්‍රශ්නය සජිත්ය. ඒක අනුරට තියෙන ප්‍රශ්නයකටත් වඩා රනිල්ට තියෙන ප්‍රශ්නයකි. අනුර මැදිහත් වන්නේ රනිල්ට ඒ ප්‍රශ්නය ඉවර කරලා දෙන්නටය. මේ දවස්වල ජවිපෙ නිල වෙබ් අඩවි බලනවා නම් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉන්නේ රනිල් එක්කය. සමගි ජන බලවේගය දෙකඩ වී මන්ත්‍රීවරු දුසිම් ගණන් රනිල්ට එකතු වෙන්න යනවා කියා ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් එවන නිවුස්වලට ලොකුම පබ්ලිසිටිය දෙන්නේ ජවිපෙ වෙබ් අඩවිය. සමගි ජන බලවේගය විනාශ කොට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල්ගේ දෙපා මුලට යවාගැනීම අනුරගේ හීනයකි. ඒ හීනය ජවිපෙ වෙබ් අඩවි, ජවිපෙ සමාජ මාධ්‍ය බලන විට පැහැදිලිව දකින්න පුළුවන.

ජනමත සමීක්ෂණවල අනුරව අංක එකට ගෙනාවේ වෙන කවුරුවත් නොව රනිල්ය. ‘එවිපෙ එනවා, එවිපෙ එනවා’ කිය කියා සමගි ජන බලවේගය බයකොට ජවිපෙට මුහුණ දෙන්න සමගි ජන බලවේගයත්, එජාපයත් එක්වී තමාව අපේක්ෂක කළ යුතු යැයි රනිල් යන යන තැන කිය කියා යයි. ජවිපෙ පුම්බන්නේ රනිල්ය. රනිල්ව පුම්බන්නේ අනුරය. මේ දෙන්නාටම වුවමනා සජිත්ගේ හුළං බස්සවන්නටය. රාජපක්ෂලාටත් ඕනෑ ඒකය.

සජිත්ව විනාශ කොට සමගි ජන බලවේගය සහ යූ.ඇන්.පී.ය එකට එකතු වී රනිල් දින්නොත් තමාට විපක්ෂ නායකයා විය හැකි යැයි අනුර හිතනවා විය යුතුය.

තමාට සමගි ජන බලවේගය කඩන්න බැරිවී තමාගේ අපේක්ෂකත්වය අවදානමට ලක්වුවහොත් සජිත් පරාජය කොට අනුර දින්නොත් සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගෙන සජිත් විනාශ කොට යළිත් විපක්ෂ නායකයා වියහැකි යැයි රනිල් හිතනවා විය යුතුය.

2015 ජනාධිපතිවරණයේදී රනිල් සහ අනුර මේ චිත්‍රපටයම රඟපෑවෝය. රනිල් තමාට දිනන්න බැරි බව දැන මෛත්‍රීපාල අපේක්ෂකයා කළේය. අනුරලා අපේක්ෂකයෙක් නොදමා රාජපක්ෂලාට ගහ ගහා රට වටේ ගියෝය. ඔවුන් අනියමින් සේවය කළේ මෛත්‍රී ජනාධිපති කොට රනිල්ව අගමැති කරන්නටය. අනුර හිතුවේ මෛත්‍රී දිනා ශ්‍රීලනිප නායකත්වය ගෙන, ශ්‍රීලනිප සහායෙන් රනිල්ව අගමැති කරගත් විට විපක්ෂය අල්ලන්න පුළුවන් කියාය. හැබැයි ඒක වුණේ නැත. අනුර, රනිල් වගේම ඩීල්කාරයෙකි. ඔහු බලන්නේ ඩීල් එකක් දමා ආණ්ඩුව සහ විපක්ෂය අල්ලන්ටය. අයි.ටී.එන්. විවාදය ඒ ඩීල් එකේම කොටසකි. 2015 වගේම මේ පාරත් ඩීල් එක ෆේල් වෙයිද කියා දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාජිත රනිල්ට සෙට් වෙයි! රාජිතවත් එක්කගෙන රනිල් ෆැක්ටරියක් විවෘත කරන්න යයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

දෙකයි ගැහුවේ දෙකම කුජීත වෙන්න කෑවා! ලංකාව ලෝක කුසලානයේ පළමු වටයෙන්ම එළියට විසිවෙයි? I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.